අබුඩාබිහි අධිකරණ කටයුතු සඳහා භාවිත කරන තෙවන නිල භාෂාව ලෙස හින්දි භාෂාව ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
දැනට භාවිත කරන ඉංග්‍රීසි සහ අරාබි භාෂා දෙකට අමතරව මෙම භාෂාව ඇතුළත් කර ඇත.
යුක්තිය සඳහා වන ප්‍රවේශ දියුණු කිරීමේ අරමුණින් අබුඩාබිහි අධිකරණය විසින් මෙම පියවර ගෙන ඇත.
අරාබි සහ ඉංග්‍රීසි භාෂාවලට අමතරව හින්දු භාෂාව ඇතුළත් කිරීම කම්කරු නඩු විසදීමේදී වඩා වැදගත් බව අබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුව පැවසුවේය.
නිල සංඛ්‍යා ලේඛනවලට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ඉන්දියානු ප්‍රජාව මිලියන 2.6 කි.
මුළු ජනගහනයෙන් 30 % ක් වන අතර එරටේ සිටින විශාලම විදේශීය ප්‍රජාව වන්නේ ඉන්දියානුවන්ය.
(63226)
COMMENTS
කොහෙන්දෝ ආපු කම්කරුවන් කතා කරන හින්දියට ඔයතරම් තැන දෙන අබුඩාබිය අවුරුදු දහස් ගණනක් පුරාම ලංකාවේ ජීවත්වෙන මෙරටේම උපන් දෙමළ අයගේ භාෂාව වන දෙමළට ලංකාවේ තවම හරියට තැනක් දෙන්නේ නැත්තෙ?ලෝකයේ පලවෙනි භාෂාව වන්නේත් දෙමල කියන එක මෙරටේ කීයෙන් කීදෙනේකුටද දන්නේ?
arschfikaa ඔයාටත් අමතක වුනා නේද මේ රටට දෙමළ මිනිස්සු ආවේත් ඉන්දියාවෙත් වුනු අාක්‍රමණ නිසා බව.. අනෙක් එක දෙමළ භාෂාවට නැති තැන මොකක්ද ලංකාවේ සෑම පලාතකම පලාත් භාෂාවක් වගේම ලංකාවේ එක් රාජ්‍ය භාෂාවක්. සිංහල භාෂාවට උතුරු පලාතේ. තැනක් තියෙනවාද.. නොදන්න දේවල් කතා නොකර ඉන්න එක හොදයි.. නැත්නම් දැනුම ගැන ප්‍රශ්නයක් ඇති වෙනවා..