විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ ඒකායන අරමුණින් 15 වැනි වතාවටත් විශ්වවිද්‍යාල තරග විභාගයට ඉදිරිපත්වූ 86 වියැති පුද්ගලයෙකු ගැන චීනයෙන් වාර්තා වේ.
වැන්ග් ෂියා නම් වන මෙම පුද්ගලයා චීනයේ විශ්වවිද්‍යාල සදහා සිසුන් ඇතුළත් කරගැනීමට පැවැත්වෙන ගාවෝකෝ විභාගයට පෙනීසිට ඇත්තේ 1949 වසරේදීය.එතැන් පටන් 14 වතාවක්ම ඔහු නොයෙක් වර විභාගයට පෙනී සිට ඇත.නමුත් ඒ කිසිම අවස්ථාවකදී විභාගයෙන් සමත්වීමට ඔහුට හැකියාවක් ලැබී නොමැත.
මෙවර 15 වැනි වතාවටත් විභාගයට පෙනී සිටි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ මෙවර තමන් අනෙක් සියලූ අවස්ථාවලට වඩා සූදානම්ව විභාගයට මුහුණදුන් බවයි.
වැන්ග් ෂියා වෙදකමෙහි දක්ෂයෙකු වන බව පැවසේ. නමුත් ඔහුට වෛද්‍ය උපාධියක් නොමැත.මෙනිසා ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ වෛද්‍ය උපාධියක් ලබාගැනීමටය.
ඔහුගේ උත්සාහයට ගෞරව කරනු වස් 2007 වසරේදී චීනයේ නැන්ජින්ග් වෛද්‍ය විද්‍යාලය ඔහුට ගෞරව උපාධියක් පිරිනමා ඇතත් එයින් සෑහීමකට පත්වීමට ඔහුගේ කැමැත්තක් නැත. වෙසෙවී තමන්ම උපාධිය ලබාගත යුතුයැයි ඔහු දැඩිව අදිටන් කරගෙන සිටී.
ගාවෝකෝ විභාගය චීනයේ අති දුෂ්කරම විභාග අතුරින් එකක් ලෙස සැළකෙන අතර ලක්ෂ 90 ක සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල වරම් දිනාගැනීමේ අරමුණින් ඊට ඉදිරිපත් වෙති. චීනයේ අධ්‍යාපන පහසුකම් ඇත්තේ ලක්ෂ 69 ක සිසුන් පිරිසකට පමණක් වන හෙයින් විශ්වවිද්‍යාල වරම් දිනාගැනීමට සිසුන් අතර පවතින්නේ දැඩි තරගයකි.

![29718EAB00000578-3115741-Determined_Wang_Xia_86_has_sat_the_entrance_exams_10_times_since-a-3_1433784046360[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29718EAB00000578-3115741-Determined_Wang_Xia_86_has_sat_the_entrance_exams_10_times_since-a-3_14337840463601.jpg)
![29718EC400000578-3115741-Tenacious_He_has_failed_every_time_but_says_he_has_prepared_thor-a-4_1433784050329[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29718EC400000578-3115741-Tenacious_He_has_failed_every_time_but_says_he_has_prepared_thor-a-4_14337840503291.jpg)
![29718EE400000578-3115741-Warm_welcome_Mr_Wang_who_is_believed_to_be_the_oldest_candidate_-a-6_1433784059705[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29718EE400000578-3115741-Warm_welcome_Mr_Wang_who_is_believed_to_be_the_oldest_candidate_-a-6_14337840597051.jpg)
![29718EEA00000578-3115741-No_stopping_him_His_family_said_that_he_should_continue_taking_t-a-7_1433784064803[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/29718EEA00000578-3115741-No_stopping_him_His_family_said_that_he_should_continue_taking_t-a-7_14337840648031.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සාහවන්තයා ජයගනී කවදා හෝ දවසක. (නි)
ඉසුරන්දි, කතාව ඇත්ත (නි)
ඉගෙනීමට වයස් සීමාවක් නැත. අප සැමදාම ඉගෙන ගනිමින් උගන්වමින් සිටිමු...(ම)
එකට ලංකාවේ ඔක්කොම මැති ඇමතිවරුන්ට ගෞරව උපාධි තියනවා.(ම)
හොඳට ඉගෙනගෙන ලොකු රස්සාවක් කරන්න ලොක්කෙක් වෙන්න වාසනාව ලැබේවායි මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා (නි)