ෆේස්බුක් හා ට්විටර් යන ලෝකයේ ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවි හිමිකරුවන්ට අයිඑස් ත්‍රස්ත සංවිධානය අනතුරු අඟවා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
වීඩියෝවක් ඔස්සේ එසේ අනතුරු අඟවමින් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ හා ට්විටර් ප්‍රධානී ජැක් ඩෝර්සි ගේ අවසානය සටහන් කරන බව අයිඑස් ත්‍රස්තයෝ කියති.
මේ මස මුලදී ලෝක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්ත ක්‍රියාවන්ට දායකත්වය සපයන හා සම්බන්ධ ට්විටර් ගිණුම් 1,25,000 ක් පමණ අත්හිටුවීමට ට්විටර් ප්‍රධානීහු කටයුතු කර ඇත.
එමෙන්ම ෆේස්බුක් සමාගම ද අයිඑස් ත්‍රස්තයන්ට සම්බන්ධ ෆේස්බුක් පිටු විශාල ප්‍රමාණයක් අත්හිටුවීමටත් සිරියා හා ඉරාකයේ ත්‍රස්තවාදයට සම්බන්ධ ෆේස්බුක් පිටු හා ගිණුම් විශාල ප්‍රමාණයක්ද ඉවත් කිරීමට කටයුතු කළේය.
එම ගිණුම් හා පිටු මගින් අයිඑස් සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම, ආධාරකරුවන් දැනුම්වත් කිරීම ආදිය සිදුකර ඇතැයි කියති. එම කටයුතු අඩාල වීම නිසා මේ සම්බන්ධයෙන් විරෝධය පළකරමින් අයිඑස් ත්‍රස්තයන් එම සමාගම්වල ප්‍රධානීන් දෙදෙනා මරා දමන බවට අනතුරු අඟවා ඇත.
බෘෘකින්ග්ස් ආයතනය නිකුත් කළ අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙන්නේ අයිඑස් සංවිධානයේ සහායකයින් පසුගිය 2015 වසරේ මාර්තු මාසයේ සිට ට්විටර් ගිණුම් 46,000ක් ආරම්භ කර ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆේස්බුක් - ට්විටර් ලොක්කන්ට මරණ වරෙන්තු
සොපි Friday, 26 February 2016 06:02 AM
ඇත්තටම මේ අයි .එස් .කාරයෝ නැති වෙන්නේ කවදද ?(බ)
චන්දි Saturday, 27 February 2016 03:51 PM
ෂේන්, කෙළෙහිගුණ දන්නා සතෙක් බල්ලා කියන්නේ (නි)
රොකී Friday, 26 February 2016 02:42 PM
මුළු ලෝකයේම බලවතුන් එක්වී මේ අයිඑස් ම්ලේච්චයන්ව නැති භංග කර දැමිය යුතුය. (ර)
ෂේන් Saturday, 27 February 2016 03:20 AM
අයිඑස් කියන්නේ බල්ලෝ ටිකක් .බල්ලෝ උන්ට වැඩ ගොඩක් හොදයි (බ)
පුබුදු ප්‍රසන්න Sunday, 28 February 2016 06:31 AM
මුන්ව ඉවරකරන්න පුළුවන් හමුදාව ඉන්නේ අපේ රටේ.(බ)
සුපුන් Friday, 26 February 2016 08:05 PM
පරමාණුවක් අතඅරින්න හිතෙනවා මට මේවා දකිනකොට (නි)