ඇමෙරිකාවේ බේකර්ස්ෆීල්ඩ් පොලිස් නිලධාරියෙක් 73 හැවිරිදි රෝගී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු සතුව ගිනි අවියක් ඇති බව මධ්‍යම රාත්‍රී 12.30ට පමණ ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීයකු ඔහුට වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.
නමුත් පරීක්ෂණ වලදී ෆ්රැන්සිස්කෝ සර්නා සතුව ගිනි අවියක් නොතිබු බව හෙළී වී ඇත.
ඔහුට ගිනි අවියක් තිබී නැතැයි ඔහුගේ පවුලේ අය කියති.
“තාත්තාට ‘ඩිමෙන්ශියා ‘ නම් රෝගී තත්ත්වය තිබුණා.තාත්තා රෑට ඇවිදිනවා.මීට පෙරත් පොලිසිය අපේ ගෙදරට දෙවතාවක් පැමිණියා“යැයි ඔහුගේ පුතා පැවසීය.
(මියගිය ෆ්රැන්සිස්කෝ සර්නා - ඡායාරූපය ‘සර්නා‘ පවුලේ ඡායාරූපයකි )


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි තැබීම්, සමුහ ඝාතන වලින් තොර දෙයක් මේ රටේ ඇත්තෙම නැද්ද? (නි)
පවු අහිංසකයා! (නි)
මුලින්ම වෙඩි තබා ඊටපසුව ප්‍රශ්න කිරීමේ ඇමරිකානු පොලිසියේ න්‍යාය අනුව මේක පුදුම වෙන්න දෙයක් නොවේ. (නි)
ඇමෙරිකාව කියන්නේ හැමදාම යහපාලනය තිබූ රටක්. ඕකත් එක්තරා යහපාලනයේ සිද්ධියක්. (බ)
දැන් පොලිස් නිලධාරියට ඇට්ටි හැලෙන්න හම්බවෙයි ලංකාවේ වගේ නොවෙයි. ලංකාවෙනම් උසස්වීමකුත් ලැබෙයි. (බ)
මෙහෙන් එහෙ ගිය අය දැන් කියයි මේවා ශුද්ධවූ ඇමෙරිකාවට මඩ ගහන්න කියන කතා කියලා. (බ)
ඕවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. සමාවෙන්න වැරදුණා. මේක ඇමෙරිකාවේ එකක් නේද? (නි)
මෙහෙ ඔය වගේ ඒවා නිතරම වෙනවනේ. පත්තරේ නැත්නම් රුපවාහිනිය බැලුවොත් තියෙන්නේ ඔය වගේ ඒවා තමයි. (ර)
ඇමෙරිකාවේ පුරවැසියන්ගෙන් 90% විතර ප්‍රමාණයකට නිතියානුකුල ගිනි අවි මිලදී ගැනීමට සහ ළඟ තබා ගැනීමට අවසර තිබෙනවා , එම නිසා පොලිස් නිලධාරීන් නිතරම ඉන්නේ බියකින් , එම තත්වය නිසා එහි පොලිස් නිලධාරීන් සමහර අවස්ථා වල ප්රචණ්ඩ ලෙස හැසිරෙනවා (බ)
ලංකාවේ පොලිසියමද ඇමෙරිකාවේ තිබෙන්නේත් අනේ මම දන්නේ නැති නිසයි අහන්නේ. (ර)
ඇමරිකාවේ සිවිල් වැසියන් අතර සංසරණය වන අවි ප්‍රමාණය සහ එහි වෙසෙන ජනගහණය ගැන සළකා බැලුවහම මේවා මෙතනින් නතරවෙන එක ඇති (නි)
වෙඩි තැබීමෙන් පසු ප්‍රශ්න කරන සම්ප්රදාය අපේ රටටත් ළඟදීම එන හැඩක් තමයි තියෙන්නේ (නි)