ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගොඩනැගිලි දෙකක් අතරට වැටුණු කාන්තාවක (28) බේරාගැනීමට සහන සේවකයෝ සමත්වූහ. ගොඩනැගිලි දෙක අතර පරතරය අඟල් 18කි.
ඇය සිරවී සිටි ස්ථානයෙන් බේරාගැනීමට සහන සේවකයන් 30 ක් අවශ්‍ය වූ අතර සහන සේවකයන් කාන්තාව සිටි ස්ථානයට ළඟා වූයේ ගොඩනැඟිලි අතර රිංගමිනි.
කාන්තාව ගොඩනැගිලි අතරට වැටී ඇත්තේ එක් ගොඩනැගිල්ලක සිට තවත් ගොඩනැගිල්ලකට පනින්ට යාමේදීය. සිරීම් තුවාල ලබා සිටි ඇය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කැරිණි.
මෙම කාන්තාව මුලින්ම වහළයෙන් වැටී ඇත්තේ අඩි 5ක් පමණ පහළට වන අතර ඉන්පසු තවත් අඩි 25ක් පමණ පහළට ලිස්සා ඇත.
ඇය බේරාගැනීමට පැමි‚ සහන සේවකයන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා පැවසුවේ කාන්තාව බේරාගැනීම අභියෝගයක් වූ බවයි.
බිය වී නොසන්සුන් වී කාන්තාව සිටි බවත් ඇයව සන්සුන් කර වීමට ද සිදුවූ බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ බේරුවා
නියමයි.මෝඩ වැඩ කරනවාට හොද පාඩමක්. (නි)
මොකටද මෙයා ගොඩනැගිල්ලෙන් තව එකකට පනින්න ගියේ? (නි)
නැහැ ශාන්ති, සහන සේවකයන් බේරුවේ. (නි)
ලෝක දෙකක් අතර (සැබෑ මුහුණයි වෙස් මුහුණයි) අතර සිරවී සිටින අපේ දේශපාලන මහතුන්ලාට මේක හොඳ ආරංචියක්. (නි)
හිරවුණ නිසා බේරුනා. (නි)
චමත්, මොනවද මේ මනුස්සයෙක් අමාරුවෙ වැටුණහම දොස් කියන්නේ? අපි මොනතරම් මෝඩකම් කරනවද? (නි)
ශාන්ති,දෙවියෝ නෙමෙයි බේරුවේ ,සහන සේවකයෝ. මෝඩ අදහස් පලකරන්න එපා හලෝ . අපි ඉන්නේ විසි එක් වෙනි සියවසේ දේව දර්ම ප්‍රතික්ෂේප වෙන කාලෙක.(නදී)
මෙයා ඇඳගෙන ඉන්න කලිසම හිර වැඩි ඇති, අඟල් 18ක් වත් දුර පනින්න බැරි.අපේ රටේ අයත් ඔවැනි ඇඳුම් අඳිනවා. කොහොම ඕකට රින්ගනවද කියල හිතාගන්නවත් බැහැ. හරි කැතයි. (ස)
හිරාටයිථ විජිතටයි දෙවියෝ ගැන ප්‍රශ්නයක් තියෙනවා වගේ. ලෙඩක් ද කොහෙද?? (ස)
" පානාතිපාත වේරමණී සික්ඛාපාදං සමාදියාමි ".පර පණ තම පණ මෙන් සිතන්න. (ස)
හිරා, නිකන් වීරයෙක් වෙන්ඩ එපා. එයාට තවත් මේ ලෝකයේ ජිවත් වෙන්ඩ පින තිබුණා. සහන සේවකයොත් එයට උදව් උනා. ඔයාටත් මොකක් හරි කරදරයක් උනොතින් ඒ වෙලාවට දෙවියෝ මතක් වේවි. එහෙම නොවේව්. (ස)
දෙයියෝ කියන්නේ එතන හිටපු සහන සේවකයන්ගේ ප්‍රධාන එක් කෙනාගේ නමද? (ස)
ශාන්තිට දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා. (ස)
ගොඩක් ස්තුතියි.(නදී)
ශාන්ති හරියටම හරි, දෙවියො කියලා කෙනෙක් නෑ කියන අයම තමයි මොනවා හරි උනොත් ඔක්කොටම කලින් දෙවියෝ සිහි කරන්නෙ. (ස)