කළ වරදට තමන් සිරගත කිරීමට ගිය පොලිස් නිළධාරියාගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කළ තරුණයෙකුගේ පුවතක් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයෙන් වාර්තා වේ.
ජමාල රුට්ලෙජ් නම් වන මේ තරුණයා සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියෙකි.ඔහු සිරගත කිරීමට තීරණය වී තිබුණු අතර ඒ සදහා වූ ලියකියවිලි සකස් කිරීමේ කටයුතු වල ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරියා නිරතව සිටියේය.
එක්වනම ඔහු පපුව අල්ලාගෙන වේදනාවෙන් කෑ ගසමින් අසුනින් බිමට වැටුණි.හිස පොළවේ වැදී ඔහු සිහිසන් විය.වෙනකෙකු මේ අවස්ථාවේදී ලද අවසරයෙන් පලා යනු ඇති වුවත් ජමාල් එසේ නොකළේය.
හේ වහාම හඬ නගා අනෙක් පොලිස් නිළධාරීන්ට අඩ ගැසීය.ඔවුන් පැමිණ තම සගයා රෝහල් ගත කළෝය.
රෝහලේදී අනාවරණය වූයේ පොලිස් නිළධාරියාට හදිසි හෘදයාබාධයක් වැළද ඇති බවය.තව මොහොතක් හෝ පමා වී නම් ඔහුගේ ජීවිතයට අනතුරක් වීමේ හැකියාව තිබුණු බව වෛද්‍යවරු පැවසූහ.
සිරගත කරන්නට ගිය ජමාල් අද ෆ්ලොරිඩා පොලිසියට වීරයෙකි.ඔහුගේ වීරත්වය ප‍්‍රසිද්ධියේ ඇගයීමට උත්සවයක්ද සංවිධානය කිරීමටත්,ඔහුගේ දඩුවම සීමා කිරීමටත් බළධාරීහු කටයුතු කළෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවී අදාල නෑ නේද ඔයා ලියපු දේ ? (නදී)
පසුගිය කාලේ අපගේ නායකයෝ ගහපු ගැහිලි එක්ක මේවා මොනවද. සාමාන්‍ය ජනතාව පපුවේ අමාරුවෙන් මිය නොගියේ පුරුවේ වාසනාවට. (බ)