IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිමාලයේ ග්ලැසියර දියවීමෙන් ඉන්දියාවේ නගර කීපයකට අනතුරු ඇඟවීම්

හිමාලයේ ග්ලැසියර දියවීම නිසා මෙම සියවස අවසානයේ දී ඉන්දියාවේ වෙරළබඩ නගර වන කල්කටා, මුම්බායි, සුරත් සහ චෙන්නායි යන නගර ආශ්‍රිතව මුහුදු මට්ටම ඉහළ යෑමේ දැඩි අවදානමක් ඇතැයි ද උතුරු ඉන්දියාවේ තවත් ප්‍රදේශ රැසකට ජල අර්බුදවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. 


අන් කිසිදු දිනෙක සිදු නොවූ අයුරින් මුහුදු මට්ටම් ඉහළ යමින් තිබෙන අයිස්  දියවීම් හේතුවෙන් ඉතා වේගයෙන් ඉහළ යන මුහුදු මට්ටම් වසර 2100 වනවිට මීටරයකින් ඉහළ යනු ඇති බවත් දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය සඳහන් කරයි.
 

මුහුදු මට්ටම් ඉහළ යෑම නිසා ගෝලීය බිලියන 1.4ක ජනතාවකට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද එම මණ්ඩලය විශේෂ වාර්තාව නිකුත් කරමින් අනතුරු අඟවා ඇත. 


එම වාර්තාවට අනුව ඉන්දියාවේ ඉහත කී නගර ඇතුළුව වරාය නගර 45ක් මුහුදු මට්ටම ඉහළ යෑම නිසා ගංවතුරට අවදානමට මුහුණ පා සිටි. සෙන්ටිමීටර 50කින් මුහුදු මට්ටම ඉහළ යෑම වුවද දරුණු ගංවතුර තත්ත්වවලට හේතුවන එම වාර්තාව පෙන්වාදෙයි.
අතීතයේදී සෑම සියවසකටම එක් වරක් මුහුදු මට්ටම දරුණු ලෙස ඉහළ ගිය බවත් මේ සියවසේ මැද සිට එය සෑම වසරකදීම සිදුවනු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව කුඩා දූපත් සහ මුහුදු මට්ටමට අඩු හෝ ඊට සමාන හෝ මට්ටමක තිබෙන වෙරළ නගර දැඩි අවදානමකට මුහුණ දෙනු ඇත. 


ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නිසා, සාගරවලට උෂණ්තවය ඉහළ යෑම නිසා මුහුදු මට්ටම ඉහළ යන බවත් එම නිසා සාගර ජීවය මරණයට පත්වීමෙන් මුහුදු ආහාර අර්බුදයක් ද නිර්මාණය වනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. 1982 සිට 2016 දක්වා කාලයේදී සාගර මතුපිට අධික ග්‍රීෂ්මය ඇතිවීමේ වේගය දෙගුණ වී ඇතැයි ද වාර්තාවේ සඳහන් වේ. 


පර්යේෂණ වාර්තා 7,000ක් අදාළ කරගනිමින් මෙම විශේෂ වාර්තාව සකසා තිබෙන අතර හිම දියවන වේගය වෙනදාටත් වඩා වී තිබෙන බවත් කලින් දැන සිටි ආකාරයට වඩා වැඩි වේගයකින් මුහුදු මට්ටම ඉහළ යන බවටත් තවදුරටත් අනතුරු අඟවා ඇත.

ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි 

ඡායාරූපය - ඒ.එෆ්.පී

055 

 



අදහස් (1)

හිමාලයේ ග්ලැසියර දියවීමෙන් ඉන්දියාවේ නගර කීපයකට අනතුරු ඇඟවීම්

mahinda Saturday, 28 September 2019 01:19 AM

ව්‍යාපාරිකයන් කියන්නේ අද සල්ලි හම්බ කරලා අද ජීවත් වෙන්න හදන අය... හෙට අපිට ඉන්න තැනක් තියනවද කියලා හිතන්න බැහැ. උදාහරණයකට ලංකාවේ වැලි ගොඩදානවා.. ගස් කපන අය හිතන්නේ නැහැ හෙට වැස්ස තියෙයිද, බොන්න වතුර තියෙයිද කියලා..

:       0       209

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site