චීනයේ ජින්ස්හු ප්රදේශයේ කලා උළෙලක සංචාරක මගපෙන්වන්නියක ලෙස ස්ථාන ගත කර සිටි රොබෝවරියකට නරඹන්නන් ‘‘අතවර‘‘ කිරීම නිසාවෙන් ඇය ඉවත් කිරීමට කලා උළෙලේ සංවිධායකයන්ට සිදුවිය.
නිල් පැහැ ගවොමකින් හා දිගු කොණ්ඩයකින් සරසා තිබූ මෙම රොබෝවරිය සැබෑ මිනිස් කතකට සමාන ලෙස නිර්මාණය කර තිබිණි.
ඇයගේ පෙනුම නිසාම ඇය වෙත ආකර්ෂණය වූ ‘‘මිනිස්‘‘ නරඹන්නන් ඇය සමග සිට ඡායාරූප ගැනීමටත්,ඇතැමුන් එයිනුත් එහා ගොස් ඇයගේ ඇදුම අස්සෙන් අත දමා නොයෙකුත් විකාර කරන්නට යාමත් නිසා රොබෝවරිය ඉවත් කිරීමට තීරණය කළ බව සංවිධායකයින් කියයි.
නරඹන්නන්ගේ ‘‘කි්රයාකාරකම්‘‘ වලට හසුවූ රොබෝවරිය දැන් සිටින්නේ ඒවායින් සිදුවූ ‘‘හානි‘‘ නිසාම කි්රයාවිරහිතවය.
අනෙක් වාරයේදී උළෙලට රොබෝවෙක් යොදාගන්නේනම් එය රොබෝවෙක් ලෙස තබනවා මිස මිනිස් ලක්ෂණ නොදී සිටීමට තමන් මෙයින් උගත් බව සංවිධායකයින් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික රොගීන් වෙන්න ඇති වෙන වෙන වැඩ කරපු අය.(නදී)
යකඩ වලටත් අතවර කරනවද දැන්? (නි)
හොද වෙලාවට ලංකාවට මෙයාව ගෙනාවේ නැත්තේ. පලා බබාලාට අහුවුණා නම් රොබෝ මිනිස් පරපුරකුත් හදලයි නවතින්නේ. (නි)
දුමින්දගේ කතාව නියමයි (නි)
අනේ දෙයියනේ (අ)
"මේකත් ලෝකයක්ද මර්තේලිස් ?" කිව්වලු. (නි)
මට මතක් වෙන්නේ ඉතාලියේ රෝමියෝ ජූලියට කෞතුකාගාරය බලන්න වෙරෝනාවට ගිය එක. ජුලියට්ගේ ලෝහ පිළිමයේ සමහර කොටස් මිනිස්සුන්ගේ අත්වලට මැදිලම අනෙක් කොටස්වලට වඩා දිලිසෙනවා. අනේ මෙහෙමත් මානසික ලෙඩ්ඩු! (නි)
චීනයේ ගැහැණු නැද්ද ඇත්තටම? (නි)
උපාලි, ජුලියට්ගේ ලෝහ පිළිමයේ වම් පැත්ත ගැනනේ ඔයා කියන්නේ. එය කිසිම පහත් හැගීමකින් මිනිසුන් අල්ලනවා නෙමෙයි. ජුලියට්ගේ හදවත ස්පර්ශ කරනවා කියලා හිතාගෙන එය කරන්නේ. ඔයා හිතේ වෙන දෙයක් තියාගෙනයි එය නරඹලා තියෙන්නේ.. (නි)
දම්මි , චීනයේ ගැහැණු නැත්නම් ඔයා මොකද කරන්නේ? ඔයා යනවද? (නි)
යකඩ වලටත් ඉන්න නොදෙන මිනිස්සු...? (නි)