‘එඩ්ස්‘ හෙවත් රෝග මර්දන සහජ හැකියාව හීන වීමේ වයිරසයට සාර්ථක නව එන්නතක් සොයා ගැනීමට බටහිර වෛද්‍යවරුන් සමත් වී ඇතැයි බි්රතාන්යයේ ඩේලිමේල් පුවත් සේවය වාර්තා කරයි.
තවමත් පර්යේෂණ මට්ටමේ ඇති මෙම එන්නත, ඒඩ්ස් වයිරසයට ගොදුරු වී සිටින කැනඩා ජාතික මව්වරුන් සිව් දෙනකුගේ අලූත උපන් බිළිඳුන් සිව් දෙනකුට එන්නත් කළ බවත් ඔවුන් සිව් දෙනාගෙන් තිදෙනකුගේ සිරුරුවලින් වයිරසය තුරන් කිරීමට හැකි වුණු බවත් වෛද්‍යවරු පවසති. සිව් වැනි බිළිදාගේ සිරුරේ වයිරසය යම්තාක් දුරකට අඩපණ වූ බවත් වෛදවරු කියති.
මෙම බිළිදුන්ට, පර්යේෂණ මට්ටමින්ඇති මෙම එන්නත ලබා දී ඇත්තේ ඔවුන් ඉපදී පළමු පැය කිහිපයේදීය. මේ නව එන්නත සම්බන්ධයෙන් බොහෝ වෛද්‍යවරුන් සැක පළ කර ඇති නමුත් ඒ ගැන ලබන 20 වැනිදා ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර දී පැවැත්වෙන ඒඩ්ස් සමුළුවේදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ද ඩේලිමේල් පුවත් සේවය කියයි.
(ඩේලිමේල් වාර්තාවක් ඇසුරිනි )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසනීපයකට බෙහෙත් සොයාගැනීම හොඳ දෙයක්. (නි)
විශ්වාස කරන්නත් අමාරුයි (නි)
ලංකාවේ මිනිස්සු "වංශය කබල් ගගා" ඉන්නවා මිසක් කිසිම අලුත් දෙයක් හොයාගන්නෙත් නැහැ. කවුරු හරි කෙනෙක් හොඳ දෙයක් හොයා ගත්තත් ඒක අගය කරන්නෙත් නැහැ. (නි)
නමුත් අපේ රටෙන් මිට කලින් බෙහෙත් සොයා ගත්ත නේද? ඒ ගැන අවදානයට ලක් උනාද නම් සැක සහිතයි (නදී)
මේක ඇත්තටම නොවිය යුතු දෙයක්. මිනිස්සු මෙච්චර වැරදි කරද්දී ස්වභාවධර්මයේ ඳඬුවම නැති කීරීම ඒක ලොකු වරදක්. (නදී)
මේක දැන ගත් පමණින් හතර අතේ යන්නේ නැතිව වැඩ අරිලා ගෙදර යන එක හොඳයි නේද? (නදී)
කලබල වෙන්නෙපා.. තවම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ (නදී)
ලොකු හාස්කමක් වගේම ලොකු පිනක් කව්රු කෙරුවත්. (නදී)
ඇති යාන්තම්. මම මේ බයේ හිටියේ. (නදී)
මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ වාර්තාවක් කියෙව්වා. ඒකේ තිබුනා මිට කලින් තිබු බැක්ටීරියා වසංගත ලිංගික රෝග වලට සොයා ගත් බෙහෙත් අක්‍රීය වෙලා කියා. ලෙඩ හොඳ වෙන්නේ නැහැ කියා. ඉතින් මේ බෙහෙතත් ටික කාලයක් තියේවි (නදී)
මට දැන් ජීවිත කාලෙම මැද පෙරදිග ඉන්න පුළුවන් (නදී)
සතුටුදායක ආරංචියක් (නි)
වැරදි කරන අය දඩුවම් ලබන්න ඕනෑ කියන එක මෙතැනදී හරිම අනුවණ කතාවක්. හේතුව අප්‍රිකාව වගේ රටවල් වල දරුවන් මේ ලෝකයේ එළිය දකින්නේ මේ වෛරසය එක්ක. මේ බෙහෙත සාර්ථක නම් මුළු ලෝකයම සතුටු වෙන්න ඕනෑ කරුණක් (නි)
ගොඩක් අදහස් දාලා තියෙන්නේ අපේ රටේ මානසික ලෙඩුන් වගේ අයනේ. නැත්නම් බේත් හොයාගන්න එකට අකමැති මොකද? තමුන්ගේ සහෝදරයෙකුට, ළමයෙකුට හැදුනොත් මොකද කරන්නේ? ඇත්ත කතාව අනිත් අය මැරෙන්න, තමුන්ගේ අය බේරෙන්න කියලා හිතන එකනේ. නේද? (නි)
ප්‍රසාද්ට මමත් එකඟයි (නි)
ඔබ හරි ප්‍රසාද්. ඔහේ කියන්නන් වාලේ කියන අයනේ වැඩි (නි)
අපේ රටේ දේශීය වෛද්‍යවරියක් විසිනුත් බෙහෙතක් හොයාගත්තා කියලා මම අසා තිබෙනවා (නි)
හැංගි හැංගි නටපු අය එලිපිට නටාවී. (නදී)
ඒඩ්ස් හැදෙන්න ලිංගික ඇසුරක් ඕනම නෑ. ඒඩ්ස් රෝගියෙකුගේ ලේ අපේ ඇඟ ඇතුලට ආවත් හැදෙන්න පුළුවන්. (ස)
හොඳයි, අපිත් ඒඩ්ස් අඩු කරන්න හදනවා, එ්ත් බැහැ. මේක ලොකු දෙයක් (නදී) , , i
අනේ ඒක හොඳ දෙයක් (නදී)
හොද දෙයක් (නදී)
එක එක අවස්ථාවල මේ ගැන අහන්න ලැබුනත් ඒ එකක්වත් මට නම් තවම විශ්වාස නැහැ. මේක ඇත්ත නම් ලෝකයටම කළ ලොකු සේවයක් (නි)
ජිවිතය ගැන බලාපොරොත්තු නැති වූ අයට අයෙත් වසන්තය ඇවිත් (අ)
නමුත් අපේ රටෙන් මිට කලින් බෙහෙත් සොයා ගත්ත නේද.. ඒ ගැන අවදානයට ලක් උනාද නම් සැක සහිතයි. (නදී)
තවම යකා සුදුවෙලත් නෑ නේ. (ස)
මෙයට බෙහෙත් හොයන එක ලොකු අපරාධයක්. වැරදි කරන කෙනා විඳ වන්න ඕන. නීතියෙන් දඩුවම් නොලබන මොවුන්ට මේ දේ වෙන්නම ඕන. එත් අහිංසක දරුවෝ බේරගන්න වැඩ පිළිවෙලක් හොයන එක ලොකු පින්කමක්. (ස)
එ්ක ගොඩක් හොදයි (නදී)
නියමයි (නදී)
මේක ඇත්තටම අගයන්න ඕනා. එ් උනාට දැන් මිනිසුන්ට තියෙන බය නම් අඩු වේවි. (නදී)
හොඳ දෙයක් (ස)
ඇත්තෙන්ම හොද වැඩක් කරල තියෙන්නේ. (නදී)
ලංකාවෙ ඩෙංගු වලට බෙහෙත් හොයා ගත්ත වෛද්‍යවරිය මීට ගොඩක් දවසකට කලින් බෙහෙත් හොයා ගත්තා.ඒ ගැන කිසි කෙනෙක්ට ගානක් නෑ.ලංකාවෙ දේ වටින්නේ නැහැනේ. (ස)
කොහොම වුණත් අසනීපයකට බෙහෙත් සොයා ගෙනීම, හොද දෙයක්, (අ)
සතුටුදායක පුවතක් (නි)
ලෙඩකට බෙහෙත් සෙයා ගැනීම ඉතා හොඳයි (අ)
මේක වෙන්න ඕනේ මෙහෙමයි. ළදරුවන්ට පමණක් සාර්ථකව ක්‍රියාකරන එන්නතක් හදන්න ඕනේ. ලොකු අය විඳවන්නම ඕනේ. (නදී)
කාට හරි හැදුනනම් තේරේවි. (ස)
මෙතන ඉන්න ගොඩක් අය ලිංගික ඉරිසියාව කියන රෝගය තියන කට්ටිය. මොනම හේතුවක් නිසා උවත් මිනිහෙකුට ලෙඩක් හැදුනොත් ඒක හොද කරන්න ප්‍රතිකර්ම හොයාගන්න ඕනේ (නදී)
කවරාකාරයේ උවත් මාරාන්තික රෝගයන් සදහා ප්රතිකර්මයන් සොයා ගන්නන් මිහිපිට දෙවියන් හා සමානය. (නදී)
ලොකු පිනක්. දැන් වැඩියන් හදාගනි මම හිතන්නේ (නදී)
සමහර අයට මේ ආරංචිය ලොකු සතුටක් වේවි (නි)
මේ වගෙ දේවල් හොයාගන්න අය හරිම උතුම් (නි)
අනේ! කොච්චර හොඳද? (නි)
සමහරු මෝඩ කතා කියනවා, පොඩි අය බේරගෙන ලොකු අය මැරෙන්න අරින්න කියලා. ඇයි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වලින් විතරද මිනිසුන්ට ඒඩ්ස් හැදෙන්නේ? (නි)