වනයේ රජු සිංහයා කුළු මීමුන් රංචුවකට බියවී පැන දුවන දසුන් පෙළක් අන්තර්ජාලයට එක්ව තිබේ.
කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයේදී ගෙන ඇති මෙම ඡායාරූප වල එළවාගෙන එන කුළු මීමුන් දැක සිංහ රජා භ්රාන්තව සිටින අයුරු අපූරුවට සටහන්ව ඇත.
වනෝද්‍යානයේ සංචාරයක නියැළෙමින් සිටි යුවළකගේ කැමරාවේ මෙම දසුන් සටහන්ව තිබේ.
සිංහයා තම ධේනුවත් සමග කුළු මීමෙකු ගොදුරු කරගන්නට ඔවුන් ආසන්නයටම පැමිණීමට සමත් වුවත් දඩයම්කරුවන්ගේ ඉව දැනුණු කුළු මීමුන් වහාම ප්‍රහාරයට සූදානම් වූ බව ඔවුන් කියයි.
ඒ හාම තම සැමියා අතහැර සිංහ ධේනුව පළා ගොස් ඇත.අසරණ සිංහයා තමන් වෙත එන කුළු මීමුන් රංචුව දෙස ඇස් හයාගෙන භ්රාන්තව බලා සිට ඊළග මොහොතේ පසුනොබලා දිවගොස් තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සිංහයෝ නම් කිසි කෙනකුට බය නෑ (දිල්)
මිනිස් සාමාජය විසින්, සිංහයා කැලේ රාජා ලෙසත්, මී හරකා යනු ඕනෑම දුකක් විදිමට සුදානම් ජාතියක් ලෙසත් (මේ කිසිත් නොදන්නා ) කැලේ සතුන් හට ආරෝපණ ලබාදි තිබේ. මේ ප්‍රවෘත්තියේ ආරම්භක වාක්‍ය බලන්න. සෑම විටම සිංහයා බලවත් වී මී හරකා මිය යායුතු යැයි ස්භාවධර්මයේ නීතියක් නැත. නමුත් මිනිස් අපි එය අපේක්ෂා කරමු. එසේ නොවු විට එය ප්රවෘත්තියකි. කෙසේ වුවද සාමාජ ආරෝපිතයන් තුලින් අපට ගත හැකි පාඩමක් මෙහි තිබේ. සියලු දෙනා එකතු වු විට ඕනෑම අභියෝගයක් ජයගත හැකිය යන්නයි.(හේ)
අප්‍රිකා වනාන්තර වල ඔය වගේ සිද්ධි බහුලව දකින්න පුළුවන්. ඔය හරක් රංචු පිටින් ඉන්නකොට ඔහොම තමයි (නි)
දැන් කාලයට හොඳට ගැළපෙනවා (නි)
ඒ කියන්නේ කෙන්යාවේ කැලේ දැන් අලුත් කැලේ රජා මී හරකා කියලද? (නි)
සත්ත්ව ලෝකයේත් වෙනස්කම් වෙනවා වගෙයි (නි)
සමගිය බලය වේ (දිල්)
මෙතන තිබෙන අදහස් වලින් ජෙහාන් තමයි නියමම අදහස දාලා තියෙන්නේ. කියලා වැඩක් නැහැ නියම අදහස. (නි)
ගැහැණු කොහොමත් පිරිමියාව දාලා දුවනවා (නි)
පොදුවේ සියලුම ගවයන් මෝඩ බියගුළු සතුන් බවට සිතා සිටින මිනිසුන්න්ට හොඳ පාඩමක් , සතුන් අතරත් නිර්භීත හොඳ සංවිධාන ශක්තියක් ඇති නුවන්නක්කර සතුන් සිටින බවට හොඳ උදාහරණයක් මේක ,(හේ)
මේ සිද්දිය අහඹු දෙයක් නෙමෙයි අප්‍රිකාවේ ඔය කියන වනාන්තරයේ මේ සිදුවීම සුලබ දෙයක්. (හේ)
ගෑනු හැමදාම කරන්නේ මෙහෙම තමයි.(හේ)
සිංහයෝ පරාදයි කියල හිතුවද ? එහෙම හිතල සතුටු වෙන්න උදම් අනන්න එපා (නදී)
නමුත් මේක තාවකාලිකයි. සිංහයෝ හැමදාම පරාදවෙන්නේ නැහැ. (නි)
මීහරකාට තිබෙන මොළයවත් සමහරුන්ට නැහැ. (නි)
හැමදාම සිංහයන්ට බයේ ඉන්න හොඳ නෑ. මොකද මීහරකට අන් තියනවනේ. (නදී)
මේකෙන් තීරණය වෙන්නේ බලය සැමදා තියාගන්න බැහැ කියලා නේද? (නි)
සිංහ දෙනුව දිව්වේ ගෙදර ඉන්න ළමයින් දෙන්න බලාගන්න. සිංහයා දිව්වේ ජාතිවාදේ අවුස්සනයි (නදී)
මෙතන තියෙන්නේ සිංහයා උපක්‍රමශීලී ලෙස පසුබැසීමක්. අනික පෙනෙන්නේ නැද්ද, සිංහ ධේනුවත් ආරක්ෂා කරගන්න එපායැ! මට පෙනෙන විදියට අපේ අය බලන්නේම නොපිටට. (නි)
නුවන්, ගැහැණු අන්තිම මොහොතේ දාලා යන්නේ ඉඳලා ඇතිවුණාම. (නි)
පිරිමි සිංහයෝ නම් කම්මැලිම සත්තු කොටසක්. සමහර ලංකාවේ ඉන්න බොරු සිංහයෝ වගේ. (දිල්)
පහුගිය දවස්වල අපේ රටෙත් මීට සමාන සිදුවීම් උනා කාටත් මතක නේද ?(දිල්)
අං සහ දත්/ නියපොතු අතර සටනක්. (නි)
මෙය හොඳ උදාහරණයක් අපේ අනාගතයට. නමුත් අපේ අයට තේරෙන්නේ ගොඩක් කල්ගියාට පස්සේ (නි)
ජගත් ඇත්තම ලියලා තියනවා දැන් ඉන්නේ මීහරක් කියලා. (හේ)
මරණ බය කාටත් පොදුයි (නි)
අනේ මෙහෙමත් අය.(හේ)
ගැණු කොහොමත් ඔහොම තමයි ...අන්තිම මොහොතේ දාලා යනවා .(හේ)
නුවණක්කාර තීරණයක්. (හේ)
චණ්ඩි කියලා හිතාගෙන ඉන්න අයට හොඳ පාඩමක් (නි)
මේක හරියට පහුගිය ජනාදිපතිවරනයට සමාන කරන්න පුළුවන්. (නදී)
ඇසළ,ජගත් කියන්නේ ජනපතිවරණයට පෙර රට පාලනය කල අය ගැනයි (නදී)
මොනවා වුණත් නුවණක්කාර තීරණයක් (නි)
යහ පාලනයත් සමග සිංහයොත් දැන් බලු වෙලා තියෙන්නේ.(දිල්)
මේක කාට කාටත් හොඳ පාඩමක් , බලය තියෙනකොට කවුරුත් මේ සිංහයා වගේ තමයි බොරු සද්දේ දාල බයකරගෙන ඉන්නවා , හැබැයි ඉතින් සිංහයාගේ ගැනී දාල දිවුවට අපේ නම් එහෙම උනේ නැහැ නේද ?(හේ)
ඔව් ඔව් නුවන්, ජනපතිවරණයට පෙර රට පාලනය කල අය ගැනයි, ජනපතිවරණයට පසු රට පාලනය කරන අය ගැනයි. නියම උපහරණය නේද? (ර)
මේක දකින කොට මට නම් මතක් වෙන්නේ බන්දුල පෙරේරා හෙවත් යහපාල මැතිවරණයට කලින් අපේ පසුපස පන්නගෙන ආපු හැටි. (දිල්)