හින්දු දෙවඟනක වන ගදිමෙයි පිදීමේ උත්සවයේදී මී ගවයින් 5000 දෙනෙකු කිරීමට එරෙහිව ලොව පුරා විශාල විරෝධයක් මොදු වෙමින් පවතී.
පස් වසරකට වරක් නේපාලයේ බැරියර්පූර්හි ගදිමෙයි දෙවොලේ පැවැත්වෙන මෙම උත්සවයේදී මිී ගවයින්,කුකුළන්,එළුවන්,ඌරන් වැනි සතුන් දහස් ගණනින් ඝාතනය කෙරේ.උත්සවය අවසාන වතාවට පැවැත්වුනු 2009 වසරේදී එසේ ඝාතනය කෙරුණු සතුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවීය.
මෙවරද එලෙසම සතුන් ඝාතනය වන අයුරක් පෙනෙන්නට තිබෙන අතර මිී ගවයින් 5000 දෙනාගේ ඝාතනය තවත් දින කිහිපයක් පුරා සිදුවන මහා සත්ත්ව සංහාරයක ආරම්භය බව තතු දන්නෝ කියති.
මෙයාකාරයට පිදෙන බිලි වලින් සතුටට පත්වන ගදිමෙයි දෙවඟන තම ගැටලූ වලට පිළිතුරු ලබාදේයැයිද, දුෂ්කර අවස්ථා වලට මුහුණදීමට තමන්ට බලය ලබාදේයැයිද බැතිමත්හු විශ්වාස කරති.
මී ගවයින්ගේ ගෙල සිදින්නේ විශේෂ වක් පිහියක් ආධාරයෙනි.හිස සිදී ගිය කවන්ධයෙන් වැගිරෙන ලේ ධාරා පානය කිරීමට පවා ඇතැම් බැතිමත්හු පෙළඹෙති.
සත්තව සංහාරය සිදුවන දිනයන්හීදී මුළු පෙදෙසම සතුන්ගේ වේදනාත්මක හඩින් පිරේ.ඔවුන්ගෙන් සිරුරෙන් ගලා යන රුධිරයෙන් පෙදෙසම රත්පැහැ ගැන්වේ.
ඝාතකයින්ව තෝරාගන්නේ දෙවොලේ පූජක තෙමේය.ඔහු තම අත කපා රුධිරය ගෙන එය සංහාරය කරන ලද සතුන්ගේ රුධිරය හා මුසුකොට සෞභාග්‍යය පතා දෙවියන්ට කන්නලව් කරයි.
මේ ම්ලේච්ඡ සංහාරය පිටුදැකීමට සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටන සංවිධාන රැසක්ම පෙළ ගැසී සිටී.ඔවුන් පවසන්නේ ගතවුනු වසර කිහිපයේදී සංහාරය කෙරෙන සතුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු කිරීමට තමන්ට හැකිවූ බවයි.
එසේ කිරීමට මේ උත්සවයට යැයි කියා අසල්වැසි රටවල සිට නේපාලයට කෙරෙන සතුන් ප්‍රවාහනයන් එම රටවල රජයන්ගේද ආධාර ඇතිව නැවැත්වීමට,උත්සවය සැමරීමේදී යම් සීමා පැනවීමට නේපාල රජයට බලපෑම් එල්ල කිරීමට, තමන් කටයුතු කළ බව එම සංවිධාන කියයි.
කෙතරම් උත්සාහ ගත්තද තවමත් සත්ත්ව සංහාරය ජයටම සිදුවේ.
එසේවුවත් අන්තර්ජාතික තලයේ මෙන්ම නේපාලයේ කි‍්‍රයාත්මක බොහෝමයක් සත්ත්ව හිමිකම් හා පරිසර පරිසර සංවිධාන කෙසේහෝ මෙම මහා සංහාරය නැවැත්වීමේ අදිටනින් කටයුතු කරමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් මේ කියන්නේ බෞද්ධයන් ගැන නෙවෙයි. ලිපිය කියවනොට මොලෙන් කියවන්න මෝඩයෙක් නොවී. (නදී)
මෙතරම් සත්තු ප්‍රමාණයක් මරලා මොනවද කරන්නේ? කෑමට ගන්නවා කියලා හිතන්න බැහැ. හරියට වළදාන්නෙත් නැතුව ඇති. සෞභාග්‍යය කෙසේවෙතත්, කුණුවෙන මස් වලින් ඇතිවෙන විෂබීජ නිසා රටපුරාම වසංගත නම් පැතිරේවි. (නි)
කුමාර් කියා හඳුන්වා ගන්නා තැනැත්තා ගැන කවුරුත් කලබල වෙන්න දෙයක් නැහැ. නේපාලයේ බොදුනුවන් ඇත්තේ සුළුතරයකි. (නි)
මේ තරමින්ම නැතිවුණත් මෙහෙම දේවල් ලංකාවෙත් ඕනෑ තරම් වෙන්නේ. (නි)
දයා, බුදුන්ගේ කියලා කියන්න එපා. බුදුරජාණන් වහන්සේ කියා තිබෙන්නේ මේවට ඉඩදෙන්න එපා කියලා. මේ සත්ත්ව සංහාරය නැවැත්වීමට අපේ බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් නේපාලයෙන් ඉල්ලීමක් කරන්න. (නි)
මේ අසරණ සතුන්ටත් පණ තිබෙන බව නොදන්නා මෙවැනි ඊනියා බැතිමතුන්ට දේවාශිර්වාදයක් ලැබේද? (නි)
බුදුන්ගේ නෑදෑයොත් මෙහෙ ජීවත් වෙනවා නේද ? (නදී)
නේපාලයේ ජනගහනයෙන් සියයට අසූවක් පමණ අදහන්නෙ හින්දු ආගම බුදු දහම අදහන අය ඉන්නෙ සියයට දහයක් විතර. නේපාලය ලස්සන රටක්. ඒත් ගෝත්‍ර වාදය තවම පවතිනවා විශෙෂයෙන්ම ඈත දුෂ්කර ගම්මානවල. දෙවියන් පිදීමට හා සමුර්ධිය ලගා කර ගැනීම සදහා සතුන් මැරීම ආදි කාලීනව සිට පැවත එන්නක්. අහිංසක සත්තුන්ට අභය දානය ලැබේවා. (අ) .
හැම දේටම බෞද්ධ ආගම ඇදල ගන්න එපා. මෙතන තියෙන්නේ සත්ව හිංසාව ඒ නිසා ඒ ගැන විතරක් කතා කරන්න. එහෙම නැතුව මෝඩයෝ වගේ ආගම ඇදල ගන්න එපා (නදී)
මි හරක්! මොලය කළදක් තිබේනම් මෙහෙම කරන්නේ නැහැ. (හේ)
අපේ සිංහල රටේ සිංහල බෞද්ධයන්ට අහාර පිණිස දවසකට තිරිසන්නු කි දාහක් මරනවද ? (නදී)
කුමාර්, 81.3% හින්දු, 9% බෞද්ධ. (ර)
මේවා කරන්නේ මොලේ නැති මිනිස්සු. (ර)
කුමාර් ඔයාට බෞද්ධයන් සමග ප්‍රශ්නයක් තියනව වගෙ. කරුණාකරලා පවුනොදී යන්නකො ඉන්දියාවට. (ස)
නමුත් සමන්ති මේ වගේ සත්ව සංහාර මම හිතන්නේ නැහැ මොනම ආගමික නායයෙක් වත් අද හිටිය නම් අනුමත කරාවි කියල (අ)
එක එක පුද්ගලයන්ගේ විශ්වාස විවිධාකාරය. (නදී)
නේපාලය හින්දු වගේම බොහෝ බෞද්ධ සෙනගක් ඉන්න රටක්, නමට අවිහිංසාව, ක්‍රියාව ලේ ගංගාව. (නදී)
ඉන්දියාව මි හරකුන් පුජනියව සලකනවා නේද? ඇයි මේවා නවත්තන්න හඬ නොනගන්නේ. මොනයම් හෝ සතෙකුට ජීවිතය අහිමි කලාම අභාග්‍යම උදා වෙනවා. ඒ අයට අය මී හරකෙක්වත් වෙලා ඉපදෙන්න බැරි වෙයි. (ර)