කියුබාවේ අගනුවර වන හවානා නුවර හටගත් දුර්ලභ ටොනේඩෝවකින් 4 දෙනෙක් මිය ගොස් 195 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටොනේඩෝව නිසා විශාල හානියක් සිදුවී ඇති බව කියුබානු ජනාධිපති මිගෙල් මාරියෝ ඩයස් කැනාල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.
සුළඟින් ගොඩනැගිලි කිහිපයකටම හානි සිදුවී ඇති අතර විපතට පත්වූවන් මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ කර තිබේ.
කියුබානු කාලගුණ විද්‍යා ආයතනය මගින් ටොනේඩාවේ හානිය හා ප්‍රබලතාවය පිළිබඳ විශ්ලේෂණය කරනු ඇත.
(63226)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd