මුදල් ගෙන එන්නෙමැයි පොරොන්දුව පිට සම්භාහන මධ්‍යස්ථානයේ රඳවා ගිය තම මුත්තණුවන් පැමිණෙන තුරු 6 හැවිරිදි සියායෝ මාසයක කාලයක් පුරා තවමත් බලා සිටින්නීය.
චීනයේ කුන්මින්ග් ප්‍රදේශයේ පිහිටි මේ සම්භාහන මධ්‍යස්ථානයට සියායෝගේ මුත්තණුවන් ඇය කැටුව පැමිණ ඇත්තේ මීට මසකට පමණ ඉහතදීය.සියායෝ තම මිණිබිරිය යැයි හඳුන්වාදී තිබෙන ඔහු තමා පැමිණියේ හොද ස්නානයක් හා සම්භාහනයක් ලබා ගැනීමේ අරමුණින් බව පවසා ඇත.
ඒ කටයුතු අවසානයේ ඔහු කියා ඇත්තේ මුදල් ගෙන එමට අමතකවූ බවය.තමන් මුදල් ගෙන එන තෙක් ඇපයට තමන්ගේ මිණිබිරිය සියායෝ මෙහි තබා යන බව පවසා තිබෙන ඔහු පිටව ගොස් ඇත.
දැන් මසක් ගතවී ගොසිනි.ඔහු තවමත් පැමිණ නැත.තම මුත්තණුවන් පැමිණෙන තෙක් සියායෝ බලා සිටින්නීය.
සියායෝගේන් ඇයගේ පවුලේ විස්තර ලබාගැනීමට සම්භාහන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලය උත්සාහ කර ඇතත් එය සාර්ථකව නොමැති බව සඳහන්ය.අවසානයේ සියායෝ ගැන ප්‍රදේශයේ පොලිසියට මෙන්ම සමාජ සේවා සේවකයින්ට දැනුම් දුන් විට ඔවුන් ආ අද හෙට එයාව එක්කන් යන්න එයි” යැයි පවසා සිටි බව කාර්යමණ්ඩලය කියයි.
සියායෝ දැන් සම්භාහන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලය හා ඉතාම කුළුපගය.ඇයට අවැසි ආරක්ෂාව හා සෙනෙහස ලබාදෙන්නේ ඔවුන්ය.ඇය වෙනුවෙන් වෙනම ඇඳක්ද පිළියෙල කර දී තිබෙන අතර පාලූව මකා ගැනීමට ඇයට රූපවාහිනියක්ද ලබාදී ඇත.
සියායෝගේ තොරතුරු මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වීමත් සමග මෙතෙක් නිදා සිටි පොලිසිය හා සමාජ සේවා ආයතය ඇය ගැන ලොකු උනන්දුවකින් මේ දිනවල කටයුතු කරමින් සිටිනු දැකගත හැකිය.හැකි ඉක්මනින් සියායෝ රැගෙන යෑමට පැමිණෙන්නැයි ඇයගේ පවුලේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින බව ඔවුන් කියයි.
කිසිවෙකුහෝ ඉදිරිපත් නොවුනහොත් ඇයව සමාජ සේවා සේවකයින්ගේ භාරයට ගැනෙනු ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතාගෙන හිටියේ කොමියුනිස්ට් රටවල් වල දරුවන්ට මෙයිට වඩා ආරක්ෂාවක් තිබෙනවා කියලයි. මේ කියන විදියට අපේ රටවල් වලට වඩා අන්තයිනේ. (නදී)
පුංචි කෙල්ලට කරදරයක් වෙන්න එපා. එයාව රැකගන්න. අම්මලාට බාරදෙන්න. (නි)
ආරක්ෂාව තිබෙන නිසා තමා ඔහොමවත් ඉන්නේ.මෙහෙ කොච්ච්ර දරුවෝ මරලා තිබෙනවද? (නි)
අපේ රටෙී නම් කෙල්ලට මෙි වෙද්දි රස්සාවකුත් තියනවා. (නදී)
මට මාතලන් චිත්‍රපටිය මතක් වුනා. (නදී)
අහිංසක දරුවෝ! (නදී)
අනේ පව් කාගේ වුනත් අහිංසක දරුවෙක්. අපේ රටේ එහෙම වුනානම් මේ දරුවාව දුෂණය කරලා මරල දාල (නදි)
පවු! අහිංසක දරුවෙක් (නි)
අනේ සර්ව සධාරණ චීනේ එක්ක බටහිර ගැති නොවෙන රටක් ගැන සිහින මවන අපේ ඇත්තෝ. (ස)
සෙනරත්, ඔයත් ජීවත් වෙන්නේ අපිට බලෙන් පටවපු බොරු කොමියුනිස්ට් අදහස් ඇතුලේ වගේ. කොමියුනිස්ට් රටවල් වලට ගිහින් තියන පුද්ගලයෙක් හැටියට මම කවදාවත් කොමියුනිස්ට් අදහස් වලට එකග වෙන්නේ නෑ. කුඩා ඔයාට කිව්වේ කොමියුනිස්ට් රටවල් හොඳයි කියලද? (නදි)
සුජිත්, ඔය හරියටම හරි, මේක කියවද්දී මටත් මත වුනේ මාතලන් චිත්‍රපටය තමයි. ජය වේවා. (හේ)
මේක වුණේ ලංකාවේදී නම් අනිවාර්යයෙන්ම තව ටික කලක් ගතවෙද්දී මේ පුංචි දැරිය සම්බාහන වැඩට යොදාගෙන සීයාගෙන් ලබාගත නොහැකි වු මුදල් මේ දැරියගෙන් ලබාගැනීමට එම සම්බාහන ආයතනයේ අයිතිකරුවන් ක්‍රියාකරනු ඇත. නමුත් මෙය සිදුවූයේ විදේශ රටකදී බැවින් ඒ රටවල මිනිසුන් කටයුතුකර ඇත්තේ නියම මහත්මා ස්වරූපයෙන් බව මේ සිදුවීම අනුව පෙනීයයි. (නි)
මේ දරුවා කාටවත් එපානම් මම බාරගන්න කැමතියි (බ)
සෙනරත් ඔය යන්න උතුරු කොරියාව පැත්තේ කොමියුනිස්ට් වාදය කොච්චර සැපද කියලා බලන්න.(හේ)
ශෂී ඔයාගේ නරක අදහස් ඉටු කරගන්න ළමයින්ව යොදාගන්න එපා. (නදී)