අඟහරු මත තිබෙන ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනයට (නාසා) ආයතනයට අයත් කියුරියෝසිටි රොබෝ රෝවරය අසළ පුද්ගලයෙකුගේ වැනි ඡායාවක් සටහන්ව තිබෙන ඡායාරූප කිහිපයක් විද්‍යාඥයින්ගේ මෙන්ම පිටසක්වල ජීවය ගැන උනන්දුවන්නන්ගේ අවධානය දිනාගෙන තිබේ.
කෙටි ඉත්තෑකුරු හා සම හිසකෙස් ඇති පුද්ගලයෙකු රොබෝ රෝවරයට හේත්තුවීගෙන එයට කුමක් හෝ උපකරණයක් සවිකරන කටයුත්තක නියැළෙන අයුරු පෙනෙනා ඡායාවක් මෙම ඡායාරූපයන්ගේ සටහන්ව තිබේ.
රොබෝ රෝවරෙයේම කොටසක් මෙසේ මිනිසෙකු මෙන් පෙනෙතැයි නාසා විද්‍යාඥයින් පැවසුවද පිටසක්වල ජීවය ඇතැයි විශ්වාස කරන්නවුන්ට මෙන්ම ඇතැම් විද්‍යාඥයින්ටත් මෙය එවැන්නක් නොවේ.
ඔවුන්ගෙන් ඇතැමෙක් මේ නම් සැබෑවටම පිටසක්වල ජීවියෙක්යැයි පවසා සිටින අතර අනෙක් කොටස නාසා ආයතනයට චෝදනා කරන්නේ අගහරු මතට යවා ඇතැයි කීවද කියුරියෝසිටි රෝවරය පෘථිවිය මතම තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි කියමිනි.
2012 වසරේදී අඟහරු මතට ගොඩබැසි කියුරියෝසිටි රොබෝ රෝවරයේ රාජකාරිය වන්නේ අතීතයේ කවර හෝ කාලයක අඟහරු මත ජීවය පැවත ඇත්දැයි සොයාබැලීමය. නාසා ආරංචි මාර්ග වලට අනුව පසුගිය දෙසැම්බරයේ රොබෝ රෝවරයට අඟහරු මත මීතෙන් වායුව තිබුණු බවට සාක්ෂි හමුව තිබෙන අතර මීතේන් යනු ජීවීන්ගේ ජීර්ණ කි‍්‍රයාවලින් නිසා නිපදවෙන වායුවකි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදුවන බව නාසා ආයතනය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් විශ්වාස කරන්නත් බෑ (දිල්)
මට තිබෙන එකම ප්රශ්නය මේ රොබෝගෙ කැමරාවට ඇයි ඇත්ත ජීවියා අසුනොවුණේ? (නි)
අපේ දේශපාලුවෙක් එහෙත් අකුණු සන්නායකය ගළවනවද කොහෙද? (නි)
සෙවණැල්ලත් කැමරාවට අසුවුණා නම් සෙවණැල්ල අයිතිඅය කැමරාවට අසුනොවී තියේද? (නි)
එහෙනම් අනෙක් ග්‍රහලෝකවල නැත්තේ ඇයි? (නි)
පෘතුවිය හැරෙන්න වෙන ජීවින් ඇති ග්‍රහලෝකයක් නැහැ කියලයි මම නම් කියන්නේ (නි)
මට නම් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ (නි)
පංචිකාවත්තේ කට්ටිය නාසා එකටත් කලින්ම එහෙ ගිහිල්ල වගේ. (නදී)
අප සම්මා සම්බුදු රජානන් වහන්සේ පැහැදිලිව දේශනා කරල තියනවා විශ්වයේ අනන්ත අපරිමාන ජීවීන් සිටින ග්‍රහ ලෝක තියනවා කියලා. හැබැයි එක සෞරග්‍රහ මන්ඩලයකට එක ගුහ ලෝකයක් පමනයි. ඒ් අනුව සෞරග්‍රහ මන්ඩලයේ ජීවීන් සිටින ග්‍රහ ලෝකයකට තියෙන්නේ මේ අපි ඉන්න පෘතුවිය පමනයි (නදී)
හසන්, දැනට එස්ටිමේට් කරලා තියෙන විදිහට 1 බින්දු 21 ටම ග්‍රහලෝක මේ විශ්වයේ තියනවා කියල ගණනය කරලා තියනවා. එ්කෙන් .000001 ගත්තත් ග්‍රහලෝක 10000 ක් වගේ තියනවා කියල හිතන්ඩ පුළුවන්. ජයගන්ඩ බැරි බාදක තමයි කාලය සහ දුර.(නදී)
රසිකා කියලා තියෙනවා විද්‍යාව හා තාක්ෂණය සියලුම ආගම් වල අවශ්‍යතාවය නැතිකරනවා කියලා. ඒ සිතුවිල්ල තරම් අවිද්‍යාවක් මේ මිහිපිට තවත් නැහැ. විද්‍යාවෙන් පෙර කියූ දෙය අද වෙනස් වෙනවා. අද කියූ දෙය හෙට වෙනස්වෙනවා. මේක දැන් ශත වර්ෂ ගණනාවක් එක දිගට වෙනස් වුණා. යමෙකුට කියන්න පුළුවන් ටික ටික සත්‍යයට ළංවෙනවා කියලා. නමුත් සත්‍ය වශයෙන්ම වන්නේ අතුරු පාරකට වැටී අපි සත්‍යයට කවදාවත් යළි නොපැමිණිය හැකි ලෙස එයින් අපගමනයවීමයි. (නි)
මට නම් කිසිම අමුතු දෙයක් පෙනෙන්න නැහැ. නිකන් රොබෝගේ හෙවණැල්ලක් විතරයි තියෙන්නේ. අපේ සෞරග්‍රහ මණ්ඩලයේම ජීවය තියෙන්නේ පෘතුවියේ විතරයි. (නි)
අන්තිමට කොච්චර හෙව්වත් වැඩක් වෙන්නේ නැතිව බුදුහාමුදුරුවෝ දේශනා කළ දේ ඇත්ත කියා පිළිගන්නවා බුදුන් වහන්සේ මෙම ලෝකෙන් පිට ලෝකෙක අයට ධර්මය දේශනා කළ බව නම් තියෙනවා.(දිල්)
පේන විදියට පිටසක්වල ජීවියෙක් නෑ.(හේ)
පෙනෙන විදිහට නම් සතෙක් වගේ හැබැයි අප්‍රිකාව වගේ වටපිටාවක් තියෙන්නේ.(හේ)
මේ කතාව ඇත්ත නම් මුලින් ෆොටෝ එක ගත්ත එකට අහු උනේ නැත්තේ අැයි ? (නදී)
අපි නම් මේවා දන්නේ නෑ (දිල්)
පඬුපුල් ආසනේ තව ටික කලකින් සොයා ගනී (නදී)
බුදු රජාණන්වහන්සේ දේශනා කළ දෙයින් නවීන විද්‍යාව සොයාගෙන තියෙන්නේ සියයට එකයි. අපි ජිවත් වෙන සුර්යා ප්‍රමුක ග්‍රහ ලෝක අපි හදුන්වන්නේ මන්දාකිනියක් ලෙස. එවෙනි මන්දාකිනි දහස් ගණනක් මේ විශ්වයේ තියෙනවා. එ් නිසා තවත් ජීවින් සහිත ග්‍රහ ලෝක මේ විශ්වයේ තියෙනවා (නදී)
ඉවසන්න ඔය සෙවනැල්ලේ අයිතිකරුවා තව ටික දවසකින් සොයාගනී.(හේ)
සමහරවිට ඔය ග්‍රහලෝකේ ඉස්සර මිනිස්සු ඉන්න ඇති (නි)
බන්දුල පෙරේරා හෙවත් පිවිතුරු යහපාල ලියන ඒවා දකිනකොට අපිට නම් හිතෙන්නේ කොහොමටත් අඟහරු ලෝකයෙන් කඩා පාත්වූ මොළය හරියට වැඩුනේ නැති කෙනෙක් ලංකාවේ ජීවත්වෙනවා කියලා තමයි. (නි)
හසාන්, ඔබ රැවටෙන නොරැවටෙන එක අතරේ නෙමෙයි ප්රශ්නය තියන්නේ.ඔබ අදහස් දක්වන්නේ මෙතෙක් පරම්පරාවෙන් පරම්පරාවට උගත් දේ හා විශ්වාසය මත පදනම්ව මිසක් ඉන් එහා කිසිවක් හිතලා නෙමෙයි. ඔබට විතරක් නෙමෙයි අපි කාටත් මේ විශ්වය ගැන සියල්ලම කියන්න බැහැ. නමුත් බුද්ධ දේශනාවට අනුව අනන්තයට සොයා ගියත් කෙළවරක් නැත. (නි)
අනේ අනේ හසාන්! (නි)
හසාන්, ඔයාට වෙන මොකුත්ම හිතන්න මොළයක් නැද්ද? (නි)
තේරුමක් නැති වැඩ මේවා. කොච්චර හෙව්වත් ඉතින් හොයලා ඉවර කරන්න බැහැනේ. නමුත් මෙයින් ලැබෙන තාක්ෂණික දියුණුව වගේ දේවල් මිනිසුන්ට වැදගත් වෙනවා. මට නම් හිතෙන්නේ දෙපැත්තක් තියෙනවා. හැමදේටම සීමාවක් තියෙන්න ඕනෑනේ (නි)
විද්‍යාව හා තාක්ෂණය විසින් අනාගතයේ සියලුම ආකාරයේ ආගම් මිනිසුන්ට අනවශ්‍ය කරවනවා. ගෝත්‍රික යුගයේ ආගම් සහ මතවාද නිසා ලෝකයට අහිමිවූ දේ බොහෝය. (නි)
හැබැයි එක දෙයක්. ඕවාට නාස්ති කරන මුදල අප්‍රිකාවේ දුගී දුප්පත්කම නැති කරන්න යෙදෙවුවා නම් මොනතරම් පිනක්ද? (නි)
තෙරක් නොපෙනෙන ලෝකයේ යම් තරමින් හෝ විද්‍යාව දියුණු වියයුතුය. විද්‍යාවේ දියුණුව යනු හුදෙක් මිත්‍යා මත, විශ්වාස පමණක් එල්බගෙන සිටින බොහෝ දෙනෙකුට අලුත් පිරිපුන් මනසකින් ලොව දෙස බැලීමට මඟපෑදීමය. (නි)
පිටබැද්දර ජයා, මුදල් නාස්තියක්ම කියන්න බැහැ. පර්යේෂණ කරන්නේ නැතුව අලුත් දේවල් හොයාගන්න බැහැනේ (නි)
මේකේ ඉන්න අය ලිඳ ඇතුලේ ඉන්න ගෙම්බෝ වගේ (නදී)
අපි රැවටෙන්නේ නැහැ. මේ මිහිතලයේ හැර වෙනත් කිසිම තැනක ජීවීන් සිටින්න බැහැ (නි)
හසන් මල්ලි ඔබ රැවටෙන්නේ නැහැ කියමුකෝ. නමුත් එදා ඉඳලාම ඔබව රවට්ටලා තියෙන්නේ.ඔබට අලුතෙන් හිතන්න බැහැ.(දිල්)
පලවෙනි ෆොටෝ එක අරගත්තේ මොන කැමරා එකින්ද? රෝවර් එකට සෙල්ෆි ගහනත් පුලුවන්ද? (ර)
කෙටි ඉත්තෑකූරු හා සම හිසකෙස් ඇති පුද්ගලයෙකු නම් ෂුවර් එකටම අර පරණ කාටුන්වල හිටිය "සිරිබිරිස්" වෙන්න ඕනෑ. (නි)
මාධව, කිලෝමීටර් ට්‍රිලියන ගණන් ගිය යානා වලටවත් මොකුත් හමුවෙලා නැහැ. (නි)
රසිකාගේ අදහස මමත් අනුමත කරනවා. (දිල්)
පළමු ඡායාරූපය ගත් කැමරාවෙන්ම දෙවැන්නත් ගත්තා නම් පිටසක්වල ජීවියා අතටම අහුවෙනවා (නි)
කෑලි ගලවනවා වගෙයි කවුරුහරි (නි)
හසන්ගේ පැත්තෙන් හරිවුණාට,දැනට බොහෝ ග්‍රහයින් සොයාගෙන ඇතිබව සහ අනන්තයක් සොයා යාම නිෂ්ඵල ක්‍රියාවක් බව දෙසු' බුදු දහම' විදුඇසට සමාන්තරව බොහෝ ඉදිරියෙන් (නි)
මට නම් විශ්වාසයක් නැහැ (නි)