IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හවායි ජීවිතයට ලාවා බලපෑමක්

හවායි හි ගිනිකඳු නිරීක්ෂණ ආයතනය නිවේදනයකින් දන්වා ඇත්තේ කිලව්වා ගිනි කන්දෙන් පිටවන ලාවා විශාල ප්‍රදේශයක පැතිරී යා හැකි බවයි. හවායි දූපතේ වෙරළාසන්න ප්‍රදේශයේ විශාල කොටසක් අවදානමට ලක්ව ඇති බව ද මේ නිවේදනයේ දැක්වේ.

පසුගිය ජුනි 27දා විවරයකින් පිටවන්නට පටන්ගත් ලාවා පූනේ දිස්ත්‍රික්කයේ සැතපුමක් පමණ දුරට පැතිර ගියේය. හවායි ප්‍රාන්ත පුරපති බිලි කෙනෝයි හදිසි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත. නගරාධිපතිවරයා පවසන්නේ මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ප්‍රදේශවාසීන්ට ඔවුන්ගේ දරු පවුල්, සුරතල් සතුන් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඉවත්කරගෙන ආරක්ෂිත ස්ථාන වලට යාම සඳහා බවයි.

අංක 130 දරණ අධිවේගි මාර්ගය හේතුවෙන් පුනේ දිස්ත්‍රික්කය අනෙක් දිස්ත්‍රික්ක වලින් වෙන්ව පිහිටයි.

ඇමෙරිකා භූවිද්‍යා පර්යේෂණ ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි සතියේ දී ලාවා අධිවේගී මාර්ගය හරහා ද ගමන් කරනු ඇති බවයි. ගිනිකන්දට ළඟින්ම පහිටි කඕහේ වඩාත් ම අනාරක්ෂිත ප්‍රදේශයයි.

පසුගිය ජූලි 10 දා දක්වා ලාවා පිටවුණේ දිනකට අඩි 820ක පමණ ධාරිතාවකිනි. දැන් එය අඩි 1600 දක්වා වේගවත් වී ඇත.

අවදානම් කලාපයේ මිනිසුන් 8200 ට වැඩි පිරිසක් ජීවත් වෙති. ලෝකයේ වඩාත් ම ක්‍රියාකාරී ගිනි කඳු අතරින් එකක් ලෙස කිලව්වා ගිනිකන්ද නම් කැර ඇත.



අදහස් (0)

හවායි ජීවිතයට ලාවා බලපෑමක්

මොහාන් Tuesday, 09 September 2014 03:55 PM

හවායි ලස්සන මේ ගිනි කඳු නිසයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 505 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site