පැයට කිලෝ මීටර 180ට වඩා වැඩි වේගයෙන් හමායන හැලොං සුළි සුළඟ හේතුවෙන් ලක්ෂ දහයකට වැඩි ජනතාවක් ආරක්ෂිත ස්ථානවෙත යවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද අළුයම ජපානයේ නිරිත දිග දෙසින් රටට ඇතුළු වූ සුළි සුළඟ හේතුවෙන් අකි කොචි ප්‍රදේශයට විශාල බලපෑමක් සිදු වී ඇත. සුළි සුළඟත් සමග මහ වැසි ඇදහැලෙමින් තිබෙන බවත් ඒ හේතුවෙන් ජල ගැලීම් හා නායයාම් ඇතිවිය හැකි බවත් ජපාන කාලගුණ විද්‍යා ආයතනය පවසයි. සුළි සුළඟ රටට ආසන්න වෙමින් පැවතීම හේතුවෙන් ගතවූ පැය 24 දී ගුවන් ගමන් වාර 600ට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුවූ බව ද උමං දුම්රිය ගණනාවක් ද අත්හිටුවීමට සිදුව ඇතැයි ද ජපන් රජය පවසයි. මීට මාසයකට පෙර ‘නියොගුරු“ සුළි සුළඟින් ජපානයේ දකුණු දිග ප්‍රදේශයට දැඩි හානි සිදුව තිබිණි.



COMMENTS
ගාමිණී - සිරි ඉල්ලගෙන කනවා කියන්නේ ඕකට තමයි (නදී)
ගාමිණි සිරි, බැරිවෙයිද අපේ දේශපාලකයෙක් එහෙම ඔය කිට්ටුවට යවාගන්න? (නි)
ජපානයේ සමස්ත වශයෙන් ග්‍රීෂ්මයක් පවතින කාලයේ නිරිත දෙසින් හමා ආ හැලෝන් සුළි කුණාටුව වර්ෂාව සමග පැයට සැතපුම් 110 ට වැඩි වේගයෙන් ගමන් කොට ලක්ෂ 16 කට වැඩි පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වලටත් ,1000 වැඩි පිරිසක් මියගොස් ඇති බවත් සුවදුක් විමසීමේදී ජපන් මිතුරාගෙන් දැනගන්නට ලැබුනා. (නදී)
ගාමිණී - සිරි, කවුද ඔයාගේ යාළුවා, පට්ටපල් බොරු, මරණ 1යි, අතුරුදන්වීම් 1යි, ලක්ෂ 2 කට වැඩි පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වලටත් ගියා, නිකන් බොරු ලියන්න එපා චුට්ටක් ජාත්‍යන්තර ප්‍රවෘත්තියක්වත් බලන්න. මම හියුගෝ වල ඉන්නේ.(නදී)