විද්‍යුත් තැපෑල අවභාවිතයෙන් අපරාධ වරදක් කර නැති බවට ප්‍රකාශ කරමින් සිය ප්‍රතිවාදිනිය වූ හිලරි ක්ලින්ටන් නිදොස් කිරීම සම්බන්ධයෙන් රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් එෆ්.බී.අයි ආයතනය දෝෂදර්ශනයට ලක් කර ඇත.
ට්‍රම්ප් තර්ක කරන්නේ හයලක්ෂයකට අධික විද්‍යුත් තැපැල් පණිවුඩ සංඛ්‍යාවක් සතියක් වැනි කාලයක් තුළ විමර්ශනය කිරීමට නොහැකි බවටයි.
ට්‍රම්ප් හිතවාදියකු වන ඇමෙරිකා ආරක්ෂක බුද්ධි ඒකකයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජෙනරාල් මයිකල් ෆ්ලින් ද මෙම සිදුවීමට හිලරි ක්ලින්ටන් වැරැදිකාරිය විය යුතු බවට ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති නමුත් එෆ්.බී.අයි විසින් එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
මෙම පරීක්ෂණය පැවැත්වුණේ ඩිමොක්‍රටික් පක්ෂ ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම්වරිය හැටියට කටයුතු කරද්දී රජයේ රහස් විද්‍යුත් තැපැල් පණිවුඩ තම පෞද්ගලික විද්‍යුත් තැපැල් ලිපියට ගෙන්වාගැනීම සම්බන්ධයෙනි.
COMMENTS
දැන් ඔබතුමා දිනුවනේ, දාමුද ලංකාවේ වගේ එෆ්.සි.අයි.ඩී. එකක්? (බ)
මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)
අයියෝ ඕක මොකක්ද අපේ රටේ වෙන අවභාවිතයන් ගැන හිතනකොට. ඔය අවභාවිතා මොනවා කළා කිවුවත් අද පවතින මැතිවරණය අවසානයේදී හිලරි ක්ලින්ටන් දිනනවා. (නි)