ඇලස්කාවේ ටොර්ඩ්රිලෝ කදු වැටියේ වූ කපොල්ලක් අතරින් ඇමරිකාවේ කෝඩි ටවුන්සෙන්ඩ් ලිස්සා ගියේ බලාසිටියවුන්ගේ ඇඟලොමුදැහැ ගන්වමිනි.
කිසිදු ආරක්ෂක උපකරණයක් නොපැළැද තම හිම පුවරුව නැගුණු ඔහු කපොල්ල අතරින් ලිස්සා ගොස් පහළට පැමිණියේය.ඉතා උස්වූ කපොල්ල තරණය කිරීමට ඔහුට ගතවූයේ තත්ත්පර 30 ක් පමණි.
කපොල්ල අඩි 5 ක පමණ විශාලත්වයකින් යුතු විය.හදිසියේවත් කෝඩිගේ ගමන්මග සුලූවෙන්හෝ වෙනස්වුනේ නම් ඔහුට අත්විය හැකිව තිබුණේ මරණයයි.
කෝඩිගේ මේ හපන්කම ඔහුගේ නම වාර්තා පොත් වලට එකතු කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් පිස්සෝ. මිනිස්සුන්ට ලැබිච්ච ජිවිතේ වටිනාකමක් දන්නේ නැති නිසයි මෙහෙම දේවල් කරන්නේ ,(හේ)
ඉපදුනොත් මැරෙනවා.ඒක තමයි පොදු ධර්මතාවය. ඒ ජීවත්වෙන පොඩි කාලය අතරතුර වීරකමක් කරලා මැරෙන්න වුණත් කමක් නැහැ කියලා එයාට හිතෙන්න ඇති.ඒකේ ඇති වරදකුත් නැහැ ඉතින්. (නි)
තමන්ට කැමති දෙයක් කරලා මැරෙන එක සැපයි. නිකන් ඔහේ ඉඳලා මැරෙනවට වඩා (නි)
නිකන් ඉන්න එකේ වැඩකුත් තියෙන්න එපායැ. ඔය කරන වැඩ වලින් තමන්ට වැඩකුත් නැහැ. ලෝකයට වැඩකුත් නැහැ. මම නම් මේ ගැන දකින්නේ එහෙමයි (නි)
සුද්දෝන්ගේ වැඩේම මේක තමයි.ඒ අයගේ ජිවිතේ මේක. මේ හැර වෙන දේවල් නෑ.(හේ)