ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්රාන්තයේ ප්රාදේශීය රූපවාහිනී නාළිකාවක ප්රවෘත්ති විකාශයක් අතරතුරදී ස්තී්ර දූෂණයක් සම්බන්ධව පැවසුණු පුවතක සැකකරුගේ රුව ලෙස ඇමරිකා ජනපති බැරක් ඔබාමාගේ රුව ප්රදර්ශනය වුනි.
නිවේදිකාව ‘‘20 හැවිරිදි සැකකරුට එරෙහිව චෝදනා ගොනුකිරීමක් සිදුනොවන ලකුණු පෙනෙනන්ට තිබේ. ඒ සදහා පැහැදිලි සාක්ෂි නැති බව නීතිවේදීන් කියයි‘‘ යනුවෙන් පවසමින් සිටි විට ඇය පසෙකින් ජනපති ඔබාමාගේ රුව දිස්විය.
රූපය තත්ත්පර 5 ක් පමණ කාලයක් ප්රදර්ශනයව තිබුණි. පුවත් විකාශයේ නිෂ්පාදකයෝ තම වරද වටහාගෙන තිබෙන බවක් පෙනුනේ වහාම විකාශනය අත්හිටුවා වෙනත් වීඩියෝවක් ප්රදර්ශනය කළ විටය.
මේ සම්බන්ධයෙන් පුවත්පතක් කළ විමසීමකදී වරදක් සිදුව තිබෙන බව එම රූපවාහිනී නාළිකාවේ පාලනාධිකාරිය පිළිගෙන තිබෙන බව සඳහන්ය.
ජනපති ඔබාමා මේ ගැන කිසිත් නොදන්නා සෙයකි. දැනගත්තද තම සරල, විනෝදකාමී පිළිවෙත නිසා ඔහු එය අමතක කර දමනු ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබාමා මහත්මයාගේ කල දවස හොද නෑ වගේ. නරකද අර යෝගී තුමාට හරි සුමදාස මාමට කියල කේන්දරේ ඩිංගක් බලව ගත්තොත් ? (අ)
අනුරුද්ද, අහිංසක අයට ලනු දෙන්න එපා (නදී)
ඕක අපේ රටේ ප්රවෘති වලට කියැවුණා නම් පළාත් බබාලා කී දෙනෙකුගේ පින්තුර වැටේවිද ? (නදී)
වැරදිලා වුණත් වැඩේ මල් 7. (අ)
දැනගත්තද තම සරල විනෝදකාමී පිළිවෙත නිසා ඔහු එය අමතකකර දමනු ඇත. (නි)
දුමින්ද, ලණු නෙමෙයි. බලන්නකෝ සුමනදාසගේ නැකත තිතට වැඩකළ හැටි. ඡන්දෙ දිනන්න ජනතාවට මහන්සිවෙලා සේවය කරන්න ඕනෑ නැහැ. කේන්දරේ වෙලාව බලලා ගුරුකමක් කරගත්තහම ඇති. (නි)
අනුරුද්ධ ඔබ හරි. එතකොට ඔබාමටත් බැරියෑ (නදී)
සුමනදාස මහත්තයට බනින්න එපා (දිල්)
සුමනදාසට ජාතියේ ප්රණාමය. කව්ද බනින මොඩය (අ)