තමන් අතහැර ගිය පෙම්වතියගේ ආදරය යළි ලබාගැනීමට මන්තර ගුරුකම් වල පිහිට පැතිමට ගිය ස්පාඤ්ඤ ජාතිකයෙකුට වැඩ වැරදී තිබේ.
ජෝස් ලැපූරා සිය පැරණි පෙම්වතිය යළි දිනාගැනීමට කළ සියලූ දේ අසාර්ථක වූ තැන පේන කියන්නෙකුගේ සහය පතා ඇත.පේන කියන්නා සතුව තිබුණු ‘‘මන්තරයක්‘‘ඩොලර් ලක්ෂ 2 ( රුපියල් ලක්ෂ 256) කට ආසන්න මුදලක් ගෙවා ලබාගෙන ඇති ඔහු දින ගණනක් පුරාවටම එය ජප කර ඇත.ඒ පේන කියන්නාගේ උපදෙස් අනුවය.
පේන කියන්නා කියු අයුරින් පෙම්වතිය දෙපාමුලට තියා දොරකඩටවත් නොපැමිණි හෙයින් යළි පේන කියන්නා හමුවට ගොස් ඇති ජොස් සිය මුදල් ඉල්ලා ඇත.පේන කියන්නා මුදල් ආපසු ලබා දීම එකහෙළා ප්‍රතික්ෂේප කර ඇති තැන ජෝස් කර ඇත්තේ මිතුරන් කිහිපදෙනෙකුත් සමග එකතුව පේන කියන්නාගේ ගෙය බිද මුදල් සොරාගැනීමට උත්සාහ කිරීමයි.උත්සාහය ව්‍යර්ථ වන්නේ පේන කියන්නා සිදුකළ දැනුම්වත් කිරීමකට අනුව එතැනට පැමිණි පොලිස් නිළධාරීන්ගේ අතටම ඔවුන් හසුවීමෙන්ය.
පෙම්වතිය දිනා ගැනීමට උත්සාහ කළ ජෝස් දැන් සිටින්නේ පොලිස් අත්අඩංගුවේය.ඔහුට හා මිතුරු කැලට එරෙහිව නඩු පැවරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් මෝඩයෙක් මුදේ මාලු එකෙක්ද ඉන්නේ. මෝඩ කමට බෙහෙත් නැහැ කියල තියෙන්නේ කට කහනවට නෙමෙයිනේ.(නදී)
කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ අති ප්‍රබල මන්ත්‍ර ගුරුකම් අභාවයට ගිය එකෙන් අපිටත් පාඩුයි. සුද්දාටත් පාඩුයි. මොනවා කරන්නද? ඇරත් ලංකාවට ආවා නම් මීට වඩා අඩු වියදමකින් කරගන්න තිබුනා (නි)
කෝ අපේ අවිස්සාවේල්ලේ හාමුදුරුවෝ? (නි)
මෙයාට සෙට් කරමු අර කිඹුලාව කිති කවලා බේරුනා කියපු ධීවරයව. එයත් මන්තර දන්නා කෙනෙක්. (නි)