සිර භාරයේ සිටින කිසිදු කැරැලිකරුවකු නිදහස් කරන්නේ නැතැයි ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානී අද (1) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ තලේබාන් සංවිධානය අතර සාම ගිවිසුම අත්සන් කිරීමෙන් දිනකට පසුව ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේය.
සිරභාරයේ සිටින තලේබාන් සංවිධානයේ සාමාජිකයන් ද ඇතුළු කැරැලිකරුවන් නිදහස් කිරීම ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය අතර අත්සන් තැබුණු සාම ගිවිසුමේ එක් අංගයකි.
‘‘සිරකරුවන් 5, 000ක් සිටිනවා. ඔවුන් නිදහස් කරන්න අපි පොරොන්දු වී නැහැ. අපි එසේ කරන්නේත් නැහැ. ඔවුන් නිදහස් කරනවාද නැද්ද තීරණය කරන්නේ ඇෆ්ගන් ජනතාව එය ඇෆ්ගන් ජනතාවගේ අයිතිය සහ කැමැත්තට අනුව සිදුවිය යුතු දෙයක්. ඇෆ්ගනිස්තානය තුළ සිදුවන සාකච්ඡාවකට එය ඇතුළත් කළ හැකියි. එසේ වුවත් එය සාකච්ඡා සඳහා පූර්ව කොන්දේසියක් නෙමෙයි’’ යැයි මාධ්‍ය හමුවක් පවත්වමින් ඇෆ්ගන් ජනාධිපතිවරයා පැවැසීය.
ඒ.එෆ්.පී
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් හොඳ කොන්දක් තියෙන පාලකයෙක්. ඒකටත් එක්ක අපේ රටේ පාලකයන්... අැමෙරිකාවෙන් ඉල්ලන්නත් කලින්ම සිරකරුවන් නිදහස් කරයි. මේ නිවට නියාලු පාලකයින්ගෙන් තොර ශ්‍රී ලංකාවක් අපි දැකගන්නේ කවදාද? එය සිහිනයක් නොවේවා...!!!
තව ටික දවසකින් ඔය ප්‍රකාශය ඉවත්කරගෙන හිරකාරයන් නිදහස් කරයි. මෙයාලත් අපේ අය වගේ තමයි වැඩි වෙනසක් නෑ...