2024 ඔලිම්පික් උළෙල පැවැත්වීමට රටවල් හතරක ප්‍රධාන නගර හතරක් අයදුම්පත් භාරදී ඇත්තේය. ප්‍රංශයේ පැරිස් ,ඉතාලියේ - රෝමය,හංගේරියාවේ - බුඩාෆෙස්ට් හා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් එම නගර හතරයි.

මින් පෙර තුන් වරක් පැරීසිය අයදුම් කළද අවසාන වටයේදී මෙවර පැරීසියේ ඔලිම්පික් ලාංඡනය පසුගිය පෙබරවාරි 09 වැනිදා පැරීසියේ සුප‍්‍රසිද්ධ චාර්ල්ස් ඩිගෝල් චතුරශ‍්‍රයේ ඵෙතිහාසික කුළුණ ලාංඡනයේ ඇති වර්ණ වලින් ආලෝකමත් කරමින් රාත්‍රී 08.24 ට එළිදැක්වීය.

එහි 24 අංකය හා ප‍්‍රංශයේ යකඩ ගැහැණිය ලෙස සැලකෙන ලෝක ප‍්‍රසිද්ධ අයිෆල් කුළුණ පිළිබිඹු වන අයුරින් ලාංඡනය සකසා ඇත්තේය.

මින් පෙර දෙවරක් පැරීසියේ ඔලිම්පික් පවත්වා ඇත්තේය. ඒ 1924 දී හා 1900 දීය. මෙවර පැරීසිය ජය ලැබීමට බොහෝ ඉඩකඩ පවතී. එසේ වුවොත් වසර 100 කට පසු පැරීසිය ඔලිම්පික් සැමරීම 2024 දි සිදු වන්නේය.

වසර හතරකට වරක් ඔලිම්පික් උළෙල පැවැත්වේ.

_______--___2016216____ paris-2024-lo2016216go Paris-2024-logo2016216-01 Place-Charles-2016216degueal