IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හොලිවුඩ් නිළියට මහාර්ඝ වස්තුව අහිමි වේ

සුපිරි හොලිවුඩ් නිළි ඇන්ජලීනා ‍‍‍‍‍‍‍‍ජොලී (37) ශල්‍යකර්මයකින් සිය පයෝධර යුගළ ඉවත් කිරීමට තීරණය කල බව‍‍ පසුගියදා නිව්යොක් ට‍යිම්ස් පුවත්පතට දන්වා සිටියාය.

සයදරු මවක වන  ඇයට වැළඳුණු  පිළිකාව ශීඝ්‍ර‍යෙන් වර්ධනය වීම මෙම තීරණය ගැනීමට හේතුව බව පවසා ඇත.

ජොලීගේ මවද අඩුවයසින් මියගියේ පිළිකාවෙනි. වයස 56දී ගර්භාෂ පිළිකාවකින් මියගිය ඇගේ මවගේ ජාන විශේෂය ඇයට එන්නට ඇතැයි කියති.

පෙබරවාරි 2 ඇරැඹි පරීක්ෂණ වලින් ඇයට පියයුරු පිළිකාවක් සෑදීමට 87% සම්භාවිතාවක් ඇති බව හෙළි විය.

 ‘ටොම්බ් රේඩර්’, ‘මිස්ට ඇන්ඩ් මිසිස් ස්මිත්’, ‘ගෝන් ඉන් සික්ස්ටි සෙකන්ඩ්ස්’ ඇගේ විශිෂ්ට හැකියාවන් පෙන්නුම් කරන අනර්ඝ නිර්මාණ කිහිපයකි.

හොඳම නිළිය ලෙස ‘ඔස්කාර්’ සම්මානයෙන් දෙවරක් නාමයෝජිත ඇන්ජලීනා ජොලී සම්මාන ගණනාවකින් පිදුම් ලද නිළියෙකි.



අදහස් (0)

හොලිවුඩ් නිළියට මහාර්ඝ වස්තුව අහිමි වේ

පහන් Monday, 20 May 2013 12:02 AM

දයා දාපු ප්‍රතිචාරයට මිනිස්කමේ නාමයෙන් සමාව ගතයුතුයි.හරිම කැතයි. (නි)

:       0       0

සංජී Monday, 20 May 2013 12:44 AM

අලහකෝන් පිරිමි කමට නිගා දෙන කතා කියන්න එපා. අම්මා කෙනුකුගන් නේමේද කිරි බිවේ.(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 19 May 2013 06:22 PM

ගත හැකි සියළු පලප්‍රෙයාජන ලබාගෙන ඇති ඕනවටත් වැඩිය.(නදී)

:       0       0

මලිති Monday, 20 May 2013 02:59 AM

දයා සහ නලින් සිංහල මිනිසුන් කියන්නත් එපා. අම්මගෙන් කිරි බීපු ගුණය තියන්න දැන්වත් (නි)

:       0       0

ඩීණ් Monday, 20 May 2013 04:54 AM

දයා අලහකෝන්, අනවශ්‍ය කතා කියන්න එපා. ඕකට සිංහලෙන් කියන්නේ අඩු අධ්‍යාපනය සහ මන්ද මානසිකත්වය කියලා... (නි)

:       0       0

රීටා Monday, 20 May 2013 06:52 AM

සුනාමියෙන් පස්සේ මෙතුමි ගිලන්රථ බෙදුවා ලෝකේ වටේ. ලංකාවටත් 6 ලැබුනා. මෙයාගේ දරුවෝ ඔක්කොම හදාගන්ට ගත්තු අනාත දරුවෝ. ඔබට බුදුසරණයි.(නදී)

:       0       0

චානක Monday, 20 May 2013 08:29 AM

අශිෂ්ට කතා කියන්න එපා, අලහකෝන් (නි)

:       0       0

නලින් Sunday, 19 May 2013 08:25 PM

බොරු ඒවා දෙකක් දාගනියි.(නදී)

:       0       0

රංජනී Sunday, 19 May 2013 08:42 PM

ජරා කතා කියන්න එපා අලහකෝන්. එයා පිළිකාවක් නිසා ඒ තීරණය අරගන තියන්නේ. මමත් පියයුරු පිළිකාවකින් පෙළුණු ශ්‍රිලාංකික අම්මා කෙනක් හැටියට ඔබ ගැන කලකිරීමක් ඇති උනා. ඒ ලෝක පුජිත නිළිය ගැන අපි දුක්වෙන්න ඕනා. ඔබත් අම්මගෙන් දවසක් හරි කිරි බීවානම් ඔහොම නොකියාවී.(නදී)

:       0       0

සුනී Monday, 20 May 2013 09:26 AM

ඇයගේ චිත්‍රපට බලපු හැමෝම දුක්වෙනවා. නිරෝගී සුව අත්වේවා! (ස)

:       0       0

බණ්ඩාර Monday, 20 May 2013 09:53 AM

ඔබගේ රංගනය ඉතාම විශිෂ්ටයි. දෛවය වෙනස්කරන්න දෙවියන් වහන්සේට නොහැකි උනත් ඉන්දියාවේ බල මහිමයට හැකිය. ඉක්මන් සුවය පතමු.(ස)

:       0       0

රිස්වාන් Monday, 20 May 2013 09:54 AM

කරුණාකරලා කට තිබුන පලියට කැත කතා කියන්න එපා. දුප්පත් දරෝවෝ 6 දෙනෙක් අරන් තමන්ගේ වගේ හැම සපසම්පතක්ම දීල හදාගන්න උතුම් ගැහැණු කෙනෙක්. කවද හරි අම්මගෙන් මව් කිරි බීපි කෙනෙක් ඔය විදියට තවත් ගැහැණු කෙනෙකුට නිගා කරන්නේ නැහැ. හිතන්න අපිටත් සහෝදරියෝ ඉන්නවා කියන එක. හොඳ අයගේ හොඳ දේවල් හොඳ විදියට දකින්න බැරිනම් නිස්කාරනේ අබූත විදියට චෝදනා කරන්න එපා. අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් හොඳ ශිෂ්ටාචාරයක් තියෙන මනුස්ස කොට්ටාසයක්.(ස)

:       0       0

සම්පත් Monday, 20 May 2013 10:12 AM

රිස්වාන් ඔහොම හිතන එකට අපිට සතුටුයි. (ස)

:       0       0

මර්සි ලංකා Sunday, 19 May 2013 11:05 PM

අන්ජාලිනා ජොලි කියන්නේ හොඳ හදවතක් තියෙන දුප්පත් අසරණ අය වෙනුවෙන් හදවත පාරෙන කාන්තාවක්. එයාට ගරු කිරීම නුගත් කම සහ නොදන්නා කම නිසා විය යුතුයි. එයා තමන්ගේ ළමයි හැටියට හදා ගන්නේ ආසියාවේ සහ ඇෆ්රිකාවේ දුප්පත් දරුවන් ලබා ගෙන සියලු දේවල් ඉටු කරන කෙනෙක්.(නදී)

:       0       0

රීටා Sunday, 19 May 2013 11:53 PM

සුනාමියෙන් පස්සේ මෙතුමිය ලෝකේ වටේ ගිලන්රථ නැවක් අරන් බෙද බෙදා ගියා. ලංකාවටත් දුන්න 6 ක්. සුනාමියෙන් අනාත දරුවෝ මහද්වීප හතෙන් හත් දෙනෙක් අරන් හදා ගන්නවා. ඒක්කෙනෙක් මැරුනා මයේ හිතේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site