IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිම කුණාටුවක් ඇමෙරිකා ජනජිවීත අඩාල කරයි

හිම කුණාටුවක බලපෑම හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවක ජනජීවිතය අඩාලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

නිව්යෝර්ක්, නිව්ජර්සි, පිලඩෙල්ෆියා  වැනි නගර සඳහා මේ හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවී ඇති අතර මිඩ්ල්ටවුන්, මිල්ෆොර්ඩ්, කාමෙල්, ටොරින්ටන් ප්‍රදේශ වලට අඟල් 12 -24 දක්වා ඝනකමකට හිම පතිතවී ඇතැයිද එම  වාර්තා සදහන් කරයි.

මෙම තත්වය නිසා ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර, ගුවන් ගමන් 2400 පමණ මේවන විටත් අවලංගුකර ගුවන් තොටුපළවල් කිහිපයක්ද වසාදමා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

එසේ වසා දමා ඇති ගුවන් තොටුපළක් වන  නිවාර්ක් ගුවන්තොටුපොළේ දිනකට ගුවන් ගමන් වාර 650 පමණ සාමාන්‍යයෙන් ක්‍රියාත්මකවන අතර එම සියලුම ගුවන් ගමන් නවතා දමා ගුවන් තොටුපළද වසා දමා තිබේ.

මේ අතර ජෝන් එෆ්.කෙනඩි ජාත්‍යන්තර  ගුවන්තොටුපළේ ගුවන්ගමන් වාර 467 සහ ල ගුඅර්ඩ්යා ගුවන්තොටුපලේ ගුවන්ගමන් වාර 587 ද අවලංගු කර තිබේ.

එරට කාලගුණ වාර්තා සදහන් කරන්නේ ඉදිරි දින කිහිපයේද හිම පතනයේ අඩුවක් අපේක්ෂා කළ නොහැකි බවයි.

දැනට වඩාත් හිම පතනයන් සහිත ප්‍රදේශ ජනාකීර්ණ ප්‍රදේශ වීමත් විදුලිබලයද එම ප්‍රදේශවල විසන්ධි වී තිබීමත් ජනතාවට අහිතකර ලෙස බලපෑ ඇති බව එම වාර්තා සදහන් කරයි.

මෙම තත්වය නිසා ෆිලඩෙල්ෆියාවේ සහ නිව්ජේර්සි ප්‍රාන්තවල දුම්රිය ගමන්වාර 50 කට අධික ප්‍රමාණයක් අවලංගු කිරීමට කටයුතුකර ඇති අතර කාලසටහනකට අනුව  දුම්රිය ධාවනය නොකරන බවද සදහන් කරයි.

මෙම තත්වයන් නිසා ෆිලඩෙල්ෆියාවේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.
 
(255) 



අදහස් (1)

හිම කුණාටුවක් ඇමෙරිකා ජනජිවීත අඩාල කරයි

hesa Thursday, 08 March 2018 08:58 PM

අනේ හිම කුණාටුවක් ලංකාවටත් එනව නම්. මිනිස්සු ගෙවල් වලට වෙලා ඉඳීවි

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1043 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site