බි්රතාන්යය නිර්මාපකයෝ පිරිසක් අලූත්ම තාලයේ නත්තල් බල්බයක් නිපැදවුහ.
‘‘අවුරා‘‘ ලෙස හදුන්වාදී තිබෙන මේ බල්බයේ ඇත්තේ ඇත්තේ ආලෝක විමෝචක ඩයෝඩයන් (එල්.ඊ.ඞී.) ය.මෙම එල්.ඊ.ඞී දැල්වීමට අවශ්‍ය බලය ලැබෙන්නේ නත්තල් ගස වටා ඇතිකෙරෙන චුම්භක ක්ෂේත්රයකිනි.චුම්භක ක්ෂේත්රය ඇති කිරීමට වෙනම උපකරණයක් ඇත.
මේ උපකරණය කි‍්‍රයාත්මක කරවා නත්තල් ගස ඒ මධ්‍යයේ තැබීමෙන් ගස වටා චුම්භක ක්ෂේත්රයක් ඇති කර ගත හැකිය.දැන් කරන්නට ඇත්තේ තමන්ට රිසි සේ ‘‘අවුරා‘‘ බල්බයන් ගසේ රැඳවීමය.චුම්භක ක්ෂේත්රයෙන් බලය උකහාගන්නා ඒවා දැල්වී ආලෝකය විහිදුවයි.
බල්බයකට අවුරුදු 20 ක තරම් ජීව කාලයක් ඇති බවද පැවසේ.
වෙනදා බල්බ වැලේ ඇති බොත්තමකින් බල්බ දැල්වීමේ රටාව පාලනය විණි.නමුත් මෙහිදී එවැන්නක් නැත.තාක්ෂණයේ මහිම මේ යැයි පෙන්වමින් මෙම බල්බ ඇතුළු චුම්භක ක්ෂේත්‍ර ජනකය රැහැන් රහිත තාක්ෂණය ඔස්සේ ජංගම දුරකථනයක් හෝ ලැප්ටොප් පරිගනකයක් හා සම්බන්ධ කළ හැකිය.එම උපකරණයන්හි ස්ථාපිත කළ යුතුවන කෙරෙන විශේෂ මෘදුකාංගයක් බල්බ දැල්වෙන රටාව ආදිය සිතැඟි පරිදි පාලනයට අවස්ථාව සළසා දේ.
බල්බ දැවී යාමේ කරදරයෙන්,වයර පැටලී නත්තල් ගසත් කඩා වැටීමේ කරදරයෙන් තොර වන මේ තාක්ෂණය නත්තල් ගස් ආලෝක කිරීමට පමණක් නොව වෙනත් කටයුතු සදහාද යොදාගැනීමේ හැකියාව තිබෙන බව නිර්මාපකයින්ගේ අදහසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ විදුලිබල ඇමැතිනියට විරුද්ධ අධිරාජවාදී කුමන්ත්රනයක්. (නදී)
වැඩේ නම් හොදයි. නමුත් මේකේ මිල තමයි දරා ගන්න අමාරු. (ර)
විද්‍යුත් චුමක ක්ෂේස්ත්‍රයක් ඇති නිසා ශරීර සෞඛ්‍යට අහිතකර වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පොඩි දරුවන්ට. මොකද නිතරම ඔය නත්තල් ගස් අසල දැවටෙන්නේ පොඩි දරුවොනේ. (හේ)
රජින්ද ඔයිට වඩා හුඟක් විශාල චුම්භක ක්ෂේත්‍ර වලට අපි එදිනෙදා නිරාවරණය වෙනවා ඒවා එතරම් ලොකු ප්‍රශ්න නෙමේ (බ) .
මේක නම් අපිටත් හොඳයි (නි)
හොඳ නම් තමයි යසපාල ළමයෝ නමුත් ඔයාට 2015 නත්තල වෙනකම් ඉන්න වෙනවා මොකද මේක වෙළඳ පොලට එන්නේ ඒ කාලේදී ! (නදී)
මේ ක්‍රම මුලින්ම හොයාගත්තේ සර්බියන් ජාතික නිකොලායි ටෙස්ලා විසින්.එහෙත් මේ නිමවුම් එළිදක්වන්න අවුරුදු සියයක් පමණ ගතවුණේ ඇයිද යන්න ප්රහේළිකාවක්.... (නි)
අබරන් ගොයියෝ ටෙස්ලා විද්‍යුත් චුම්බක ආචරණය හොයා ගත්තට එ්කේ භාවිතයන් එලියට එන්නේ විද්‍යාවේ දියුණුවත් එක්ක. හොඳම උදාහරණය තමයි අදිවේගී දුම්රිය. මේවා දැකල ටෙස්ලා සතුටු වෙනවා ඇතී (නදී)