ෆීජි දුපතේ නිවාඩුවකට ගිය නවසීලන්ත යුවළකට එම දුපතේ වෙරළක තිබී මිනිස් හිසක් හමුවී තිබේ.
එම සොයාගැනීම මෑත කාලයේ පැසිෆික් ජාතියක් තුළ නොවිසඳුනු ඝාතනයට සම්බන්ධයක් ඇතැයි පොලිසිය සැක පල කරයි. මිට පෙර යූරි ශිපුලින් හා නතාලියා ජෙරසිමොවා නම් රුසියා යුවලක් ෆිජි දුපතේ දී අතුරුදහන් විය.
මෑත සති කිහිපයේදී දී ශරීර කොටස් අඩංගු පාර්සල් කිහිපයක් ෆිජි දුපතෙන් හමු විය.
මුලින්ම මිනිස් පාද දෙකක් හමුවූ අතර ඩි.එන්.ඒ පරීක්ෂණ වලදී එම පාද අතුරුදහන් වූ යුවලගේ බව සනාථ විය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට පොලිසිය සහ නාවික හමුදාව පරීක්ෂණ පවත්වයි.
මෙම මිනිස් හිස ද එම අතුරුදන් යුවලගේ බවට පොලිසිය සැක පල කරන අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩි පුර අදහස් දැක්වීම පරීක්ෂණ අවසන් වනතුරු නතර කරන බව සදහන් වේ.
COMMENTS