එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 77 ක් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට එකඟ වී ඇති බවත්, 2050 වසර වන විට එම රටවල් එය මුළුමණින්ම නවතා දමනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

කාලගුණ විපර්යාසවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම පිළිබ‍ඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා මේ බව පැවසීය.

රටවල් 66 කට අධික සංඛ්‍යාවක ඉහළ පෙළේ නායකයෝ සහ අමාත්‍යවරු සමුළුවට එක්වී සිටියහ.

ගෝලීය උණුසුම ඉහළ යාමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් එහිදී ඔවුන්ගේ අවධානය යොමුවිය.

ඊට අමතරව පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම හා එවැනි කටයුතු සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට මූල්‍ය ආධාර සැපයීම සම්බන්ධයෙන් ද සමුළුවේදී අවධානය යොමු කෙරිණි. 

(එන්.එච්.කේ. ඇසුරෙනි)

-226-