වර්තමානයේ ඇති තාක්ෂණයෙන් හා පහසුකම් වලින් පිරි ජංගම දුරකථනයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ඉතා සරල එමෙන්ම කල් පැවැත්ම අතින් ඉහළ යැයිද කියන අලූත්ම ජංගම දුරකථනයක් එළිදැක්වීමට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් වේ.
නොකියා 215 ලෙස නම් කර තිබෙන මෙම දුරකථනය ඉහළ බැටරි ධාරිතාවයක්, සරල වුවත් වැඩකටයුතු රාශියක් කළ හැකිවීමත් ආදී ලෙස එදා නොකියා නාමයට හිමිව තිබූ තැන යළිත් නිර්මානය කර ඇත්තක් ලෙස මයික්‍රොසොෂ්ට් සමාගම හඳුන්වාදී තිබේ.සමාගම් ආරංචි මාර්ග වලට අනුව වරක් ආරෝපණය කළහොත් මෙම දුරකථනයේ බැටරිය මාසයක් පමණ ගතවනතෙක් නැවත වරක් ආරෝපණය කළ යුතු නැත.
හුරුබුහුටි ලෙස නිමවා ඇති මෙම දුරකථනයේ පහසුකම් නැතුවාද නොවේ. කැමරාවක්, අන්තර්ජාල පහසුකම්, බ්ලූටූත් ආදී වර්තමානයේ ජංගම දුරකථනයකට අත්‍යාවශ්‍ය යැයි සැලකෙන පහසුකම් එහි තිබේ.
එය මිල කර තිබෙන්නේ ඩොලර් 29 ක (රුපියල් 3810.60) මිලකටය.
මෙම දුරකථනය ආසියාව හා අපි‍්‍රකා රටවල් මුල් කරගෙන හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන බව මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කරයි. බොහෝ විට මෙම වසර මුල් මාස 3 අතර කාලයේදී එම කලාප වල වෙළදපොළවලට මෙය නිකුත් කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාරද මේකේ තියෙන්නේ කාර් බැටරියක් බය නැතුව කතා කරන්න ! (ස)
මේ තියෙන්නේ ඔය කියන ෆෝන් එක ගැන විස්තර http://www.gsmarena.com/nokia_215-6910.ෆ්ප් මේ මාදිලියෙම ඩුවල් සිම් ෆෝන් එකකුත් තියෙනවා http://www.gsmarena.com/nokia_215_dual_sim-6911.php. (අ)
නාරද ඔබ හරි ස්ටෑන්ඩ් බයි කාලය තමා දවස් 29. මුළු කතා කාලය පැය 20. (නදී)
ගුණදාස මොනවද කියන්නේ ? තේරෙන කෙනෙක් පැහැදිලි කර දෙනවද ?(දිල්)
මේකට චාජරයක් වෙනුවට ඩයිනමෝවක් දෙනවලු (නදී)
මේ දුරකතනය ගොඩක් වටිනවා (දිල්)
මෙවැනි දුරකතනයක් ලංකාවට වටිනවා (දිල්)
තිරය පොඩි ලංකාවට හරියන්නේ නැහැ (නි)
ඇත්තෙන්ම සුපිරි දුරකථනයක් (නි)
කමක් නෑ ගනං වැඩි වුනත්. (ර)
නිරංජන් මහතාණෙනි, ඔබ මේ ලිපිය කියෙවුවා නම් සිංහල වැටහෙනවා නම් ඔහු කියා තිබෙන්නේ දුරකථනය මිල අඩුවුණත්, අනෙක් මිල අධික දුරකථන වලින් කරනා ක්‍රියා සියල්ල සිදුකරන බවය. බැටරිය මාසයක් නැතිවුණත් සතියක් තිබුනත් දුප්පත් අපිට ඉතා වටිනවා. එය දකිනතුරු බලා සිටිමි (නි)
පිටබැද්දර ජයාණෙනි, බැටරිය ගෙනයන්න නොමිලයේ වීල්බැරෝවක් දෙනවාලු? (නි)
වරක් ආරෝපණය කළවිට නැවත මාසයක් ගතවනතුරු ආරෝපණය කළ යුතු නැති බව පැවසුවත් මෙයට අදාළ වෙනත් සාධක තිබෙන බව කවුරුවත් කියන්නේ නැහැ. ජංගම දුරකථනයකන් ඇමතුම් ගන්නාවිට, කෙටි පණිවිඩ යවනාවිට වැනි ක්‍රියාවන්වලදී බැටරිය බැසයනවා. මේ පවසන දුරකථනයේ වුවත් දීර්ඝ ඇමතුම් ගතහොත් මාසයක් නොව සතියකින් වුවත්, ඇතැම්විට දින කිහිපයකින් වුවත් බැටරිය බැස යා හැකියි. අනෙක් කාරණය තමයි පෞද්ගලිකම මට ඇමතුම් පමණක් ලබාගන්නා දුරකථනයකින් ප්‍රයෝජනයක් නැහැ. ඒ මගේ අවශ්‍යතාවය හැටියටයි. ඒ නිසා එය තීරණය වන්නේ සෝබනය මත නොව අවශ්‍යතාවය මතයි. (නි)
ඉක්මනට ලංකාවට ගෙන්නන්න. ඉදිරි කාලයේදී ලංකාව තුල පටන් ගන්න හර්තාල් වලට මෙය ඉතා යෝග්‍යයි. වතුර ටැංකි, ලයිට් කණු, බිල්ඩින්. හා ගස් උඩට නැග එක දිගට මාසයක් බලධාරින් සමඟ සාකච්චා කරමින් හර්තාල් කර ඉල්ලීම් දිනාගන්න පුළුවන් වෙයි. (බ)
එතකොට බදු සමඟ මිල කීයද? (නි)
මොන පිස්සුද පත්තරේ මොනව හරි අළුත් දෙයක් දාන්න එපායැ. අපිත් මෝඩයො වගේ කොමෙන්ට් දානවා. (නදී)
මේ කියන සමාගමේ ප්රචාරක යාන්ත්‍රණය හරිම ප්රබලව සිත් කාවදින ලෙස ඉදිරිපත් කළත් බඩු ගැන අපිට විශ්වාස නැහැ. බැටරිය වරක් ආරෝපණය කළ පසු මාසයක් ගතවන තෙක් නැවත ආරෝපණය නොකරන්නේ කථා නොකර සිටියහොත් යැයි විශ්වාස කරමි. (නි)
එම දුරකථනය ඉක්මනින් ලංකාවට එනවාට මම කැමතියි. මටත් එකක් ගන්න. දැන් තිබෙන එක මීටත් වැඩිය මිල අඩුයි. එහෙත් ඕනෑ දේ වෙනවනේ සත්‍යපාල කියනවා වගේ. (නි)
සත්‍යපාල,ඔබ පිටරටක වැඩ කරද්දී ඔබට මුදල් වලින් කරගන්න දේවල් බොහෝමයි. නමුත් ලංකාවේ ඉන්න කෙනෙකුට තමන්ට තිබෙන ලොකුම ආශාව මිල අධික දුරකථනයක් පමණක්ම විය හැක. එය ඔහුට ලෝකයක් තරම්ය. (නි)
ඉතාම හොඳ දෙයක්. සාධාරන මිලක්. (නි)
පද්මසිරි, සහතික ඇත්ත ඔයාගේ කතාව (නි)
පත්මසිරි කිවුවා වාගේ, ලංකාවේ බහුතරය මිල අධික නම් එයින් කෙරෙන සේවයක් නැති වුණත්ගන්නට පොරකනවා.සිම් කාර්ඩ්පතක් නොමැතිව හෝ එය අනෙක් අයට පෙන්වා තබාගැනීමත් කරනවා. (නි)
පත්මසිරි මාපලගම, ඔබ හරියටම හරි.1996 සිට මම පිටරට සිටියත් තවම භාවිත කරන්නේ ඉතාමත් අඩුම මිල ජංගම දුරකථනයක්.එය මට හොඳටම ප්‍රමාණවත්. මම නිවාඩුවකට ලංකාවට එන විට රැකියාවක්වත් නොකරන මගේ ඥාතියකු මට කියන්නේ එයාට මිල අධිකම දුරකථනයක් ගෙනවිත් දෙන ලෙසයි.ලංකාවේ අපි අවශ්‍ය වුණත් නැතත් හොයන්නේ ලෝකයේ තිබෙන සියල්ල සහිත දේවල්. (නි)
ඒක නම් සහතික ඇත්ත පද්මසිරි. නමුත් තමන්ගේ අවශ්‍යතාවය ඉටුවෙනවා නම් අඩුම මිලක එකක් ගන්න අපි වගේ අයත් ඉන්නවා (නි)
ඕක කොපමණ හොඳ එකක් උනත් ,ඕනෙම දෙයක් කරන්න පුළුවන් උනත් , මිල අඩු නිසා ලංකාවේ අලෙවි කළ නොහැකිය , ලංකාවේ අයට ඕනේ වැඩක් නැති උනත් මිල අධික දෙයක් , භාණ්ඩයේ මිල පවසා මානසික තෘප්තිය ගන්න කොටස වැඩියි (බ)