ශ්‍රී ලංකාවට අලූතින් රජයක් පත්ව ඇතත් එහි ඇත්තේද පෙර තිබුණු මුහුණුවරම බව ශ්‍රී ලංකා සම්භවයක් ඇති දෙමළ ජාතික බටහිර ගායිකා මායා අරුල්ප්‍රගාසම් හෙවත් එම්.අයි.ඒ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ පුවත් සේවාව හා පැවැත්වුනු සාකච්ඡාවකදී පැවසුවාය.
මහින්ද රාජපක්ෂ මහතා යුද අපරාධ සම්බන්ධයෙන් හෙග් නුවර අන්තර්ජාතික අධිකරණයට ගෙනයා යුතුවම ඇතැයිද ඇය අවධාරණය කළා
නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට දෙමළ ජනතාව වැඩි වශයෙන් දායක්වී ඇති බව පෙන්වා දුන් ඇය සැබෑ සංහිදියාවක් ඇතිවීමටනම් දෙමළ ජනතාව ඉල්ලා සිටින මූලික අවශ්‍යතා සපුරා දීමට නව රජය කටයුතු කළ යුතුව ඇතැයි කීවාය.
උතුරට හමුදා භට පිරිස් දිගින් දිගටම අනුයුක්ත කර තැබීම ඇතුලූව රාජපක්ෂ රජය දෙමළ ජාතිකයින්ට සිදුකළ හා තවමත් ක්‍රියාත්මකව පවතින කරදර හිරිහැර වහා නවතා දැමීමට නව රජය කටයුතු කළ යුතුව බව ඇය අවධාරණය කළාය.
යාපනයේ හැදී වැඩී තිබෙන එම්.අයි.ඒ යුධ සමයේදී සරණ පතා බ්‍රිතාන්‍යයට පළා ගොස් තිබෙන්නියකි.ඇයගේ ගීත බොහෝමයක් ඇය කියනා පරිදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව විඳීන ගැහැට තේමා කරගෙන නිර්මානයවූ ඒවාය.මෙම ගීත වලට අන්තර්ජාතිකව විශාල ප්‍රසිද්ධියක්ද හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබුන ප්‍රසිද්ධිය තියාගෙන ලංකාවේ කෙනෙක් කියලා කිව්වට කමක් නෑ. (හේ)
දෙමල ඡන්ද වලට සිංහල ආණ්ඩු පෙරලෙන රටේ, දැන් ඉතින් මේ වගේ කතා ඕනේ තරම් අහන්න ලැබෙයි. පටන් ගත්ත විතරනේ තව. (නදී)
අපි කිව්වොත්නේ ජාතිවාදී වෙන්නේ. මෙයාල කිව්වොත් ඒක එයාලගේ අයිතිය. අපි අපේ රටේ මොනතරම් අසරණද ? (නදී)
රජීව් ඔබ හරි, මේ තවම පටන් ගත්ත විතරයි. මේ අසරණ ජාතිය ලෝකෙන්ම නැතිවෙලා යන දවස වැඩි ඈතක නෙවෙයි. (නදී)
යුධ හමුදාව රටේ හැමතැනම ස්ථානගත කරලා ඉන්නේ නෝනේ, රටේ ආරක්ෂාවට. ඔයාලට දැන් මේ ලැබිලා තියෙන නිදහසම මදිද ? අද ඔයාලගේ දරුවෝ නිදහසේ පාසල් යන්නේ නැද්ද ? බයක් සැකක් නැතුව කෝවිලකට යන්නේ නැද්ද? කැමති දේශපාලනයක් කරන්නේ නැද්ද? නිකන් ජාතිවාදය අවුස්සලා නැවත මේ රට මළගෙයක් කරන්න එපා. අද දෙමළ- සිංහල මිනිස්සු අතරේ හොඳ සංහිඳියාවක් ඇතිවේගෙන එනවා. ඒක සුබ දසුනක් (නි)
එම්.අයි.ඒ කියන්නේ යුරෝපේ ජනප්‍රිය ගායිකාවක් ලු. හැබැයි කොටි නිෂ්පාදනයක්, ඔය කියන ඒවා ගණන් ගන්න එපා බල්ලෝ බිරුවට කඳු කඩන් වැටෙන්නේ නැහැ. කවදා හරි ඔය යුරෝපයටත් වෙන්නේ ඇෆ්ගන් වලට වෙච්ච දේ. දැන් අයි.එස්.අයි.එස් ප්‍රශ්න, ඊළගට දෙමල ප්‍රශ්න බලාගෙන ඉන්නකෝ (නදී)
මමනම් කියන්නේ මෙයාට බේතක් දෙන්න ඕන. (හේ)
සමන් හරි, සමහරු හිතාගෙන ඉන්නේ ලංකාවේ දේශපාලනය කෙරෙන්නේ එයාලට ඕනෑ විදියට කියලා. (නි)
එම්.අයි.ඒ කියන්නේ යුරෝපේ ජනප්‍රිය ගායිකාවක් ලු. හැබැයි කොටි නිෂ්පාදනයක්, ඔය කියන ඒවා ගණන් ගන්න එපා බල්ලෝ බිරුවට කඳු කඩන් වැටෙන්නේ නැහැ. අපි දිනුවේ අපේ ඡන්ද වලින්. උතුර නැගෙනහිර සම්පුර්ණයෙන්ම අයින් කලත් මෛත්‍රීපාල මහතා දිනුම්. ඕනවට වැඩිය උදම් අනන්න එපා. සුළුතර ජනතාවගෙන් දිනුවේ කියල ජයලලිතට උනදේම තමා වෙන්නේ. වෙන රටවල ඉදන් අපේ රටේ දේවල්වලට කට නොඅරින තරමට තමන්ට ගුණයි. හොඳට මතක තියා ගන්න අරුල්ප්‍රගාසම් ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා (නදී)
මෙයාල කියන හැටියට දැන් තියෙන කරදර මොනාද ? (නදී)
කොහොමත් මේ අය හිතන්නෙම වෙනම රාජ්‍යයක්. මොකද ලෝකේ කිසිම තැනක එයාල වෙනුවෙන් නැහැනේ එහෙම තැනක්. අපේ සමහර දේශපාලන නායකයින්ගේ වැඩ නිසා තමයි මෙහෙම වෙන්නේ. මෙවැනි අයගේ කීම් වලට යුරෝපේ තැනක් තියනවා. සත්‍ය තේරුම් ගන්න. නමුත් මේ සිංහල බෞද්ධ රටට කිසිම කෙනෙක්ට හානියක් කරන්න බැහැ. (නදී)
ලලිතා අක්කා ලංකාවේ ප්‍රශ්න පෙන්නලා හම්බකලා. තමිල්නාඩු මිනිස්සු කොතරම් මෝඩ උනාද ? කවුරුත් යුද්ධය වික්කා (නදී)
මේ දවල් හීන දකින්න එපා. අපේ රටට කෙනෙහිලිකම් කරන්න රටේ ජනතාව ඉන්නකම් බැහැ. (නදී)
අපි අපේ සිංහල කමට කතාකරම ජාතිවාදීන් ලෙස අපේම අය අපිව හංවඩු ගහන රටකනේ අපි ඉන්නේ. දැන්වත් ඇස් ඇරලා බලපල්ලා (නදී)
සිංහල දමිළ මුස්ලිම් සියලුම දෙනා ඉතාමත් සමගියෙන් සතුටෙන් කාලා බීලා හොඳින් ඉන්නවා.ජාතිවාදය අවුස්සන අයට බෙහෙතක් දෙන්න ඕනෑ. (නි)