පැසිෆික් සාගරයේ ඇති වි තිබෙන දරුණු කුණාටු තත්ත්වයක් ෆීජි දිවයින් වෙත ඇතුළු වීමෙන් දැඩි හානියක් සිදුවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පැයට සැතපුම් 180 සිට 225 දක්වා වූ වේගයකින් හමා යන මේ සුළි කුණාටුව වින්ස්ටන් ලෙස නම් කැර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ෆීජි ප්‍රධාන දූපත් වන විටි ලෙවු හා වනුආ ලෙවු යන දූපත් වලට ඇතුළු වීමෙන් දැඩි හානියක් සිදුවිය හැකි බවයි. ෆීජි දූපත් හි ජනගහණය ලක්ෂ නමයකි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද සවස් වනවිට විටි ලෙවු දූපතට සුළි කුණාටුව ඇතුළු වෙමින් තිබූ බවයි. එහි වේගය පැයට සැතපුම් 200ක් බවත් අඩි 40ක් පමණ උසට මුහුදු රළ නැගෙමින් පැවති බවත් මාධ්‍ය වාර්ථා පවසයි. පැසිෆික් සාගරයේ මේ අවට දැඩි වැසි සහිත තත්ත්වයක් ද හටගනෙ ඇත.
ගලවා ගැනීමේ ඒකක හා සහන සේවකයන් මේ වනවිට ඇතිවන හදිසි තත්ත්වයන් සඳහා සූදානම් කර ඇති අතර ෆීජි ගුවන් ගමන් සියල්ල ද නවතා දමා තිබේ.
පැසිෆික් සාගරයේ සුළි කුණාටු ඇතිවීම සාමාන්‍යයෙන් නොවැම්බර් මාසයේ ආරම්භ වී අප්‍රේල් මාසයේ අවසානය දක්වා සිදුවන බව ද කාලගුණ විද්‍යාඥයෝ කියති.
COMMENTS