IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


39 වැනි දිනටත් කාශ්මීරයේ ජන ජීවිතය අඩාල වෙයි

ඉන්දීය රජය කාශ්මීරයට ලබා දී තිබූ බලතල ඉවත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කිරීමත් සමඟ 39 වැනි දිනටත් ජන ජීවිතය අඩාල වී ඇතැයි නිලධාරීහු ප්‍රකාශ කළහ.

පාසල් වසා දමා ඇති බවත් පොදු ප්‍රවාහන සේවා නැවැති ඇති බවත් ඔවුහු කීහ.

කාශ්මීර නිම්නයේ ප්‍රදේශ රැසක මහජන රැස්වීම්, එකතුවීම් සහ ජනතාවගේ ගමනාගමනයට පනවා තිබූ සීමා ඉවත් කර ඇති නමුත් නීතිය සහ සාමය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශ යොදවා ඇතැයි ද නිලධාරීහු කීහ.

ජංගම සන්නිවේදන සේවා සහ දුරකතන ඇමතුම් මත පනවා තිබූ සීමා මායිම් ඉවත් කිරීම සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු කර ඇතැයි නිලධාරීහු පැවැසූහ.  

කාශ්මීර නිම්නයේ ස්ථාවර දුරකතන ජාල ක්‍රියාත්මක වුවද ජංගම දුරකතන මගින් ඇමතුම් ලබාගැනීම සීමා කර තිබිණි. විශේෂයෙන්ම උතුරු කාශ්මීරයේ කුප්වාරා හන්ද්වාරා වෙත එම සීමා පනවා තිබිණි.

ශ්‍රී නගර් හි ඇතැම් ප්‍රදේශවල පෞද්ගලික ප්‍රවාහන කටයුතු සිදු වූ බවත් නගරයේ ඇතැම් ස්ථානවල ඔටෝ රික්ෂෝ දක්නට ලැබුණු බවත් නිලධාරීහු කීහ. වෙළෙඳසැල් සහ ව්‍යාපාරික තවමත් විවෘත කර නැති අතර කාශ්මීර නිම්නයේ පොදු ප්‍රවාහන සේවා ද තවමත් ක්‍රියාත්මක නැත.

අන්තර්ජාල සේවා සියල්ලම තවමත් අවහිර කර ඇතැයි ද නිලධාරීහු කීහ.

පාසල් විවෘත කිරීමට ප්‍රාන්ත ආණ්ඩුව උත්සාහ කළ ද ආරක්ෂක සම්බන්ධයෙන් පවතින සැකය හේතුවෙන් මාපියෝ දරුවන් පාසල් නොයවා සිටිති.

ඉහළ පෙළේ සහ දෙවැනි පෙළේ බෙදුම්වාදී දේශපාලනඥයන් අත්අඩංගුවට ගෙන ඇති අතර හිටපු මහ ඇමැතිවරුන් තිදෙනා වන ෆාරුක් අබ්දුල්ලා, ඕමාර් අබ්දුල්ලා සහ මෙහූබා මුෆ්ති ඇතුළු ප්‍රධාන පෙළේ නායකයෝ රැඳවුම් භාරයේ හෝ නිවාස අඩස්සියේ පසුවෙති.

දි හින්දු ඇසුරිනි 

055

 



අදහස් (0)

39 වැනි දිනටත් කාශ්මීරයේ ජන ජීවිතය අඩාල වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 620 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site