අධික දුම්පානයෙන් පිරිමින්ගේ පිරිමි ලක්ෂණ නීරණය කරන ‘‘වයි‘‘ ක්රෝමසෝමය විනාශ වන බව ස්වීඩනයේ උප්සාලා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
මිනිසාගේ ලිංග නීර්ණය තීරණය වන්නේ එක්ස් හා වයි ක්‍රෝමසෝම වලිනි.කාන්තාවන්ගේ එය එක්ස් ක්‍රෝමසෝම දෙකක් ලෙස පිහිටන අතර පිරිමින්ගේ එය පිහිටන්නේ එක්ස් ක්‍රෝමසෝමයකුත්,වයි ක්‍රෝමසෝමයකුත් ලෙසය.
මේ තොරතුරු අනාවණයව තිබෙන්නේ ඇතැම් පිළිකා තත්ත්වයන් පිරිමින්ට වැඩි වශයෙන් වැළදෙන්නේ ඇයිදැයි සොයාබැලීමට කළ පර්යේෂණයකදීය.
පර්යේෂකයින් පවසන්නේ මෙම ඇතැම් පිළිකා තත්ත්වයන්ට දුම්පානය කරන කාන්තා පාර්ශවයට වඩා පිරිමි පාර්ශවය ගොදුරු වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි.
එයට හේතුව වන්නේ පිරිමින්ගේ ‘‘වයි‘‘ ක්රෝමසෝමය අධික ලෙස දුම්පානයේ ප්‍රතිඵලයක් ලෙස විනාශවීම බව ඔවුහු පෙන්වා දෙති.
වැඩි වැඩියෙන් දුම්පානය කරන තරමට වැඩියෙන් ක්රෝමසෝමය විනාශ වන බවත් දුම්පානය ක්‍රමයෙන් අඩු කිරීමේදී ක්‍රෝමසෝම ප්‍රමාණයද නැවත තිබුණු තත්ත්වයට ක්‍රමයෙන් පැමිණෙන බවත් සොයාගැනීමට ඔවුන්ට හැකිව තිබේ.
දුම්පානයේ යෙදෙන්නන් ඉන් මුදා ගැනීමට මේ අලූත් තොරතුරු යොදාගත හැකිවනු ඇතැයි පර්යේෂකයින්ගේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොඳ ලිපියක්. දුම්බීම අඩු කළොත් හොඳයි (නි)
මොහමඩ්, අඩු කරන්න නොවේ සම්පුර්ණයෙන් නැති කරන්න ඕනේ. මේ ලිපිය බලපු එක කෙල්ලෙක් වත් සිගරට් උරණ කොල්ලෙකුට කැමති වේවිද. (බ)
ජිවිතත් විනාශ කරයි.(හේ)
පිරිමි කම නැතිවෙනවා තමයි.(හේ)
දුම්බීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න නීතියක් නැද්ද? (නි)
සල්ලි දීල ලෙඩ ගන්න පිරිමි වටේ ඉන්න අයටත් පොවන එකයි දුක. ඇමරිකාවට තමන්ගේ තුට්ටු දෙක දීල දරුවෝ එක්ක බඩගින්නේ නිදා ගන්නවා. (ර)