ග්‍රීසියේ කුඩා දූපතක් වූ ඩෙලොස් දිවයින ආසන්න ඒජින් මුහුදේ තිබී පැරණි ජනාවාසයක නටඹුන් සොයාගත හැකි වූ බව පර්යේෂකයෝ කියති. ඔවුන් පවසන්නේ අඩි හයක් යට මුහුදු පත්ලේ තිබී මැටි බඳුන් පිළිස්සූ පෝරණුවක් හා මැටි භාජන රැසක් සොයාගත හැකි වූ බවයි. එහි තිබී පිළිස්සූ මැටිවලින් තැනූ වළං 16ක් ද සොයාගත හැකිවී ඇත.
කළකට ඉහත හමුවූ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත මේ ස්ථානය පිළිබඳ සොයා බැලූ විද්‍යාඥයන්ගේ මතය වී තිබුණේ එතැන වරායකට අවශ්‍ය උපකරණ තිබූ බවයි. එස් වුව ද එතැනින් හමුවූ ද්‍රව්‍ය ගැන කරන ලද පර්යේෂණයට අනව තහවුරු වී ඇත්තේ එය වරායක කොටසක් නොව පැරණි ජනාවාසයක් බවයි.
පර්යේෂකයන් පවසන්නේ මේ ස්ථානය අතීතයේ මැටි භාණ්ඩ නිෂ්පාදනාගාරයක් ව තිබෙන්නට ඇති බවයි. එතැන කර්මාන්තයකට අදාල අනිකුත් ගොඩනැගිලි පිහිටි ස්ථානයක් බව ද තහවුරු කරගෙන ඇත. කඩා වැටුණු කණු පේලි හා බිත්ති සැකිළි කොටස් මුහුදෙන් හමුවී ඇත.
ඔවුන් පවස්න්නේ මෙය පැරණි රෝම ජනාවාසයක් බවයි. කර්මාන්ත ශාලවක් ලෙස සැළකෙන කොටස් ඉදිරිපසින් ගල් සහිත තාප්පයක අවශේෂ ද හමුවී ඇත. කෙසේ වෙතත් මුහුදු ජලයේ බලය අඩු කිරීමට යෙදූ සත්‍ය ජලකඩනයක් ද මේ ජනාවාසයේ ආරක්ෂාවට යොදා තිබූ බව තහවුරු වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ සටහනක්. (ස)
මෙය ස්වභාවයේ හැසිරීම අවබෝධ කර ගැනීමට හොඳ අවස්ථාවක්.(නදී)
ඇතිදේ නැතිවේ.. නැතිදේ ඇතිවේ.. ඉතිරිවන්නේ මතකය පමණයි..(අ)
කවුද මේකට වගකියන්න ඕනේ. (ස)