අප්‍රිකාවේ පිලන්ස්බර්ග් ජාතික වනෝද්‍යානයේ මද කිපුණු අලියෙක් වනෝද්‍යානයට පැමිණි රථයකට හානි සිදුකරන අයුරු පිටුපස රථයේ සිටි සංචාරක මාර්ගෝපදේශකයකු විසින් ඡායාරූපයට නගා ඇත. ආමන්ඩ් ග්‍රොබෙල් නම් මේ සංචාරක මගපෙන්වන්නා පවසන්නේ මද කිපී සිටි අලියා වනයේ සිට පැමිණ වාහනයට උඩින් පැන රථය තම බඩට තද කරගෙන සිටි බවයි. ඉන් පසු විනාඩි කිහිපයක් රථය ඒ මේ අතට තල්ලුකැර දැමූ මේ දැවැන්තයා යළි වනයට වැදී නොපෙනී ගොස් ඇත.
අලින්ගේ වාසස්ථාන හා චර්යාවන් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන තරුණයකු හා තරුණියක පමණක් මේ රථයේ සිටි බවයි. අලියාගේ පහර දීමෙන් රථයේ විදුරුවලට, වහලට හා බොනට්ටුවට හානි සිදුව තිබුණු අතර රෝද ඒ මේ අත ඇඹරි ඇද වී තිබිණි. කාරයේ බඳට ද හානි සිදුව ඇත.
කාරයේ සිටි දෙදෙනාට කිසිදු හානියක් සිදුවී නැත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පිළිතුර බන්දුල පෙරේරා. ගාමිණී-සිරි වගේ අය බලාගෙන ඉන්නේ තමන්ගේ රට පහලට දාල කතා කරන්න වෙලාවක් එනකල්. අනිත් රටවල වෙන දේවල් දන්නවා නම් ඔහොම කියන්නේ නැහැ. කොහොම උනත් හරිම ඉවසීමෙන් ගත්ත පින්තුර. ගත්තු අයගේ ජීවිත උනත් අනතුරේ වැටෙන්න තිබුණා (නදී)
හරිම ලස්සනයි (නදී)
ඇත්තටම ලස්සන පොටෝ ටික (අ)
අප්‍රිකාවේ අලි පුදුම වැඩකාරයොනේ! හැබැයි බැරිවෙලාවත් ඔය කාර් එක ලොරියක් වුණා නම් අලියා පරාදයි (නි)
වාහනය නම් ගන්න දෙයක් නැතුව ඇති. අලියෙකුට අහුවෙලා ඔහොම බේරුන එකත් ලොකු දෙයක් (නි)
බන්දුල පෙරේරා , ඇත්තටම ඔයාට ලැජ්ජා නැද්ද? (නි)
බන්දුල පෙරේරා මොනවද මන්දා කියවන්නේ? (නි)
අප්‍රිකාවේ අලි ගොඩක්ම සැර නැහැ. කොහොම වුණත් අර දෙන්නාගේ ජීවිත බේරුන එක නම් ලොකු දෙයක් (නි)
බන්දුල පෙරේරාගේ මොළේ තමයි මොළේ (නි)
සපාරී යන්න ඕනි ෆෝර්විල් වහනයකින් කාර් සුදුසු නැහැ (නදී)
බන්දුල ගොයියට, ඉතින් ස්ත්‍රී පක්ෂය ගාව ගන්නේ නැතුව කිසිම කොමෙන්ට් එකක් ලියන්න බැහැනේ නේද (නදී)
ඇතුළේ සිටි අයට කොහොම බයක් දැනෙන්න ඇද්ද? (නි)
කාර් එක ඉතුරුවුණා ඇති (නි)
අලියට නෙමෙයි මද කිපිලා තියෙන්නේ..අපේ ගාමිණී සිරිට..ගාමිණී සිරි දන්නවද ඔය අප්‍රිකානු රටවල ඇත්තු මස් පිණිස මරනවා කියල..ඒ වගේම වර්ධනය පාලනය කරන්න තොග ගානට වෙඩි තියල මරනවා කියල..ඇත් දල සදහා දහස් ගානක් සති පතා දඩයක්කරුවන්ගේ තුවක්කුවට ගොදුරු වෙනවා කියල..මෙහෙ මොනවද මහත්තයෝ වෙන්නේ..ගණන් ගන්නවත් පුලුවන්ද? මේ ඇතාට කාර් පොඩ්ඩ පේන්න ඇත්තේ ලස්සන පුංචි නාබර ඇතින්නක් වගේ වෙන්න ඇති.පුදුමයි කාරෙක කැලේට ඇදන් නොගිය එක.. (දී)
මොන කෙන් ගෙඩියකටද අප්‍රිකාවට ගියේ ඔයදෙන්නා...අලින් ගැන සමීක්ෂණ කරන්න නම් එන්න තිබුනේ ලංකාවට.අලි මන්තර ,ඇතුන් මරා දල කපාගැනීම,වලිගෙන් කෙඳි ගැනීම.ජලය නැති අභය භුමි.වගා ලින් වලින් අලි ගොඩ ගැනීම . ගජමුතු විකිණීම හා මාටුවීම .පන්සලේ මදකිපුනු අලියාගේ දම්වැල හොරෙන් ලිහන්න ගොස් හාමුදුරුවන් පැමිණිලි කිරීම.හොරෙන් ඇල්ලු අලි පැටියා උසාවි නියෝගයෙන් වන ජීවීන් රැගෙන ගොස් දවස් දෙකෙන් මිය යාම.සත්ව උද්‍යානයේ අලින්ට ක්ෂයරෝගය වැළඳීම.අලි අනාථාගාර...(දී)
දර්ශනය කොහොම උනත් සතුන්ගේ හැසිරීම බොහොම දරුණුයි..(අ)
දැන්වීමක්ද (දී)
කොහොම කේන්තියක් ඇද්ද මිනිසුන් එක්ක නේද (අ)
කාර් කම්පැනි එකකට මරු වෙළද දැන්වීමක් .(අ)
මොහාන් නිකන් මෝඩ කතා කියන්න එපා. මොහාන්ලා වගේ 10ක් හිටියොත් ඇති රටක් බංකොලොත් වෙන්න.(අ)
සුන්දර ඡායාරූප පෙළක් (නි)
අපේ ලංකාවේ අලියෙක්ද දන්නෙ නැහැ (නි)