ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරවරයේ කඳු ගැටයක යකඩ අට්ටාලයක සවි කර ඇති ‘හොලිවුඞ්’ යන වදන් පෙළ, නව අවුරුදු උදාවත් සමඟ කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් ‘හොලිවීඩ්’ යනුවෙන් වෙනස් කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.
‘වීඩ්’ යනු ගංජා ආදී මත්ද්‍රව්‍යයි. ඇමෙරිකාවේ ජනපද කිහිපයක් මේ වනවිට මෙවැනි මත්ද්‍රව්‍ය කිසියම් නීතිමය රාමුවක් යටතේ නීතිගත කර ඇත. එසේ මත්ද්‍රව්‍ය නීතිගත කළ ජනපද අතරට කැලිෆෝනියා ජනපදය ද මෙම නව වසරේ සිට එක් වෙයි.
හොලිවුඩ් පුරය ‘මත්ද්‍රව්‍ය තෝතැන්නක්’ යන අදහසින් ‘හොලිවුඩ්’ යන වදන් පෙළ ‘හොලිවීඩ්’ යනුවෙන් වෙනස් කිරීමට පිරිසක් කටයුතු කර ඇතැයි කියති.
ඔවුන් වහා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ලොස් ඇන්ජලීස් පොලිසිය කියයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.