උගන්ඩාවේ ජනපති යුවෙරි මුසෙවෙනි දිවුරුම් දීමට එරෙහිව අදහස් දැක්වීම හෙතුවෙන් එරට සමාජ ජාලා සියල්ල තහනම් කර තිබේ.
උගන්ඩාවේ විපක්ෂ නායක කිසා බෙසිග් යේ ද ජනපති ලෙස දිවුරුම් දෙන විඩියො පටයක් අන්තර්ජාලයට නිකුත් විමෙන් අනතුරුව එම විපක්ෂනායකවරයා අත් අඩංගුවට ගෙන තිබේ. 2016 පෙබරවාරි මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් ඔහු දෙවැනි තැනට පත් විය. ඔහුට හිතවත් පිරිස් චෝදනා කළේ ඔහු ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ බවයි.
එරට ජනපති පත්වි තිබෙන්නේ නියමිත අකාරයෙන් නොවන බව කියමින් එරට ජනතාව සමාජ ජාල හරහා විරෝධතා එල්ල කරන නිසා මෙම තීරණය ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
උගන්ඩා සන්නිවේදන අධිකාරිය විසින් එරට සියලුම දුරකතන සමාගම් වලට ෆෙස්බුක්,ට්විටර් ඇතුලුව සියලුම සමාජ ජාල අත්හිටුවන ලෙස නියෝග කර තිබේ.
රජයට එරෙහි උද්ඝෝෂණ ආවරණය කළහොත් මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි විය හැකි බව ද අනතුරු අගවා තිබිණි.
පහුගිය පෙබරවාරි මාසයේ පැවති මැතිවරණය අතරතුර ද මෙලෙස සමාජ ජාල තහනම් කැරණි.
පදවි ප්‍රාප්තියට ශ්‍රි ලංකාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නායකයෝ රැසක් ද සහභාගි වූහ.
මාධ්‍ය ආයතනද දේශපාලනය හමුවේ අසරන වූ අවස්තාවක එරට ජනතාවට තතු දැනගැනිමේ එකම මාර්ගය වන සමාජ ජාල අත්හිටුවීම අසාධාරණ බවට විචාරකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි කවුරු මොනවා කිවුවත් මහින්ද ගත් තීරණයක් වෙනස් කරන්නේ නැහැ. එ්ක හොඳ නායකත්ව ලක්ෂණයක්. (නි)
ධම්මට මහින්දගේ ආණ්ඩුවෙන් ෂුවර් එකටම හොඳ වාසි ලැබිලා තියෙන්න ඇති. දැන් හිතේ දුකට ඔය වගේ කියවෙනවා. ගෙවනකොට පොලිත් එක්කම ගෙවන්න වෙයි.(අ)
මහින්දට විතරක් නොවෙයි යෝෂිත කුමරුටත් එන්න කියලා තිබුනේ. මහින්ද දැන් මහලු වියේ නිසා උගන්ඩා පාඩම යෝෂිතට කියලා දෙන්න තිබුනනේ. (නි)
පිටිගල මිලානෝ කියන්නේ මොන ප්‍රවෘත්තියක් දැම්මත් ඒකට මඩ ගහන කෙනෙක් (නි)
මැතිවරණය අවසන් වුණ ගමන් විපක්ෂ අපේක්ෂකයා අත්අඩංගුවට ගන්න උපදෙස් දෙන්න ඇත්තේ කවුද කියලා පේනවා. (නි)
අපෙනුත් සමහරු ගියානේ.... (නි)
පටන් ගන්න කොටම ඔහොම නම් තව ඉස්සරහට කොහොම තියෙයිද?(හේ)
පටන් ගත්තා විතරයි.(හේ)
එ්කාධිපති වියරුව ලෝකයේ හැමතැනම හොල්මන් කරනවා (නි)
ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ඔබතුමාට නිරන්තරයෙන් ලැබේවා! සියලු දෙවියෝ නිරන්තරයෙන් ඔබ ආරක්ෂා කරත්වා! කිසිදු අතුරු අන්තරාවක් ඔබ අසළටවත් නොඒවා..! (නි)
මහින්ද මහත්තයා යන්න ඇත්තේ අලුත් දෙයක් ඉගෙනගෙන එන්න වෙන්න ඇති. (නි)
කෙනෙකු ඇසුරු කරන අයගෙන් ඔහුගේ තරාතිරමද මැනගත හැකි බවට ලෝක ප්‍රසිද්ධ කියමනක් පවතී. ඇත්ත නේන්නම්! (නි)
ඔන්න ලොවට බිහිවුණ නියම නායකයෝ , ඕකට කියන්නේ ජනතාවට බයනැති නියම නායකයෝ කියලා, (එයාලා හිතන විදිය ) අපටත් හිටිය මතකයි. හැබැයි... ජනතාවට බයවුන දාට ඒ නායකයෝ එළිවෙන්න කලින් දුවන හැටි (හේ)
ලංකාවේ කියල වෙනසක් නැහැ නේද? ඔබට සතුටුයි ද දැන්? (අ)
එංගලන්තයේ දුෂකයන්ට විරෝධීව සමුළු පවත්වනකොට ලෝකේ ලොකුම දුෂිතයන් උගන්ඩාවේ පාටි දානවා. (අ)
අපේ මහින්දත් මොන එහෙකට ගියාද මන්දා. පරෙස්සම් වෙලා ආවොත් හොඳයි. (නි)
ඕකම තමයි මෙහෙත් වුණේ. අපේම කොපිය තමයි එහෙත් වෙලා තියෙන්නේ. දැන් හිතාගන්නකො මම කියන දේ (නි)
අපේ හිටපු ජනපතිතුමා යන යන තැන කචල් වගේ. (නි)
කෝ මේ අපේ විමල් මහත්තයා? (නි)
අපේ එක්කෙනෙකුත් එහෙ ගියා නේද? (නි)
ඉස්සර අපේ හිටපු සමහරු වගේම තමයි (නි)
අනේ මන්දා! මේ කලබල අස්සේ අපේ හිටපු ජනපතිත් මොන එහෙකට එහෙ ගියාද? (නි)
අපේ පරණ ලොක්කගේ යහළුවන්ගේ තරම ඉතින් හිතාගන්නකෝ. (නි)
අපි 2015-01-08 ඒ වෙනස නොකළා නම් අපිටත් උගන්ඩාවට නොදෙවෙනි සම්බුවක් ලැබෙනවා (නි)
අපේ හිටපු එක්කෙනෙකුත් ඔහේ ගියේ පාඩමක් දෙකක් ඉගෙනගන්න වෙන්න ඇති නේද? (නි)
ඔය විදියේ තත්වයක් අපේ රටේ උද්ගත නොවුණේ අපේම වාසනාවටයි. ඒවගේම ඒ දිනවල අපේ රටේ හිටපු විද්වත් නායකයන්ගේ දුරදක්නා තීරණ නිසයි. උගන්ඩා ජනපති පදවි ප්‍රාප්තියට ගිය මහින්ද ඇත්තටම ලැජ්ජා වියයුතු වෙනවා (නි)
මහින්දට නියම යාළුවොනේ බලනකොට ඉන්නේ (නි)
එකම වර්ගයේ කුරුල්ලෝ එකම අත්තේ වසති (නි)
අපේ එක්කෙනාට විතරලු නේද ආරාධනා කරලා තියෙන්නෙත්? එක සමාන කුරුල්ලෝ එකම අත්තේ වහනවලුනේ (නි)