ආණ්ඩු විරෝධී විපක්ෂ කැරලිකරුවන් හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට් උ ප්‍රින්ස්හිදී සිදුකරන විරෝධතා දිගින් දිගටම පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පෙබරවාරි 07 වැනිදා සිට උද්ඝෝෂණ වල නිරත වුණු ඔවුන් ජනාධිපති ජවුනොල් මොයිස් ට විරෝධය පළකරමින් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරමින් සිටිති.
මේ වන විට විරෝධතාකරුවන් හය දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.ව්‍යාපාරික ස්ථාන , මහජන සහ පෞද්ගලික ආයතන සහ පාසල් වසා දමා ඇති අතර ප්‍රවාහන පද්ධති කිහිපයක් ද අඩාල වී ඇත.
විරෝධතාකරුවන් ජාතික මුදල අවප්‍රමාණය කිරීම හෙළා දකින අතර අනාරක්ෂිත බව , අධ්‍යාපනය සඳහා වන ප්‍රවේශයන්හි පවතින ගැටලු, ආහාර අර්බුද හා හයිටියේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ කරුණු දක්වමින් උද්ඝෝෂණයේ නිරත වෙති.
විරෝධතාකරුවන් විසින් ටයර් ගිනිතැබීම්, ගබඩා කොල්ලකෑම් සිදුකර ඇති අතර මේ නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත වූ සැණකෙළි අවලංගු කර ඇත.
බොහෝ දෙනෙක් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා හෙළා දැක ඇති ඇත.ජනාධිපති මොයිස් විසින් විපක්ෂය සමඟ සාකච්ඡාවක් පැවැත්වීම අවශ්‍ය බව පවසා ඇති නමුත් විපක්ෂය ඔහු ප්‍රතික්ෂේප කර ඇත.
63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd