විශ්වවිද්‍යාල පිවිසුම සදහා පැවැත්වුණු විභාගයකට සිය දියණිය වෙනුවට පෙනී සිටි මවක අත්අඩංගුවට ගැනීමට ප්‍රංශයේ පැරිස් නුවර පොලිසිය සමත්ව තිබේ.
පණස් හැවිරිදි මේ කාන්තාවගේ දියණිය දහනව හැවිරිදිය. වයස සැගැවීමට තරුණියන් අදිනා ඇදුම් පැළදුම් වලින් සැරසී ඇය විභාග ශාලාවට ඇතුල් වී තිබේ. ඇයගේ අවාසනාවට විභාග ශාලාවේ සිටි පරීක්ෂකවරයා ඇයගේ දියණිය අදුනන අයෙකි. මේ සිටින්නේ වංචාකාරිනියක බව වටහා ගෙන ඇති ඔහු පොලිසිය දැනුම්වත් කර තිබේ.
පොලිසිය පැමිණියද විභාගය අවසන් වන තුරුම රැදී සිට ඇත්තේ අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදුකරන්නට ගියහොත් අනෙක් සිසුන්ට බාධා වනු ඇතැයි සිතාය. විභාගය අවසන් වූ වහාම තරුණ වෙසින් සිටි කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කර ඇත.
ප්‍රශ්න කිරීම් හමුවේදී තමා දියණිය වෙනුවෙන් විභාගයට පෙනී සිටි බව ඇය පිළිගෙන ඇත්තීය.ඇයට එරෙහිව චෝදනා ගොනු කිරීමට පොලිසිය සැරසේ. පවුම් හත්දහසක පමණ දඩයක්ද ගෙවීමට ඇයට සිදුවනු ඇත.දියණියටද වසර පහකට බලපැවැත්වෙන විභාග තහනමක් පැනැවෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපුවහම ලෝකේ අනෙක් රටවලුත් ලංකාවේ වැඩේ කරනවා (නි)
ලංකාවෙන් කොපි කරලා. වැඩේ කැතයි. (නි)
බ්රසිලයේත් එහෙම වෙනවා (නි)
මේ ප්‍රවෘත්තියේ වැදගත්ම කොටස තමයි, "අනික් සිසුන්ට බාධා වන නිසා පොලිසිය විභාගය අවසන් වනතුරු ඉවතට වී රැඳී සිටීම". අපේ ඔහොම දෙයක් වුනා නම්? (නි)
මෙය සත්‍ය සිද්ධියකි. මවගේ වයස 52 ක් දුවගේ වයස 19 ක්. (නි)
අම්මල,දුවල හදුනන්න බැහැනේ. දැන් තියෙන ඇදුම් විලාසිත අනුව. අනික පාසල් වලට නියමිත නිල ඇදුම් නැහැ. නිදහස.නිදහස.... (නි)