2016 ඇමරිකා ජනාධිපතිවරණයට ඩෙමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වන්නේ හිලරි ක්ලින්ටන් බව මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබේ.
තම ට්විටර් ගිණුමේද මේ සම්බන්ධයෙන් සටහනක් තබා තිබූ හිලරි ක්ලින්ටන් එහි සඳහන් කර තිබුණේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව ලෙස තමන් තෝරාගෙන ඇති බවත් ඇමරිකාවට දැන් අවශ්‍යව ඇති වීරවරිය තමා යැයි තමන් සිතන බවත්ය.
එළැඹෙන සති කිහිපයේදී අයෝවා ප‍්‍රාන්තයෙන් ඇයගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙන බව එම කටයුතු භාර නිළධාරීන් පවසයි.
එම කටයුතු සදහා දැනට වෙන්කර ඇති මුදල ඩොලර් බිලියන 2.5 කි.
ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඇමරිකාවේ මධ්‍ය පාන්තිකයින් බල ගැන්වීම තම ප‍්‍රචාරණ තේමාව කරගනිමිනි. වර්තමාන ඇමරිකා සමාජයේ වැඩි බලයක් හිමිකරගෙන සිටින්නේ මධ්‍යම පාන්තිකයින් වීම මිට හේතුවයි.
ජයගතහොත් ඇය ඇමරිකාවේ ප‍්‍රථම ජනපතිනිය වනු ඇත. දැනට අවුරුදු 68 ක් වයස් වන ඇය එදා මෙදා තුර ඇමරිකාවේ ජනපතිධූරය හෙබවූ වයස්ගතම ජනපතිවරු අතරින් කෙනෙකුද වනු ඇත.
කෙසේවුවද හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු පටන් ගත් තැනම වරද්දා ගත් ලකුණු පෙනුනේ ඇය තමන් පිළිබද වීඩියෝවක් අන්තර්ජාලයට එක්කරන බවට පොරොන්දුවක්දී එම පොරොන්දු වූ කාලයට වඩා පැය 3 ක් පමණ ප‍්‍රමාදව එම වීඩියෝව නිකුත් කිරීමත් සමගය. වීඩියෝව නිකුත් කෙරෙන තෙක් බලා සිටි මාධ්‍ය ආයතන හා ඇයගේ ආධාරකරුවන්ට එ නිසා සිදුවූයේ නිකරුණේ කල්මැරීමටය.
ඇය තරග වදින ඩිමොක‍්‍රටික් පක්ෂයේම ඇයට ඇත්තේ හොඳ නමක් නොවේ. ඩිමොක‍්‍රටික් පක්ෂ සාමාජිකයෙකු වන වත්මන් ජනපති බැරක් ඔබාමා හා ඇය අතර සීතල යුද්ධයක් ඇති බව ප‍්‍රකට කරුණකි. එමෙන්ම ඇමරිකා රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ සමයේ ඇය අනුගමනය කළ විදේශ ප‍්‍රතිපත්තිය නිසා ඇමරිකාවට අන්තර්ජාතික තලයේ හිමිව තිබූ ගරුත්වය මේ වන විට වියැකී ගොස් තිබෙන බවද බොහෝ දෙනා කියන්නකි.
ඇය රාජ්‍ය ලේකම්ධූරය හෙබවූ සමයේ රුසියාව තවත් ශක්තිමත් වීමත්,ඊශ‍්‍රායෙලය හා ඇමරිකාවේ සබඳතා බිඳ වැටීමත්,මැදපෙරදිග තත්ත්වය තවත් අවුලෙන් අවුලට පත්වීමත් ඊට උදාහරණ ලෙස ඔවුන් පෙන්වාදේ.
හිටපු ජනපතිවරයෙක් වූ ඇයගේ සැමියා වන බිල් ක්ලින්ටන්ට එරෙහිව වංචා හා දුෂණ චෝදනා නැගෙද්දී, ඔහුගේ පෞද්ගලික සහායිකාව හා අයථා සම්බන්ධතා පවත්වා ඇතැයි තොරතුරු හෙළිවෙද්දී ඔහු අතනොහැර ඔහු සමගම සිටි නිසා ඇයට ඇමරිකා සමාජයේ යම් ගරුත්වයක් හිමිව ඇතත් එසේයැයි කියා රාජ්‍ය තාන්ති‍්‍රක කටයුතු වල යෙදීමට ඇයට කිසිදු සුදුසුකමක් නැතැයි ඇමරිකා මාධ්‍ය කිහිපයක්ම අදහස් පළ කර තිබේ.
හිලරි ක්ලින්ටන් ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව ලෙස පත්ව සිටින බව ඇසීම ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය උද්දාමයට පත්කිරීමට සමත්ව තිබෙන්නක් බව පෙනේ. එම පක්ෂය දැනටමත් ඇයව පතුරු ගැසීම පටන්ගෙන ඇත.
හිලරි තමන් ජනාධිපති ලෙස පත්වීමට සුදුසු බව පෙන්වනු ඇත්තේ කෙසේදැයි බලාගැනීමට තවත් දින කිහිපයක් ඉවසීමට සිදුවනු ඇත. ඇයට නැගී තිබෙන චෝදනා වලට සාර්ථක පිළිතුරු ලබාදීමට හා වියැකී යමින් තිබෙන ඇයගේ කීර්තිය යළි ගොඩනගා ගැනීමට ඇයට දියත් කිරීමට සිදුවනු ඇත්තේ සුලූපටු මෙහෙයුමක් නොවන බව නම් පැහැදිලිය.
COMMENTS
නිපුන්......ලංකාවේ කෙනෙක් නම් වෙන්න බැ ඩයස්පෝරාවට නෑකම් තියන කෙනෙක් ...නැත්නම් රෝහිත කියල කෙනෙක් හිටියේ එහෙම කෙනෙක්වගේ ....හිලරි කරන්න හදපු හරිය නොදන්නා තොත්ත බබෙක් ..නැතිතරම් (බ)
මහින්ද ආර් කිතුල්ගොඩ ඔයා අතපය දිග ඇරලා නිදාගන්න දුෂිතයන්ගේ සල්ලි වලින් දාපු සී ෂෙල්ස් වල බැංකුවේ බංකුවක් උඩ. (අ)
නිපුන් කියන එක ඇත්ත.එයාල අපිට සෑහෙන්න නෙමෙයි නොසෑහෙන්න උදවු කළා.ඒකනේ බෙල් 212 හෙලිකොප්ටර් වලට උවමනා අමතර කොටස් එහෙම ලංකාවට දෙන්න කියල ලෝකෙ හැම රටකටම නියෝග කළා.අපි රේඩාර් එකක් චීනෙන් සල්ලි දීල ගන්න යනකොට (3 D) ඉන්දියාව වහාම න්මදිහත් වෙලා දවසකට පැය 4ක් ක්‍රියා විරහිත කරලා තියන්න ඕන ඉන්ද්‍රා කියන 2 D රේඩාර එක අපිට නොමිලේ දීල කෝටි කොලබට එන එකත් නැවැත්තුව.මේ නොදන්නා දේවල් නොකිය ඉන්නවද?ඉන්දියාවයි ඇමෙරිකාවයි කරපු දේවල් ඔහෙල නොදන්නවට 70 දශකයේ ඉපදුන අපි දන්නව කොරපු හරිය.(බ)
නිපුන් නොදන්නා දේවල් කතා කරන්න එපා. මෙයා පුළුවන් තරම් උත්සහ කලේ ප්‍රබාකරන් ඇතුළු ත්‍රස්තවාදී කල්ලිය බේරා ගන්න තමයි. (ස)
වත්මන් ජනපති ඔබාමාට අධිකරණයෙන් අවසර අරන් තුන්වෙනි වතාවටත් ජනාධිපති වරණයට තරඟ කරන්න තියෙන්නේ, (ස)
නිපුන් වගේ ඉතිහාසය දන්නේ නැති මිනුස්සු දැක්කහම දුක හිතෙනවා. යුද්දේ කාලේ පත්තර ටිකක් හොයාගෙන කියවන්න. හිලරි කරපුව දැනගන්න පුළුවන් එතකොට. (ස)
නිපුන්, ඔයා කියවන, අහන, සොයන කෙනෙක් නෙමෙයි. ඔයා සමහර දේවල් අහුලාගෙන කතා කරන කෙනෙක්. වෙලාවකට පව් කියලත් හිතෙනවා.(ස)
2008 ජනාධිපතිවරණය පැවැත්වෙන කාලයේදීත් ඔයා ඇමරිකාවේ හිටියා නම් කොච්චර එකක්ද නාමල්. ලෝකෙට බණ දෙසන කට්ටිය බොහොම විනයගරුකව ස්ත්‍රී පුරුෂභාවය සහ කළු සුදු භේදය වගේ ඉතාම ප්‍රාථමික කාරණා ගැන අනිකාට හීනෙන්වත් පෞද්ගලිකව මඩ ගහන්නේම නැතුව කතා කරනකොට කොයිතරම් නම් ලස්සනට තියෙන්න ඇද්ද? නේද ? අනික ඉතින් හිලරි බිල් ක්ලින්ටන්ගේ භාර්යාව වුණත් ඒ දවස් වල එහෙ පවුල් වාදයක් හෙම තිබිලම නැහැලුනේ නේද? ලංකාවේ ඉන්න සමහරු දන්නා අපි නොදන්නා මොණරතැන්න නේද අනේ..? (නි)
නිලන්තගේ කතාව ඇත්තයි. කවුරු බලයට පත් වුනත් ඒ රටවල විදේශ ප්‍රතිපත්තියේ ලොකු වෙනසක් නොවෙන නිසා එහෙන් එන වසංගත වලින් රට ආරක්ෂා කරගැනීම මේ රටේ ආණ්ඩුවේ වගකීමයි. හැබැයි රෝස සමාජවාදී පක්ෂය අනිකට වඩා සුළු ජාතීන්ට නන්බුරුව වැඩි (ස)
නිලන්ත ..මෙහෙත් එහෙමනේ...කව්රු පත් උනත් ආගමට ...ජාතියට සෙතක් නම් වෙන්නේ නෑ...සිද්දස්ථානත්...ඉන්න හිටින්න තිබුන තැනුත් එකින් එක අයින් වෙනවා...අයිතිවාසිකම් පෙන්නන්න ගියාම ....සංයුතිය සොයනවා ...උපන් බිමේම..අනාතයෝ වගේ ...බලපෑම් බලන්නේ කොහොමද?සර්ව ආගමික,බැලුවොත් ජාතිවාදී ?කෙසේ අතපය දිගහැරනම් නිදන්නද ... (ස)
ඇත්තමයි අකිල, පරණ පත්තර ටිකක් හොයාගෙන කියවන එක නිපුනට වගේම නාමල්ටත් හොඳයි. කියවලාම හොයා ගත්තාවේ. (නි)
නිපුන් බබා! පව් ඔයා දන්නා තරම තමයි ඔය. (නි)
මෙයා ඉස්සරත් කොටින්ට කඩේ ගිය ඇන්ටි කෙනෙක් මිලිබෑන්ඩ් එක්ක හරි හරියට වැඩ කළා කොටි වෙනුවෙන් (බ)
බයවෙන්න එපා.ඇමෙරිකාවේ කවුරු ජනපති වුණත් විදේශ ප්‍රතිපත්තිවල ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ලංකාවට එන බලපෑම් ගැන බලන්න ඕනෑ අපේ රාජ්‍ය නායකයෝ (නි)
ලෝක බලය ගැහැණු අතකට- ගන්න බල[ලු] පොරයකට (බ)
මම ඇමරිකාවේ ඡන්දය පැවත්වෙන කාලයේ එහේ ඉදලා තියෙනවා..බලන්න වටින තරම් විනයක් ඇති ඡන්ද සටනක්... කවුරුත් ජාතිවාදය අවුස්සන්නේ නෑ,අනිකාට පෞද්ගලිකව මඩ ගහනේ නෑ..(බ)
මෙයා ආවොත් තුන් වන ලෝක යුද්ධය ඇති වෙනවා ස්ථිරයි. ගඩාෆිව ඝාතනය දිනකට ඉස්සෙල්ලා ලිබියාවට ඇවිල්ලා පුරාජේරු කතා කරා නමුත් අද ලිබියාව මිහිපිට අපායක්! (බ)
ගිය වතාවේ මේ අය ඇන ගත්තා. මේ සැරෙත් එහෙම වේවිද? (අ)
ඇමරිකාව හා ඉන්දියාව අපිත් එක්ක හිටි නිසා තමා ලොකුගේ අපිට කොටි එලවන්න පුලුවන් වුනේ... ඊට පස්සේ මැදමූලන කෙනා එලවන්න පුලුවන් වුනෙත් මේ අය නිසා...ඔයා දන්න දෙයක් කියවන්න...(බ)
නිපුන් දන්නා කෙහෙල්මල ... කරන තරමක් කළේ කකුලෙන් ඇද්ද එක . මෙයාල අපිට කළ උදව්වක් නෑ හැම සැරේම ප්‍රබාකරන්ව බේරන්න හැදුව මිසක්. මෙයාලට පවුල් පාලනය වගේ එව්වා කියන්නේ නැතුව ඇති නේද (බ)
ඇමෙරිකාවේ කාන්තා පක්ෂයේ අදහස නම් හිලරි ක්ලින්ටන් තමාට පැවරුණු නීත්‍යනුකුල රාජකාරිය හරියට කරන්න දන්නේ නැති කෙනෙක් කියල. ඔවුන් ඒ සඳහා උදාහරණයට ගන්නේ හිලරිගේ ගෘහ කර්තව්‍ය මොනිකා ලේවින්ස්කිට පවරාදීම. (බ)
මේ පක්ෂයට ඔබාමට සහ හිලරි ක්ලින්ටන් වාගේ අය බලයට ගන්නට ඇමරිකානුවන්ට වඩා ඩයස්පෝරාව මුදල් යහමින් වියදම් කරා , වියදම් ඉදිරියටත් කරනවා (ම)
මෙයාටත් දාලා යන්න බැහැ වගේ (නි)
මිනිහ ගියෙන් පස්සේ දැන් නෝනා එන්නේ මොකටද ? (ම)