නූතනයේ මිනිසා තනන ගොඩනැගිලි වසර සියගණනකින් ගරා වැටෙද්දී අතීත රෝම අධිරාජ්‍යයට අයත් කොලෝසියම වැනි ගොඩනැගිලි වසර දහස් ගණනක් පැරණිවුවද අදටත් නොනැසී පවතින්නේ ඇයිදැයි සොයාබලා ඇති ඇමරිකා පර්යේෂක පිරිසක් රහස ඇත්තේ රෝම ජාතිකයින් භාවිතා කළ සිමෙන්ති බදාමයේ බව අනාවරණය කරගෙන තිබේ.
රෝම ජාතිකයින් බදාම තනන්න්ට යොදාගෙන තිබෙන්නේ ගිනි කදු පිපිරීම් වලින් ඉතිරිවන අළු, ජලය හා හුණු මිශ්‍රණයකි.
මේ අළු වල පුළිගු වැනි දේ ඇති බවත් ඒවා බදාමය සවිවූ පසු අමතර ශක්තියක් සපයනවා සේම පැලූම් ආදිය පැතිරයාමද වළක්වන බවත් සොයාගැනීමට හැකිවූ බව පර්යේෂක පිරිස කියති.
රෝමානුවන්ගේ බදාම තැනීමේ කලාව වර්තමානයේ අප යොදාගන්නා තාක්ෂණයට වඩා පරිසර හිතකාමී බවද සඳහන්ය.
මේ තොරතුරු යොදාගෙන දැන් පර්යේෂක පිරිස සැරසෙන්නේ රෝම යුගයේ බදාම මෙකල නිර්මානය කිරීමටය.සාර්ථක වුවහොත් කාලාන්තරයක් පවතින ගොඩනැගිලි ඉදිකිරීමට හැකිවනවා සේම පරිසරයද ආරක්ෂා කරගත හැකිවනු ඇති බව ඔවුහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු කෝවිද පුලිගුයි පලිගුයි අතර වෙනසවත් දන්නේ නැද්ද (නදී)
හලෝ සීගිරියේ බදාම ඔයිට වඩා තාක්ෂණයෙන් ඉහළයි. එතකොට පැරණි ලංකාවේ "ග්‍රැනයිට් පාෂාණ" බද්ධ කරන බදාමය තාම කවුරුවත් හොයාගෙන නෑ, ඒක හරියටම ගලේ ස්වභාවයටම ගැලපෙනවා. (නදී)
කුමාර්, අපේ දේ අපිට වටිනවා තමයි ඒකට ඉතින් බොරු කියලා හරියන්නේ නැහැනේ. සීගිරියට ගිහිල්ලා නැද්ද? සීගිරි මුදුනේ තියෙන්නේ නටඹුන් විතරයි. සීගිරියේ බදාම රෝම ගොඩනැගිලි වල බදාම වලට වඩා තාක්ෂණයෙන් ඉහළ නමි රේම ගොඩනැගිලි තවම පවතින්නයි, සීගිරි ගොඩනැගිලි නටඹුන් වෙන්නයි විදිගක් නැහැනේ.(හේ)
ඒ කාලේ තිබ්බ තාක්ෂණයට තාමත් අභියෝග කරන්න බෑ.(හේ)
ඒ ක්‍රමය හොයා ගත්තානම් හොදයිනේ.(හේ)
කමල්, සීගිරියේ බදාම බලන්න උඩට යන්න ඕනා නෑ, යන්න කැටපත් පවුරට, එහි දමා ඇති ඔපය සහිත බදාමයට සමාන බදාමයක් ලෝකේ කොහෙවත් නෑ. බොහෝ නටඹුන් වෙලා තියෙන්නේ කාලයාගේ අැවෑමෙන් නොව ආක්‍රමණ වල ප්‍රතිපල නිසා බව කරුණාවන් ඉගෙනගන්න. (නදී)
කමල්, සීගිරිය හදල තියෙන්නෙ කොලෝසියම හදපු දවසෙම නෙමෙයි. ඊට කලින්. මොනව උනත් සීගිරියෙ බදාමත් වටිනවා. රෝමෙ බදාමත් වටිනවා. ගුනමකුවන් (ගුනය මකන්නන්) නොවී මොන ජාතියක කෙනෙක් උනත් කරපු හොද දේ හොදයි කියන්න පුරුදු වෙමු. (නදී)