මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ් මහතාට හිමිව ඇත.

එරිත්‍රියාව සමඟ සාමය ඇතිකිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග වෙනුවෙන් ඔහුට මෙම සම්මානය ලැබී තිබේ.

ඉතියෝපියාව හා එරිත්‍රියාව අතර වසර 20ක පමණ කාලයක් තිස්සේ පැවති යුදධය අවසන් කිරීම සඳහා අබේ අගමැතිවරයා දැඩි උත්සාහයක් ගනු ලැබූ බවද ඔහුගේ මධ්‍යස්ථ ප්‍රතිපත්ති හේතුවෙන් සාම ක්‍රියාවලිය ජයග්‍රහනය කරා ගෙනයෑමට හැකිවූ බවද නොබෙල් සම්මාන කමිටුව පවසයි.

2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නාමයෝජනා 301ක් ඉදිරිපත් වි තිබුණු අතර එයට පුද්ගලයින් 223දෙනකු හා සංවිධාන 78ක් ඇතුළත් විය.

ඉතියෝපියාව සහ නැගෙනහිර හා ඊසාන දිග අප්‍රිකානු රටවල් අතර සාම ක්‍රියාවලිය වෙනුවෙන් කැපවූ සියලුදෙනාටම මෙම සම්මානයේ ගෞරවය හිමිවනු ඇතැයි ද නෝර්වීජියානු නොබෙල් සාම කමිටුව සඳහන් කර සිටියි.

(බීබිසි ඇසුරිණි - 085)