ඇමෙරිකාව 1986 වසරේ දී ලිබියාවේ ටි‍්‍රපොලි නුවර ගඩාෆි මන්දිරයට බෝම්බ හෙලූ අවස්ථාවේදී මියගියැයි කී ගඩාෆි දියණිය හැනා තවමත් ජීවතුන් අතර සිටින බවට ප‍්‍රබල සාක්ෂි හමුවී ඇතැයි කැරැලිකරුවෝ පවසති. හැනා යනු ලිබියා නායක කර්නල් ගඩාෆි හදා ගත් දියණියයි. 1986 වසරේදී ජර්මනියේ බර්ලීන් නුවර රාතී‍්‍ර සමාජ ශාලාවකදී ගඩාෆි ඒජන්තවරු ඇමෙරිකන් නියෝජිතයන් දෙදෙනකු ඝාතනය කළහ. ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇමෙරිකාව ටි‍්‍රපොලි අගනුවර ගඩාෆිගේ බාබ් අල් අසීසියා මන්දිරයට ගුවනින් බෝම්බ හෙලීය. අවුරුදු දෙකක් වයසැති හැනා එම බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය බව ගඩාෆි එදා පැවැසීය. ඔහු හැනාගේ මළ සිරුරේ ඡුායාරූප පවා විදෙස් මාධ්‍යවේදීන්ට පෙන්වා ඇත. ගඩාෆි විසින් හදා ගනු ලැබූ දියණියක් සිටින බව ජාත්‍යන්තරය දැනගත්තේ එම අවස්ථාවේදීය. 1988 දී ලිබියා නායක ගඩාෆි, ස්කොට්ලන්තයේ ලොකර්බි පළාතට ඉහළ අහසේදී පෑන් ඇමෙරිකන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක බෝම්බ අටවා එය පුපුරුවා හැරියේ හැනාගේ මරණයේ පළිගැනීමට යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ පවසති. මීට දින කිහිපයකට පෙර කැරලිකරුවන් ගඩාෆිගේ වසර හතළිස් දෙකක පාලනය පෙරළා දමා ටි‍්‍රපොලි නුවරට කඩා වැදී ගඩාෆිගේ බාබ් අල් අසීසියා මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේදී එහි එක් කාමරයක තිබී ‘හැනා’ යනුවෙන් සඳහන් කළ යුවතියකගේ ජායාරූප සහ උප්පැන්න සහතිකයක් ද හමුවිය. 1986 වසරේ ඇමෙරිකාව එල්ල කළ ප‍්‍රහාරයෙන් හැනා මිය නොගිය බවත් කැරැලිකරුවන් ටි‍්‍රපොලි නුවර අත්පත් කර ගන්නා තෙක්ම ඇය ටි‍්‍රපොලි මහ රෝහලේ ශෛල්‍ය වෛද්‍යවරියක් ලෙස කටයුතු කළ බවත් අනාවරණය කර ගැනීමට ගැනීමට හැකිවූ බව කැරැලිකරුවෝ පවසති. මේ වනවිට හැනා ද ගඩාෆි මෙන් අතුරුදන්ව ඇති බවත් ගඩාෆිගේ බිරිය සෆියා, දියණිය අයීෂා, මොහෙමඞ් සහ හැනිබල් යන පුතුන් දෙදෙනා සමඟ හැනා ද ඇල්ජීරියාවට පලා ගොස් ඇතැයි ලිබියා කැරැලිකරුවෝ අනුමාන කරති.
2025 දෙසැම්බර් මස 18
559
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
1986 දී ඇමෙරිකන් ගුවන් ප‍්‍රහාරයකින් මියගියැයි කී ගඩාෆි දියණිය ජීවතුන් අතර
චානක සංගීත් Monday, 05 September 2011 02:01 PM
අනේ හොඳයි