මෙයට සුළු වේලාවකට පෙර ඇමෙරිකාවේ ඔක්ලගෝමා නගරයට හමා ආ දරුණු ටොනෙඩෝවකින් සාමාන්‍ය වැසියන් 91 දෙනකු මිය ගොස් 233 චෙනකුට බරපතල තුවාල සිදුවී තිබේ.
මියගිය අය අතර පාසැල් සිසුන් 7 දෙනකු සිටිනා බවත් වාර්තාවේ . පාසල් පිහිනුම් තටාකය තුල ඔවුන් ගීලී ඇති බවත් පැවැසේ.
ටොනෙඩෝ සුළගේ වේගය පැයට සැතපුම් 200 ක් බවත් 1996 දී සිදු වු ටොනෙඩෝවට වඩා දරුණු බලපෑමක් මෙවර එල්ල වී ඇති බවත් වාර්තා වේ.
ගෙවල් සිය ගණනක් විනාශ වී ඇති අතර පුද්ගලයින් 8000 කට පමණ විදුලි පහසුකම්ද අහිමි වී ඇති බවත් පැවැසේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිට්ට ධම්ම වේදනිය කර්මේ බලපාලා වගෙයි (නි)
වෙන කොහේ හෝ රටක මෙවැනි අනතුරක් වූ සැනින් කරුම වාදේ නිසා එසේ උනයි කියන උදවිය ලංකාවේ දෙයක් උනහම සද්ද නැහැ. ඒක එහෙම නම් ඇයි එය ලංකාවට පමණක් අදාළ නොවන්නේ.(නදී)
අඟහරු මත ගෙවල් හදන්න සැලසුම් කරන ඇමරිකාවට මෙයත් කජ්ජක්ද?ආපදා කලමනාකරණය අන් රටවලට වඩා බොහෝ දුර්වලයි. නිවෙස් නැතිවූවන්ට නැවත නිවසක් සාදාගැනීමත් හීනයකි. අන් රටවලට ඇගිල්ල දිගුකලාට තම රටේ මෙවන් ආපදාවයකදී (ලෝක බලවතා) තම අසරණවූවන් වෙනුවෙන් සාදාරණයක් ඉටු කරිවිද? (නි)
දැන් අලුත් ක්‍රමයකට ලංකාවේ අපිට ගරහන ක්‍රමයක් ඇවිත්, කවුරුත් මොනවත් කියන්න කලින්ම එහෙම කියයි කියලා හිතින් මවාගෙන අදහස් උදහස් දානවා සමහරු. අනේ හැබැට! (නි)
රූපා, උම්බෑ කියනකම් ගොනාත් නුවණැති සතෙකි. (නි)
ඔවුන් කරන පරිසර දුෂණයේ ප්‍රතිවිපාක මේවා (නි)
ඇමෙරිකාව අනිත් රටවල් වලට මොනතරම් වෛරි වැඩ කලත් අපි නියම සිංහලයෝ (නි)
ඔව් ඒ මිනිස්සු මරණ සංඛ්‍යාව තව ඉහළ යන්න පුළුවන්.(නදී)
ලොව පාලනය කරන බලවත් දෙවියෙක් සිටිනා බව දැන්වත් විශ්වාස කරනවාද?නැද්ද? එසේ නම් අනාගතයේ තමා නොසිතන නොපතන මොහොතක මෙවැනිම මහා අදෘශමාණ ව්‍යසන වලට මුහුන දීමට බලාපොරොත්තුවෙන් සිටින්න. (නි)