ශ්රී ලංකාවේ බාල වයස්කාර දරුවන් 19 දෙනෙකු ඇතුළු බාල වයස්කරුවන් 66 දෙනෙකු අපයෝජනය කළ ප්රංශ ජාතික ටෙරී ඩරන්ටියේ (52) ට එරට ඉහළ අධිකරණය අවුරුදු 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
පැරිසියට නුදුරින් පිහිටි වර්සයිල් අධිකරණය ජූනි 22 වැනි දා ඉහත දඬුවම ප්රකාශයට පත් කළ අතර දඬුවම් ලාභී ප්රංශ ජාතික ටෙරී ඩරන්ටියේ පැරිසියට නුදුරින් ඉව්ලන් නගරයේ පිහිටි විශ්රාමිකයන්ගේ මහලු නිවසක කළමණාකරුවෙකු ලෙස සේවය කොට ඇත. ඔහුගේ අපචාරයට ලක් වූ දරුවන් 66 දෙනා අතර වයස අවුරුදු 6 - 17 ත් අතර ටියුසීනියා ජාතික දරුවෝ 41 දෙනෙක් ද වයස අවුරුදු 12 - 17 අතර ශ්රීලාංකික දරුවෝ 19 දෙනෙක් ද ඊජිප්තු දරුවෝ 6 දෙනෙක් ද වෙති.
2004 සුනාමි අනතුරෙන් පසු රාජ්ය නොවන සංවිධාන ඔස්සේ ලංකාවට පැමිණ ඇති මොහු එතැන් සිට වසර 10 ක් ඉහත අපචාර ක්රියාවන්ට සම්බන්ධ වී ඇතැයි නඩුවේ දී කියැවිණි. 2011 දී ඇමෙරිකා ෆෙඩරල් පරීක්ෂණ කාර්යයාලය (එෆ්.බී.අයි.) විසින් අන්තර්ජාලයෙන් සොයා ගත් තොරතුරු මත මොහු ගැන ප්රංශයට දැන්වීමෙන් පසු 2012 දී ප්රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට කැඳවනු ලැබීය. නඩු භාණ්ඩ අතර ඔහුගේ පරිගණක දත්ත ගබඩාවෙන් සොයා ගත් දරුවන්ගේ ඡායාරූප, වීඩියෝ පට අධිකරණයට ඉදිරිපත් කැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න නීතිය ක්රියාත්මක වෙන හැටි... (ර)
ඕවා මොනාද බාල අපරාධ සියක් කළ එකෙක් පාටිත් දෑම්මේ අපේ සිරි ලංකාවේ ඔය යහතින් ඉන්නේ අපුරුවට (බ)
ලංකාවේ ඉන්නකොට ලංකාවෙන් හොයා ගන්න බැරි එක ප්රංශයෙන් කරලා. ලංකාවේ නීතියෙ හොඳකම (බ)
ළමයින් 66 දෙනෙකුට අපචාරය කරාට අවුරුදු 16 සිරදඩුවමක් දීලා ඇතිද (හේ)
විදේශිකයින් එන්නේ නැහැ කියනවා. ඔන්න ඇවිල්ලා කරන දේවල් (නි)
පැරීසියේ සුනිල්ගේ හොඳ හෙළිකිරීමක්. ලංකාවෙ නම් එහෙම වෙයිද? සුනිල්ට ස්තුතියි! (නි)
මේ මිනිහව ලංකාවේදී ඇල්ලුවා නම් අල්ලපු පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරාවි. ඔන්න ලංකාවේ හැටි. හම සුදු නම් ඕනෑ ජරා වැඩක් කළාට කමක් නැහැ. (නි)
කාන්තාවන් 100ක් දූෂණය කළ අයව බේරගන්න පෙළපාලිත් ගියේ අපේ රටේ (නි)
පුදුම මානසිකත්වයක් තිබෙන මිනිස්සු (නි)
මෙහෙමත් තිරිසන් මිනිස්සු! (නි)