පාසල් දරුවන් සහභාගීත්වයෙන් පැවැත්වුණු රූපවාහිනී වැඩසටහනකදී ඔවුන් අතර සිටි පලස්තීන ජාතික ගැහැණු දරුවෙකු හැඩවූයේයැයි ජර්මන් චාන්සල්වරිය වන ඇන්ජෙලා මර්කෙල්ට දැඩි විවේචනයන් එල්ල වෙමින් තිබේ.
ජර්මනියේ ජීවිතය යන තේමාව යටතේ පැවැත්වූ මෙම වැඩසටහන සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශනයද කැරිණි.
දරුවන් අතරේ සිටි පලස්තීන ජාතික සිසුවියක් කිසිවෙකුත් නොසිතූ පරිදි ඇන්ජෙලා මර්කෙල් අමතමින් තම මව හා පියා අවුරුදු හතරක් පුරාවට ජර්මනියට පැමිණෙන බවත් ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ ජර්මනියේ ස්ථීර පුරවැසිභාවය ලබාගැනීම බවත් පැවසුවාය. පියාට ඇත්තේ තාවකාලික ගමන් බලපත්‍රයක් හෙයින් එය කල් ඉක්මවායෑමට ප්‍රථමයෙන් නැවත වරක් තමන්ට ජර්මනියෙන් ඉවත්ව යෑමට නුදුරේදීම සිදුවනු ඇති බවද ඇය කීවාය.
මවිතයට පත් මර්කෙල් මොහොතක් නිහඩව සිට එම දැරිය අමතමින් ඇයගේ අදහස් දැක්වීම අගය කළාය.
‘ඔයා දන්නවා ලෙබනනයේ තියෙන පලස්තීන සරණාගත කදවුරු වල පුද්ගලයින් දහස් ගණනක් ඉන්නවා. අපට ඒ හැම එක්කෙනාටම එන්න කියන්න බැහැ.අපට ඒක කළමනාකරණය කරගන්න බැහැ.‘ ඇය පැවසුවාය.
මේ ඇසීමත් සමග පලස්තීන දැරිය මහ හඩා වැටුනාය.පසුතැවිල්ලක සේයාවක් මුහුණේ සටහන්ව තිබූ මර්කෙල්, දැරිය අසලට ගොස් ඇයගේ හිස අතගාමින් ඇය සැනසීමට තැත් කරනු වැඩසටහන අවසානයේදී දැකගත හැකිවිය.
මර්කෙල්ගේ ප්‍රකාශය ලොව පුරා මහත් කලබලයක් ඇතිකිරීමට සමත්ව තිඛෙන අතර දරුවන් හා කටයුතු කිරීමට නොදන්නා බව කියමින් බොහෝ දෙනා ඇය දැඩිව විවේචනය කරමින් සිටිති.ඔවුන් අතර ලොව ප්‍රකට පුද්ගලයෝ ද වෙති.
නමුත් ඇතැමුන් ඇත්ත ඇති සැටියෙන්ම ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඇන්ජෙලා මර්කෙල් අගය කරමින් අදහස් දක්වා තිබේ.වෙනත් දේශපාලකයකු නම් තම ප්‍රතිරූපය නංවාගනු වස් එම දැරියට හා ඇයගේ පවුලට එවලේම ස්ථීර පුරවැසිභාවය ලබාදීමට කටයුතු කරනු ඇති වුවත් මර්කෙල් එසේ නොව අපක්ෂපාතී නියම වෘත්තිකයෙකු ලෙස කටයුතු කළ බව ඔවුන් කියයි.
කෙසේනමුත් මර්කෙල්ගේ මාධ්‍ය ඒකකය සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් දැරිය හඩාවැටුණේ සරණාගත ගැටළුව විසදීමට ඉක්මන් පියවරක් ගැනීමට ජර්මන් රජය කටයුතු කරමින් සිටින බව අසායැයි සඳහන් කර ඇත.

![2A94DE6C00000578-3163899-image-m-49_1437052923907[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A94DE6C00000578-3163899-image-m-49_14370529239071-Copy.jpg)
![2A94DE7D00000578-0-image-m-42_1437052549208[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A94DE7D00000578-0-image-m-42_14370525492081-Copy.jpg)
![2A94DE2700000578-3163899-image-m-48_1437052830978[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A94DE2700000578-3163899-image-m-48_14370528309781-Copy.jpg)
![2A94DE7400000578-0-image-a-44_1437052755616[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A94DE7400000578-0-image-a-44_14370527556161.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විහිළුවක් මොකද පලස්තිනේ මේගොල්ලන්ට ජීවිත තර්ජන නැහැ මොගොල්ලෝ ගිහින් රටවල් විනාශ කරනවා! (අ)
ඔය බටහිර ධනවත් රටවල ඈයන්ට දුක් විඳින රටවල් ගැන කිසිම තේරුමක් නැහැ. (ස)
චාන්සල්වරියගේ කතාවට මම එකඟයි. ඔය දියුනු රටවල් කන්නේ සරනාගතයෝ විදියට ඇවිත් ඉන්න අය තමයි. (ස)
ජර්මානුවන් ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්වී ඇත්තේ අප්‍රතිහත ධෛර්යයෙන් වැඩ කීරිමෙනි. 1948 සුනුවිසුණු වූ ජාතියක් ලෝකයේ සියල්ලන්ම අභිබවා ගොස් ඇත. අනෙක් යුරෝපීය ජාතීන් ඔවුන්ගේ රටාට කෙසේ බලපෑම් කළත් ශ්‍රේෂ්ඨ ජර්මානුවන් නොසැළී සිටී.සරණාගතයන් ලෝකය හමුවේ ඇති විශාල ප්රශ්නයකි (නි)
බොහෝ ජර්මානුවන් හොඳයි. නමුත් සමහර අය නම් එහෙම නැහැ (නදී)
චාන්සල්වරිය කිව්වේ ඇත්ත. හැම සරනාගතයටම වීසා දෙන්න ගියොත් යුරෝපය අරාබින්ගෙන් හා අප්‍රිකානුවන්ගෙන් පිරෙයි. යුරොපීය රටවලට මැද පෙරදිගින් සරනාගතයෝ විදිහට එන්නන් තමා ඒ රටවල අන්තවාදය වපුරන්නේ. ඒ රටවල ආන්ඩුවෙන් දෙන ආධාර අරන් හිටියත් මැද පෙරදිගින් එන බොහෝ අයගේ තියෙන්නේ දරුනු බටහිර විරෝදයක්. හැබැයි දිවි නොතකා පනින්න හදන්නෙත් බටහිරට (නදී)
අඩ අඩ තමා එන්නේ ඊට පස්සේ හිනා වේවි තමා බෝම්බ පුපුරවන්නේ! (ම)
ජර්මනියට එන්නේ මොකද ඔය කියන ලෝකේ මවපු දෙවියෝ කොහේ හරි ඉන්නවනම්??? (ම)
කඳුළුවලින් රට පාලනය කල නොහැක (නදී)
අපේ පට්ට හොරා බී.එම්.ඩබ්ලිව් සහ බෙන්ස් කීයක් කියලා ගෙන්නුවද (අ)
පලස්තීනෙට මුදලින් ආධාර කලා නේද ? (නදී)
ඕව කිඹුල් කඳුලු. වෙළඳාමට කියල ලංකාවට ආවේ. දැන් වෙනම පරිපාලන දිස්ත්‍රික්ක ඉල්ලනවා. මුන්ව මොනම රටකටවත් ගන්න හොඳ නෑ. (බ)
රටට ආදරය කරන රට පවා නොදෙන නියම නායිකාවක්(ම)
යුරෝපා සංගමයේ රටවල් වලින් ගිය වසරේ වැඩිම සරණාගතයන් බාරගත් රට ජර්මනිය. (නි)
ලෝකයට සරණාගතයන් බෝ කරන්නේ ඔය ධනවත් රටවල්.ඔව්න්ගේ දේශපාලන උවමනාවන්ට රටවල් අස්ථාවර කරනවා. සිවිල් යුද්ධ ඇතිකරනවා. පස්සේ එම සරණාගතයන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරනවා. (බ)
මම සතියක නිවාඩුවක් සඳහා වීසා ලබා ගැනීමට ඉල්ලුම් කරලා මාව රස්තියාදු කළා සති කීපයක්ම ජර්මන් එම්බසිය. ඒ මගේ ශ්‍රී ලංකා පාස්පෝට් එක දැකලා.ලෝකයේ තිබෙන නීති තදම එම්බසිය තමයි ජර්මන් එම්බසිය. ඒ රටේ මිනිස්සුත් ඒ වගේමයි (නි)