හෙලිකොප්ටරයක් වෙනිසියුලානු ශ්‍රේෂ්ඨාධිකරණයට බෝම්බ දැමීමට උත්සහ කළ බවත් එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වන බවත් එරට ජනාධිපති නිකොලාස් මදුරෝ ප්‍රකාශ කරයි.
පොලිස් නිලධාරියකු හෙලිකොප්ටර් යානයේ ගමන් කර තිබෙන බවත් කැරැකස් අගනුවර වටා යමින් අත්බෝම්බ හෙළු බවත් වෙනිසියුලා රජය ප්‍රකාශ කරයි.
විශාල ශබ්දයක් ඇසීමට පෙර හෙලිකොප්ටර් යානය නගරය වටා පියාසර කරන අයුරු දැක්වෙන වීඩියෝ පට සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

හෙලිකොප්ටරයේ සිය පාලනයට ගත් නිලධාරියා ආණ්ඩුව විවේචනය කරමින් වීඩියෝ පටයක් ද ප්‍රසිද්ධියට පත්කර ඇතැයි වාර්තා විණි.
මෙම සිදුවීමෙන් කිසිවකුත් තුවාල ලැබූ හෝ මරුමුවට බවට වාර්තා වී නැත. වෙනිසියුලාව මේ වනවිට ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටින අතර ජනාධිපති මදුරෝට එරෙහිව දිනපතා විරෝධතා පැවැත්වෙයි.
අප්‍රේල් 1 වැනිදා සිට පවතින මෙම විරෝධතා හේතුවෙන් ඇති වූ ප්‍රචණ්ඩත්වය නිසා 70කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.
(රොයිටර් 055)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.