පලස්තීනයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙකක් වූ හමාස් සහ ෆාටා යන සංවිධාන දශක ගණනක් තිස්සේ පැවැති බෙදීම් හා ගැටුම් පසෙකළා සාම ගිවිසුමකට අත්සන් තැබීය.
 
ඊජිප්තුවේ කයිරෝ නුවරදී හමාස් හා ෆාටා සංවිධාන දෙක එලෙස සංහිඳියාව වෙත ගමන් කරමින් ගිවිසුමකට එළැඹි අතර ඒ අනුව ගාසා තීරයේ පරිපාලන කටයුතු ෆාටා සංවිධානයේ සහාය හිමි සමගි ආණ්ඩුවට හිමිවනු ඇත. 
 
ඊජිප්තුව ෆාටා සංවිධානය සහ හමාස් සංවිධානය අතර මෙම ගිවිසුම අත්සන් තැබීමේ ක්‍රියාවලියේ මැදිහත් පාර්ශවය ලෙසින් කටයුතු කළේය. 
 
හමාස් හා ෆාටා යන සංවිධාන දෙක අතරේ 2007 වසරේ දී ඇති වූ දරුණු ගැටුම් හේතුවෙන් පලස්තීන ජාතිකයන් ජීවත් වූ ගාසා තීරයේ හා බටහිර ඉවුරේ පරිපාලන කටයුතු  වෙන වෙනම සිදුවිය. 
 
ඒ.එෆ්.පී/රොයිටර් 055