ඇමරිකාවේ රහස් තොරතුරු ඒජන්සිය දිනකට ජංගම දුරකථන කෝටි 500 කින් පමණ ලැඛෙන තොරතුරු එකතු කරන බව රහස්‍ය වාර්තාවක් ඔස්සේ කරළියට පැමිණ ඇත.
මෙම වාර්තා පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඇමරිකා රහස් තොරතුරු ඒජන්සියේ සේවය කළ එඩ්වඩ් ස්නොව්ඩන්ගේ හෙළිදරව් කිරීම් හා සම්බන්ධය. රහස් තොරතුරු ඒජන්සිය මෙකී දුරකථන තොරතුරු එක්රැස් කරන්නේ කොතැන සිටද,ඒ සදහා භාවිතා කරන තාක්ෂණය කවරේද යන්න ගැනත් තොරතුරු එම වාර්තා වල සදහන් යැයි පැවසේ.
ඩිජිටල් ලෝකයේ කවර හෝ තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදයක් භාවිතා කරන ඕනෑම පුද්ගලයෙකු තමන්ගේ අනන්‍යතාවය තැන් තැන්හි රදවා යනු ලබයි.ඇතැම් විට ඒවා ඉතා කුඩා ප්‍රමාණයේ තොරතුරු ගොනු විය හැක.රහස් තොරතුරු ඒජන්සිය සිදුකරන්නේ මෙම තොරතුරු ගොනු විශ්ලේෂණය කොට අදාළ පුද්ගලයාගේ සියලූම ක්‍රියාකාරකම් දක්වා කරුණු අනාවරණය කර ගැනීම බව මෙම වාර්තා වල සදහන් යැයි කියැවේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති රහස් තොරතුරු ඒජන්සිය මෙසේ දුරකථන ඔස්සේ ලබාගැනෙන තොරතුරු එක්රැස් කරන්නේයැයි පිළිගෙන ඇත.නමුත් ඒසේ ඔවුන් එක් රැස් කරන්නේ ඇමරිකාවට පැමිණෙන විදේශිකයින්ගේ මිස ඇමරිකා ජාතිකයන්ගේ තොරතුරු නොවන බවත් පවසා තිබේ.
ත්‍රස්ත ක්‍රියාවන් වලට වැට බැදීමට මීට වඩා සුදුසු ක්‍රමවේදයක් නොමැති බව ඔවුන්ගේ අදහසයි.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කර ඇති මානව හිමිකම් සංවිධාන රහස් තොරතුරු ඒජන්සියේ මෙම ක්‍රියාදාමය දැඩිසේ හෙළා දැක ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කරපු එක හරි. (ස)
හොඳයි ! නැත්තම් ත්‍රස්තවාදීන් මට්ටු කරන්න බෑ.ඇමරිකාවට ජය ! (ස)
ත්‍රස්තවාදීන් මට්ටු කරන්න කියලා මිනිස්සු බය කරගන කරන්නේ එයාලට කැමති නැති හැමෝගෙම විස්තර හොයන එකයි. ඊට පස්සේ රහසින් අනතුරු කරවනවා. ලංකාවේ නම් අපේ කාටහරි කීයක් හරි දුන්නම ඕනේ දෙයක් කරයි තමන්ගේම අයට. (දිල්)
ඇමෙරිකාවට ජය වේවා. (ස)
ඔහේට එන ලංකාවේ හොර දේශපාලක හිවල්ලු ගැන හොද අවධානයෙන් ඉන්න... වේදිකාවේ ඇමරිකාවට නැතිවෙන්න බැණ බැණ හිටපු මිනිස්සු මෙන්න බෙහෙත් ගන්නත් ඇමරිකා ගිහින්. බලනකොට අපේ සල්ලි වලින් ගිහින් තියෙන්නේත්. (නි)
මේක තමන්ගේ ආරක්ෂාවට වාසියට කරන දෙයක් මිසක් අනුන්ට වාසියක් නොවේ. කරුණාකර බුද්ධිමත්ව හිතන්න. හැමදම රට ගැන හිතන්න (නි)