මේ දිනවල යුරෝපය පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජර්මනියේ, ප්‍රංශයේ සහ ඔස්ට්‍රියාවේ නගර සහ ගම් බොහෝ ගණනක් ගංවතුර තර්ජනයකට මුහුණදී ඇත. දැනට ගංවතුරෙන් යටවෙමින් පවතින්නේ ලෝකයේ දියුණුම රටවල් වුවද මෙවන් විපතක් පිලිබඳ අනතුරු හැඟවීමක් කිරීමට එම රටවල කාලගුණ විද්‍යාඥයින් හට හැකිවුයේ නැත.
මේ හේතුවෙන් බොහෝ පිරිසක් ගංවතුර උවදුරට ගොදුරුවු බව වාර්තාවී ඇත.
එසේ වුවත් එම එකම රටකවත් ජනමාධ්‍ය මඟින් පිළිබඳව රජයන් හෝ බලධාරීන් විවේචනයට ලක්කිරීමක් සිදුවන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට සියලුම ජනමාධ්‍ය හරහා ගංවතුරෙන් ආරක්ෂාවීම පිළිබඳව අත්‍යාවශ්‍ය තොරතුරු මහජනතාව වෙත සැපයීමට දිවා රාත්‍රියේ වෙහෙසෙන බවක්ද දක්නට ඇත.
දැනට වාර්තාවී ඇති අන්දමට ප්‍රංශයේ පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර ගේදොර, පශු සම්පත් සහ වතුපිටි වලට විශාල වශයෙන් අලාභ හානි සිදුවී ඇත.
මේ අතර බවෙරියාවේ සිම්බාර්හ් නඟරයේ නිවාස තුළ ජලයේ ගිලි මියගිය පුද්ගලයින් හතර දෙනකුගේ මළ සිරුරු හමුවූ බවද ඒජන්සි වාර්තාවල දැක්වෙයි.
බ්‍රහස්පතින්දා සවසවරුවේ සිට පැරිසියේ ලොව පතල ලුව් කලා භවන, අයිෆල් කුලුන ඇතුළු ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක්ම ජලයෙන් යටවීම හේතුවෙන් වසා දැමීමට සිදුවූ බවද සඳහන් වෙයි.
ජලගැල්මෙන් විපතටපත් සියලුම දෙනා බෝට්ටු සහ හෙලිකොප්ටර් යොදා ඔවුන් හිරවී සිටි ස්ථානවලින් බේරාගැනීමට කටයුතු යොදා ඇත.
මේඅතර පාසල් සිසුහුද බොහෝ ගණනක් වෙති.
වසර 150 කට ඉහත කාලගුණ වාර්තා සකස්කිරීම ආරම්භවූ වකවානුවේ සිට මෙතෙක් ඇතිවූ දරුණුතම ජලගැල්ම මෙය බව ප්‍රංශයේ ජාතික කාලගුණ වාර්තා ආයතනය කියයි. යුරෝපයේ බොහෝ රටවල ජුනි මාසය පුරා වැසි සහිත කාලගුණයේ වෙනස් නොවන බවටද අනතුරු හැඟවීම් කර ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම පණ්ඩිත කතා නවත්තලා, අපිට ආපදාවක් වෙන හැමදාමත් මේ මිනිස්සු උදවු කළා වගේ අපිත් මොනවාහරි උදවුවක් කරන්න බලමු, මනුසත් නාමයෙන් (නි)
අනතුරට පත්වූවන්ට ඉක්මන් සහනයක් ලැබේවා! (නි)
සොබා දහමට එදිරිව යාම ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඒ වගේම එරට වැසියන් වගේම දේශපාලකයින් අනුන් විවේචනය නොකර එම අනතුරුවලට මුහුණදුන් හැටි ප්‍රසංශනීයයි. ඒ තමා බුද්ධිමත්කමේ ස්වභාවය. අපේ අයියලා බලාගෙන ඉන්නේ තව කෙනෙක් අනතුරේ වැටෙනවා බලන්න. පොඩි උදව්වක් කරලා පත්තරේට ෆොටෝ එක දමාගෙන ප්‍රසිද්ධ වෙන්නට. (නි)
ලෝකයේ සෑම රටකම වගේ මිනිසුන්ට බොහොම නරක කාලයක් මේ ගෙවෙන්නේ (නි)
අනියත සොබාවය නියත කරන්න උත්සහ කලද සොබාවය සොබවයම බව තේරුම් ගන්න දැන්වත් උත්සහ කරන්න, (හේ)
පවු අහිංසක මිනිස්සු! (නි)
අනේ දෙවියනේ මෙහෙමත් විනාශයක්! (නි)
සාධාරනීකරණය කරන්න හදන්න එපා ලංකාවේ තත්ත්වය.. මේ වතාවේ රජයෙන් ලැබුණු දායකත්වය ඉතාම අඩුයි. කිසිම විධිමත් වැඩපිළිවෙලක් තිබුනේ නැහැ ඔවුන්ට.. විපත් ඇතිවිය හැකියි. ඒවා කළමනාකරනය කරගැනීමයි වැදගත් (හේ)
තෙරුවන් සරණින් සියලු සත්වයෝ සුවපත් වේවා! චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන සියලු දුකින් නිදහස් වේවා! (නි)
නොහැකියාව සාධාරනිකරණය කරන්න එපා .(ම)
ජීවිතයේ යථාර්ථය මෙයයි. සොබා ධර්මයට අපි අවනත වෙමු. (නි)
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ... කොහොමද සංවර්ධනයේ ප්‍රතිඵල? (නි)
පැණි වරක ගහටත් එහෙනම් හෙන ගැහුවා (හේ)
හැම රටකටම ඔය වගේ දේවල් වෙනවා.(හේ)
දුක තමයි (හේ)
ස්භාවික විපත් වෙනවා ඒ දේවල් වෙන්න වලට මුහුණ දෙන්න වෙනවා කාටත් (හේ)
මේ සැම දෙයක්ම දෙවියන් වහන්සේගේ කැමැත්තට වෙන්නේ. සැමට ජේසු පිහිටෙන් කරදරයක්නම් වෙන්න එපා.(ම)
අනපේක්ෂිත සිදුවෙන සියල්ල සොබාව ධර්මයාට මිස දේශපාලනීකරණය නොකරන්න බුද්ධිමත්ව හිතන්න (බ)