සතුරු බෝට්ටු හා නියමුවන් රහිත ඩ්‍රෝන යානා බිම හෙළීමේ හැකියාව ඇති නව ලේසර් අවියක් ඇමෙරිකානු නාවික හමුදාව නිපදවා ඇතැයි එරට යුද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවමත් පරීක්ෂණ මට්ටමේ ඇති මෙම ලේසර් අවිය 2014 වසරේදී ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යූ.එස්.එස් පොන්ස් නෞකාවට සවි කිරීමට නියමිතව ඇති බව නාවික හමුදා පර්යේෂණ ආයතනය පැවැසීය.
චලනය වන ඉලක්ක වෙත අධි බලැති ලේසර් කිරණ ආධාරයෙන් පහරදීමේ හැකියාවක් සතු මෙම අවිය නිසා නූතන යුද කටයුතු විප්ලවීය වෙනසකට බඳුන් වනු ඇතැයි ද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව කවදාහරි විනාශ වෙන්නේ ඔවුන්ගේම භයානක අවියක් පිපිරීමෙන්. මට ඉර හද වගේ විශ්වාසයි. (නි)
හා හා හා මේකත් වැරදීමක්ද?? (නි)
මේක උතුරු කොරියාවේ පාවිච්චි කරන්න පුළුවන් .... (නි)
සුබ පැතුම්! ලෝක නායකත්වය තවදුරටත් තහවුරු වුණා. (නි)
මට ඕක ගන්න ඕනෑ, අල්ලපු ගෙදර ගෑනිගෙන් හැමදාම කරදර. (නි)
සුජිත් රත්නායක,ඔබ කියන්නෙ ඔයාලගෙ උතුර දිසාවෙ ගෙදර ඉන්න ලලිතක්ක ගැන නේද? (ස)
අනේ ඔය වගේ එකක් අරන් මත්තල එයාර්පොර්ට් එකට කරදර කරන කුරල්ලන් ටික එලවන්ද පුලුවන්නේද ?(ස)